Breaking News
Home / පුවත් (page 33)

පුවත්

පුවත්

නීති විරෝධී මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහට තර්ජන. පොලිසිය නිහඩයි!

Untitled-2

නීති විරෝධී මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සහ ඔවුන් සමග සම්බන්ධතා පවත්වන දේශපාලඥයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමේ ප්‍රතිවිපාකයක් ලෙස සිය පවුලේ සාමාජිකයින්ට සහ තමන්ට මරණීය තර්ජන එල්ල වෙමින් තිබෙන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ පවසයි. තමන්ට මුහුණ දීමට සිදුව ඇති තත්වය විස්තර කරමින් වෛද්‍ය නිලංග සමරසිංහ කියා ...

Read More »

සිරියාවේ මුස්ලිම් මුලධර්ම වාදියෙකු ලෙස සටන් කොට ශ්‍රීලාංකිකයෙකු මියයයි.

1434897679-isis-bandiere

අයි එස් සටන්කරුවකු බවට සැළකෙන සිරියා රජයට එරෙහිව අයි එස් සටන්කරුවන් ගෙන ගිය සටනකදී ගුවන් ප්‍රහාරයකින් දින කිහිපයකට පෙර මිය ගිය ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. කරාටේ කළු පටි ලැබූ ගලේවෙල ශ්‍රීලාංකිකයකු වන මොහු මෙලෙස සිරියාවේදී ගුවන් ප්‍රහාරයකින් මිය ගිය බව ඔහුගේ ඥතීන් පවසයි. ෆේස්බුක් සමාජ වෙබ් අඩවිවල එම සිද්ධිය වාර්තා ...

Read More »

ආණ්ඩුවේ ආයතන රක්ෂණය පෞද්ගලික අංශයට.

Can-my-insurance-company-refuse-me-coverage

රජයේ ආයතනවල ව්‍යාපෘති, යන්ත්‍රෝපකරණ හා වාහන ආදිය රක්‍ෂණය කිරීම පුද්ගලික අංශයෙන් සිදු කිරීමට මහා භාණ්ඩාගාරය විසින් නව චක‍්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ අනුව මෙතෙක් ශ‍්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව ඇතුලූ රජයේ හිමිකාරීත්වය සහිත රක්‍ෂණ ආයතන විසින් ආවරණය කරනු ලැබූ ආයතනවල රක්‍ෂණණ අවස්ථා පුද්ගලික අංශය වෙත යොමු කෙරෙනු ඇත. රජයේ ආයතනයන් මෙරට ...

Read More »

ජන්ද පත්‍රිකා මුද්‍රණයේදි දිගම ජන්ද පත්‍රිකාව මඩකළපුවට.

Untitled-2

2015 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දිස්ති‍්‍රක්ක 10ක ඡන්ද පති‍්‍රකා මුද්‍රණය කිරීම මේ වන විට අවසන් අදියරයේ පවතිනවා. රජයේ මුද්‍රණාලයාධිපති ගාමිණී ෆොන්සේකා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ පසුගිය 15 වැනිදා සිට ඡන්ද පති‍්‍රකා මුද්‍රණය කිරීම ආරම්භ කළ බවයි. මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් දිස්ති‍්‍රක්ක 18ක ඡන්ද පති‍්‍රකාවල අඩංගු කරුණු ලබාදී තිබෙනවා. මේ අතර, මෙවර වැඩිම ...

Read More »

මියයන මිනිසුන් හරහා ජිවත්වන්නවුන්ට ආයුෂ දෙන ජීවමාන දෙවිවරු.

ccc2

මියයන මිනිසුන් හරහා ජිවත්වන්නවුන්ට ආයුෂ දෙන ජීවමාන දෙවිවරු. එවන් විස්මයජනක ශල්‍යකර්මයක් පසුගිය දිනෙක මහනුවර ශික්ෂණ මහ රෝහලේ වකුගඩු ඒකක ශල්‍යාගාරයේදී සිදු කෙරිණි. එහිදී සිදුවූයේ මොළය මිය ගොස් කෘත්‍රිම ශ්වසන උපකරණයට සවිකොට සිටි මවකගේ වකුගඩු දෙක, වකුගඩු අකර්මණ්‍ය වී ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටි දෙදෙනෙකුට බද්ධ කිරීමයි. එකී කර්තව්‍යයට මොළය ...

Read More »

තාරකා විද්වතුන් පුදුම කරමින් ආලෝක වර්ෂ 200 ක් ඈතින් බ්‍රහස්පතිගේ නිවුන් සොහොයුරෙකු හමුවෙයි!

