Breaking News
Home / ප්‍රධාන පුවත් (page 42)

ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත්

හිටපු ජනාධිපති අල්ලස් කොමිසමට කැඳවීම පිළිබඳ ව්‍යාකූල තත්වයක්!

mahinda-with-maithripala-sirisena

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවීම පිළිබඳව පාර්ලිමේන්තුවේ හටගත් ව්‍යාකූල තත්වය හමුවේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරය යලිත් වරක් වෙනස් වී ඇත්දැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ අවධානය පළ වූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. 19 වැනි සහ 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තුවේ ...

Read More »

ආණ්ඩුව ස්ථාවර තෑන්පත්වලටත් අත තියයි.

සියලුම ගිණුම් හිමියන්ගෙන් ඔවුන්ට බැංකු හෝ මූල්‍ය සමාගම් විසින් ලබාදෙන පොලියෙන් සියයට 2.5 ක් ආපසු රජය විසින් අයකර ගැනීමට ගෙන ඇති තීරණය නිසා ස්ථාවර තැන්පතු හිමියන් දැඩි අපහසුතාවකට පත්වී ඇත. 18% ක් පමණ වූ ස්ථාවර තැන්පතු පොලී ප්‍රතිශතය මේ වන විට 7% ක් 7.5% ක් පමණ දක්වා පහළ බැස ඇති අතර ...

Read More »

මීලග පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවක් වෙයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැර මීළඟ ඡන්දයෙන් බලයට පත්වන පක්ෂවල හා තේරී පත්වන මන්ත්‍රීවරුන් සියලු දෙනා එක්වී පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවක් ලෙස කටයුතු කරන්නට ක්‍රමයක් සකස් කරන බව අධිකරණ හා කම්කරු ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. රටට ඔබින නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගැනීම සඳහා මීළඟ පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරු ...

Read More »

බීලා මැරෙන වැඩිම රට ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවේ මද්‍යසාර භාවිතය පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්‌ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ලංකාව තුළ පිරිමින් අතර සිරෝසිස්‌ මරණ අනුපාතය 100,000 කට 33.4 ක්‌ වන අතර එය ඒ පිළිබඳව ලොව ඉහළම අනුපාතය වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. රටේ පවතින සිය දිවි නසා ගැනීම් හා සිතා මතා සිදු කර ගැනෙන ...

Read More »

19 වෑනි ව්‍යවස්ථා සම්මතවිමේන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා – ජනාධිපතිතුමා කියයි

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ දහනව වැනි සංශෝධනය ලබන විසිවැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට සම්මත කර ගැනීමෙන් පසුව මහ මැතිවරණයක්‌ සඳහා පාර්ලිමේන්තුව විසුරුවන්නට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පොළොන්නරුවේදී පැවැසීය.මේ දිනවල දේශපාලන ක්‍ෂේත්‍රයේ සහ පාර්ලිමේන්තුව තුළ ඇතිවී තිබෙන හැල හැප්පීම්, අවුල් සහගත තත්ත්වය ඉදිරි මහ මැතිවරණයත් සමඟ අවසන් වනු ඇති බවද ජනාධිපතිවරයා කීය. ...

Read More »

යෝජනාවන ජන්ද ක්‍රමය දේශපාලන පක්ෂ අතර මත බේදයට!

යෝජිත නව මැතිවරණ ක්‍රමය සහ එළඹෙන මහ මැතිවරණය පැවැත්වෙන කාල රාමුව සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ තුන අතර ‘කඹ ඇදීමක්’ උද්ගතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.‍ නව මැතිවරණ ක්‍රමය යටතේ තේරී පත්වන පාර්ලිමේන්තුව ආසන 250 කින් සමන්විත විය යුතු බවට ප්‍රධාන දේශපාලන පක්ෂ අතර එකඟතාවක් ඇතත් එම ආසන 250 සෑදෙන අන්දම ...

Read More »

සා.පෙළ ගණිතය-ඉංග්‍රීසි සියයට පනහක් අසමත්!

මෙවර සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලට අනුව ප්‍රථම වතාවට විභාගයට පෙනී සිටි පාසල් අයැදුම්කරුවන් අතරින් සියයකට 50 කට ආසන්න පිරිසක් ගණිතය හා ඉංග්‍රීසි විෂ‍යයන්ගෙන් අසමත්ව ඇත. විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවැසුයේ පළමු වතාවට විභාගයට පෙනී සිටි පාසල් අයැදුම්කරුවන්ගෙන් ගණිත විෂය 145602 දෙනකු සමත්ව ඇති අතර 111198 දෙනකු ගණිතය ...

Read More »

ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදී දූෂණ චෝදනා එල්ලකොට අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

images

ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදී දූෂණ චෝදනා එල්ලකොට අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා. උන් වහන්සේ මේ බව පැවසූවේ නාරාහේන්පිට අභයාරාමයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය. යුද අපරාධ චෝදනා එල්ලකොට ඔහු අත්අඩංගුවට ගත්තොත් ඔහු ජාතික වීරයෙකු වනව. මේ නිසා ...

Read More »

ශ්‍රී ලංකාවට දඬුවම් ඉල්ලා උතුරේ මන්ත්‍රීන්ගෙන් පෙත්සමක්‌

යුද අපරාධ සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර යුද අධිකරණය මගින් දඬුවම් කළයුතු බවට බලකර සිටීමේ ජනතා පෙත්සමකට අත්සන් ගැනීමේ ව්‍යාපාරයක්‌ උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරු කිහිප දෙනකු විසින් ආරම්භ කර ඇත. මෙම ජනතා පෙත්සම කඩිනමින් ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත භාරදීම ඊට මුල්වී  කටයුතු කරන උතුරු පළාත් සභාවේ මන්ත්‍රී එම්. ...

Read More »

විදෙස් රටවල පුරවෑසිකම ලද ශ්‍රි ලාංකික්යින්ට දිත්ව පුරවෑසිකම ප්‍රධාන කෙරේ

මෙරට ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා සුදුසුකම් ලැබීමේ නිර්නායක හයක්‌ මහජන සාමය, ආපදා කළමනාකරණ හා ක්‍රිස්‌තියානි කටයුතු අමාත්‍ය ජොන් අමරතුංග මහතා විසින් කෙටුම්පත් කර ඇත. වෘත්තීය සුදුසුකම් හෝ අධ්‍යාපන සුදුසුකම් තිබීම, ශ්‍රී ලංකාව තුළ රුපියල් මිලියන5 ක හෝ ඊට වැඩි වටිනාකමකින් යුත් නිශ්චල දේපළ හිමිකම තිබීම, ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමත ...

Read More »