Breaking News
Home / ප්‍රධාන පුවත් (page 20)

ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පොලිස් පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකා යුද හමුදා සහය නවතී.

untitled-2

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාළ පොලිස් පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව නිසි සහයෝගය නොදෙන බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසීය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනෙකු ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලු අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරල් සරත් ජයමාන්න මේ බව අධිකරණයට ...

Read More »

සියදිවි නසා ගැනීම් වාර්තාකරණය සම්බන්ධයෙන් රටේ පවතින නීතිරීති ද සැලකිල්ලට ගත යුතුයි! රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

images

තරුණයකු සිය දිවි නසා ගැනීමේ දර්ශන සහිත පුවතක් විකාශය කිරීම තුළින් ඇතැම් පෞද්ගලික රූපවාහිනී ආයතන මාධ්‍ය ආචාරධර්ම ‘අමු අමුවේ’ උල්ලංඝනය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. අන්තර්ජාතික මාධ්‍ය රීතීන්ට අනුකූලව රූප රාමු බොඳ කර හෝ නොකොර එවැනි අති සංවේදී දර්ශන ප්‍රසිද්ධියේ විකාශය කිරීම ශිෂ්ට සමාජයක සිදු නොවිය යුතු බව ...

Read More »

වසර අවසානයට පෙර ‘එට්කා’ අත්සන් තබනවා -රනිල්

untitled-1

මෙම වසර අවසන් වීමට පෙර ඉන්දියාව සමඟ ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුමට (ETCA) අත්සන් තබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. දිල්ලි නුවර දී ඔහු මේ බව කියා සිටියේ ලෝක ආර්ථික සමුළුව විසින් සංවිධානය කරන ලද ඉන්දීය ආර්ථික සමුළුවේ මුඛ්‍ය දේශනය පවත්වමිනි. මෙහිදී අගමැතිවරයා තව දුරටත් කියා සිටියේ වසර 2020 වන විට ...

Read More »

කළාපීය ආරක්ෂාව පිළිබද කතාකරන්නට ගෝඨාභය චීනයට!

gotae1341974562542

චීනයේ පෑවෑත්වෙන ආසියානු කළපයේ ආරක්ෂක සමුළුවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගිවන ලෙස චීන රජයෙන් ඇරයුම් ලැබි තිබේ. කළාපයේ ආරක්ෂාව පිළිබද සහ අන්තර් ජාතික ආරක්ෂක අභියෝග පිළිබද සෑළකිළිමත් වන මෙම සමුළුව සදහා ලෝකයේ යුද සහ සංග්‍රාමික අත්දෑකිම් බහුල හමුදා සහ විද්වතුන් රෑසක් සහභාගිවිමට නියමිත අතර කළාපීය ...

Read More »

නව ඉසඩ් ක්‍රමයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය අවුලක!

banner3

විශ්වවිද්‍යාල ප්‍රවේශ ඉසඩ් ලකුණු නිකුත් කිරීමේ නව ක්‍රමවේදය නිසා වැඩි ඉසඩ් ලකුණු ලබා සිටින සිසුන් රැසකට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ අවස්‌ථාව අහිමි වන තත්ත්වයක්‌ උද්ගත වී ඇත. මීට පෙර වසරවලදී ඒ ඒ උපාධි පාඨමාලාවන්ට අදාළව පොදුවේ ඉසඩ් ලකුණු නිකුත් කළ නමුත් මෙවර ඒ ඒ විශ්වවිද්‍යාලවල පවතින උපාධි පාඨමාලාවන්ට අදාළව වෙන වෙනම ...

Read More »

හදිසි මැතිවරණ තුනක්!

untitled-2

හදිසි මැතිවරණ තුනකට මුහුණදීම සඳහා මැතිවරණ කොමිසම සිය කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. රට පුරා ඡන්ද මධ්‍යස්‌ථාන තේරීම හා ඒවා පරීක්‍ෂා කිරීමේ කටයුතු මීට දින කීපයකට පෙර ආරම්භ කළ බව මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌  පැවසීය. එමෙන්ම පාසල් නිවාඩු කාලය අවසන් වීමෙන් පසුව මැතිවරණ රාජකාරි සඳහා යොදවනු ලබන නිලධාරීන් පිළිබඳ ...

Read More »

කොළඹ කුණු හමුදාවට සහ පොලිසියට භාර දෙයි!

download

කොළඹ නගරය හා සදාසන් ප්‍රදේශවල අවිධිමත් ලෙස බැහැර කර ඇති සියලු කැලිකසළ මේ මාසය තුළ ඉවත් කර දැමීමට ආරක්ෂක හමුදාව සහ පොලිසිය එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර ඇත. මේ මාසය නිමා වන විට නාගරික පිරිසිදු භාවය කොළඹ ඇතුළු සදාසන්න ප්‍රදේශවල ඇති කිරීම මෙහි එක් අරමුණක් වන අතර මින් ඉදිරියට අවිධිමත් ලෙස කසළ ...

Read More »

දිනකට වාහන 1858ක් අලුතින් මහා මාර්ගයට!

asia-thailand-bangkok-traffic-jam-traffic-congestion-road-roads-car-C8FBJT

දිනකට වාහන 1858ක් අලුතින් මහා මාර්ගයට එකතු වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය වසරේදී පමණක් අලුතින් වාහන 668907ක් ලියාපදිංචි කර ඇත. මේ අතුරින් මෝටර් රථ 105628ක්, ත්‍රිරෝද රථ 129547ක්, යතුරුපැදි 370889ක්, මෝටර් කෝච් 4140ක්, කැබ් රථ 26899ක්, ද්විත්ව-කාර්ය වාහන 12557ක්, ලොරි රථ 5356ක් හා ට්රැක්ටර් 9977ක් ලියාපදිංචි කර ...

Read More »

පාර්ලිමේන්තු මංත්‍රීවරයෙකුට වාහනයක් සදහා ලබාදුන් ලක්ෂ 280 ක මුදලට අමතරව තවත් ලක්ෂ දෙසීයයක්!

new-vehicles-i8-6

පාර්ලිමේනතුව නියෝජනය කරන සියළුම මංත්‍රීවරුන් වෙනුවෙන් යහපාළන ආණ්ඩුව විසින් ලබාදුන් රුපියල් ලක්ෂ 280 ක තීරුබදු සහනයට අමතරව රුපියල් ලක්ෂ 200 ක සහනදායි ණය මුදලක් ලබා දිමට මුදල් අමාත්‍යංශය පියවරගෙන තිබේ. ලබා දී ඇති බදු සහනයට අමතරව තවත් රුපියල් කොටී දෙසීයක් මේ අනුව රටේ ජනතාව බර ලෙස පැටවෙන බව මීට විරුද්ධව ...

Read More »

යුරෝපා හවුල විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබුණ මත්ස්‍ය නිෂ්පාදන අපනයන තහංචිය ඉවත් කරයි.

images

ශ්‍රී ලංකාව නීති විරෝධී සහ පාලනයක් නොමැති ධීවර ව්‍යාපාර වලට විරුද්ධව ගෙන යන සටනට සහයෝගය නොදුන් රටක් හැටියට යුරෝපා හවුල් විසින් ලැයිස්තු ගත කර තිබුණ අතර දැන් එය එම ලැයිස්තුවෙන් ඉවත් කරනු ලැබ ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි. අගමැතිවරයා එම ප්‍රකාශය කළේ යුරෝපා හවුල විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පනවා ...

Read More »