50 Curiosidades sobre o Universo - Skylab - 3

බ්‍රහස්පති ග‍්‍රහයාට බෙහෙවින් සමාන නව ග්‍රහලෝකයක් සොයා ගැනීමත් සමඟ අපේ සූර්යග්‍රහ මණ්ඩලයට සමාන තවත් ග්‍රහ මඩුලූ පවතින බව තහවුරු වන්නේ යැයි තාරකා විද්‍යාඥයන් පිරිසක් පුදුමයටත් මන්දානන්දයටත් පත්වෙමින් පෙන්වා දෙනවා. ක්ෂර පථයේ කෙළවර පෘථිවයට ආලෝක වර්ෂ 200 ක් ඈතින් බ්‍රහස්පතිගේ මෙම නිවුන් සොහොයුරා සොයා ගෙන ඇති අතර එය වෙනත් සුර්ය්‍යයක් වටා පරිභ්‍රමණය ...

Read More »

පුනුරුත්තාපනය වු එල්.ටි.ටි.ඊ සාමාජිකයින්ට ස්වයං රෑකියා සදහා මුදල් ප්‍රධානය කෙරේ.

1413194407397_wps_31_Sri_lankan_ethnic_Tamil_s

උතුරේ දේශපාලන සිරකරුවන්ගේ පවුල් වල ඥාතීන්ට සහ එල්.ටී.ටී.ඊ.සංවිධානයේ සිට මිය ගිය සාමාජිකයින්ගේ පවුල් වලට ආධාර කිරීම සදහා විශේෂ සහන ව්‍යාපෘතියක් ආරම්භ වෙයි. රුපියල් මිලියන 46 ක වියදමකින් එම ව්‍යාපෘතිය උතුරු පළාත් සභාව විසින් ආරම්භ කළ බව පළාත් කෘෂිකර්ම අමාත්‍ය පී.ඩෙනීස්වරන් පැවසුවේය.එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිට පසුව පුනරුත්ථාපනය වූ සාමාජිකයින්ටද සහන ලබා ගැනීමට ...

Read More »

Toyota සමාගම හයිබි‍්‍රඞ් මෝටර් රථවල තාක්ෂණ දෝස පවතින බව පිළිගනී.

තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් ලොව පුරා අලෙවි කරනු ලැබූ හයිබි‍්‍රඞ් මෝටර් රථ 625000ක් ආපසු කැඳවීමට ටොයෝටා සමාගම තීරණය කර  ඇතැයි වාර්තා වේ. නිවේදනයක් නිකුත් කළ ජපාන ටොයෝටා සමාගම පවසා ඇත්තේ බල පරිවර්තකයක් මෙහෙයවනු ලබන මෘදුකාංගයක දෝෂයක් හේතුවෙන් ඇතැම් අවස්ථාවලදී මෝටර් රථය හදිසියේ නවතින බවට වාර්තාවී ඇති බවයි. මෙවැනිම සිදුවීමක් හේතුවෙන් පසුගිය ...

Read More »

බ්‍රිතාන්‍යයේ VIRGIN GROUP ‘වර්ජින් ගෘප්’ ශ්‍රී ලංකාවේ දෑවෑන්ත ආයෝජනයකට සෑරසේ.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට හා මෙරට ආයෝජකයන් ඉහළ දැමීමේ අරමුණින් බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකු වන සර් රිචඩ් බ්‍රැන්සන් හට ශ්‍රී ලංකාවේ සංචාරයකට රජය  ආරාධනා කර තිබේ.  වාර්තා වන අන්දමට එහි සම්බන්ධීකරණ කටයුතු සිදු කර ඇත්තේ හිටපු කොමර්ෂල් බැංකුවේ සභාපති හා ‘JAT හෝල්ඩිංග්ස්’ හි සභාපතිවරයා වන හා රිචඩ් බ්‍රැන්සන් මහතාගේ මිත්‍රයෙකු වූ දිනේෂ්     ...

Read More »

ලෝකයේ අධික ණය බරින් පෙළෙන රටවල් විසිපහ අතර ශ්‍රී ලංකාවත් බ්‍රිතාන්‍යයේ THE GUARDIAN සගරාව කියයි.

පැවති රජය ඉවක් බවක් නොමැතිව විදේශීය රටවලින් ණය මුදල් රැගෙන අපේ රට උග්‍ර අර්බුදයකට පත්කර තිබෙන බව කදිමට සනාථ කෙරෙන ලිපියක් බ්‍රිතාන්‍යයේ ගාඩියන් සඟරාවේ දක්වා තිබෙයි. ජාත්‍යන්තරයෙන් ණය මුදල් ලබාගෙන ඉහළ අවදානම් තත්ත්වයට පත්වීගෙන යන රටවල් දහහතරට ශ්‍රී ලංකාව අයත් වන බව ගාඩියන් සඟරාවේ ජුබිලි ව්‍යාපාර නමැති ලිපියේ සඳහන් වෙයි. ...

Read More »