Breaking News
Home / ක්‍රීඩා (page 28)

ක්‍රීඩා

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ලබන නොවැම්බර්-දෙසැම්බර් අතර කාලයේ ඉන්දියාවේ ගුවහාතී හා ෂීලොන්ග් නගරවලදී

the_national_decathlon_champion6 (1)

දෙවරක් කල්දැමුණු දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ලබන නොවැම්බර්-දෙසැම්බර් අතර කාලයේ ඉන්දියාවේ ගුවහාතී හා ෂීලොන්ග් නගරවලදී පැවැත්වීමට එරට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කරයි. ඉන්දීය ඔලිම්පික් කමිටුව කරන ලද ඉල්ලීමක් සලකා බලා මේ අනුමැතිය ලබාදුන් බව ඉන්දීය ඔලිම්පික් කමිටු ලේකම් රජීව් මෙහෙටා මාධ්‍ය වෙත දැනුම්දී ඇත. දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පවත්වන දිනය ඉදිරියේ ...

Read More »

ජාත්‍යන්තර තරගවලදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7කට හා පුහුණුකරුවන්ට රුපියල් ලක්ෂ 42ක මුදල් තෑගි පිරිනැමෙයි.

11062015_130784948434400065_svg_cmy

උපහාර ලැබූ ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ ක්‍රීඩා ඇමැති නවීන් දිසා­නා­යක මහතා සමග. ජාත්‍යන්තර තරගවලදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7කට හා පුහුණුකරුවන්ට රුපියල් ලක්ෂ 42ක මුදල් තෑගි පිරිනැමෙයි. සංචාරක හා ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැති මේ උපහාර පිදීමේ උළෙල ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වුණි. ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ...

Read More »

ශ්‍රී ලංකා මළල ක්‍රිඩා සංගමයට ජගත් වාරණයක්!

Sugathadasa-Stadium

මෙරට ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 25 දරණ පනතින් ස්ථාපිත ක්‍රිඩා පනතට අනුකුලව පවත්වාගෙන යමින් තිබෙන ශ්‍රී ලංකා මළල ක්‍රිඩා සංගමය ජාත්‍යන්තර මළල ක්‍රිඩා සංවිධානයට අනුගත නීතී රීති වලින් පටහෑනිව ක්‍රියා කෙරෙන බව පෙන්වා දෙමින් එහි පරිපාලන නීතීන් වහා සංශෝධනයට ලක්කරණ ලෙස හතරවතාවක් කෙරෙණු ඉල්ලීම් නොසළකා හෑරීම උදෙසා ජගත් මළල ...

Read More »

ක්‍රිකට් විකාශන අයිතිය ජාතික රුපවාහිනියට.

Untitled-1

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග වදින ජාත්‍යන්තර ක්‍රිකට් තරග ශ්‍රී ලංකාව තුළ විකාශනය කිරීමේ නිල අයිතිය ජාතික රූපවාහිනී සංස්ථාවට ලබාදීමට ක්‍රිකට් අතුරු කමිටුව තීරණය කොට තිබේ. ඉදිරි වසර තුනක කාල සීමාව තුළ ජාතික ක්‍රිකට් පිල මෙරට සහභාගී වන ක්‍රිකට් තරග විකාශන අයිතිය ජාතික රූපවාහිනියට ලබාදීම සම්බන්ධව මේ වනවිට විවිධ මත ...

Read More »

ඈමරිකානු බලපෑම් වලට පෞද්ගලිකව මුහුණ දිම සදහා ජගත් පාපන්දු සම්මේලනයේ (ෆිෆා) සභාපති සෙප් බ්ලැටර් තනතුරෙන් ඉවත්වෙයි.

1.4217250

ජගත් ක්‍රීඩාවේ වඩාත්ම බලගතු පුද්ගලයා උගුලෙහි අල්ලා ගැනීමේ අමෙරිකානු පරීක්ෂණ සාර්ථක වෙමින් තිබෙන බවට වාර්තා වෙද්දී තමන්ට එරෙහිව නැගෙන විවේචනවලට යටත් වූ ජගත් පාපන්දු සම්මේලනයේ (ෆිෆා) සභාපති සෙප් බ්ලැටර් තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. විශේෂ කොංග්‍රසයක් මගින් නව නායකයෙකු තෝරා පත්කර ගන්නා තෙක් තමා සභාපති ධූරයේ කටයුතු කරන බව පැවසූ ලෝක ...

Read More »

වොලිබොල් සංගමයේ සභාපති තනතුරට දේශපාලකයෙකු පත් නොකිරිමට තීරණය කරයි.

2063402008Volley

මෑයි 15 වැනිදායින් පසු ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සෑම නිලධාරියකුම අදාළ තනතුරුවලින් ඉවත්වන බවත්, නැවත නාමයෝජනා කැඳවා නිලවරණයක්‌ පැවැත්වීමට කටයුතු යොදන බවත් එම සම්මේලනයේ ලේකම් සුසිල් රණසිංහ මහතා විසින්  ක්‍රීඩා අමාත්‍යංශයට දෑනූම් දිමට නියමිත විය. ඉන් පසුව අලුතින් නාමයෝජනා කැඳවීම පිණිස තවත් දින 40 ක්‌ද, එම නාම යෝජනා පිළිගැනීමෙන් පසු නිලවරණය පැවැත්වීමට ...

Read More »

ධාවන ශුර සුගත් තිලකරත්න මලල ක්‍රීඩා මුල් පුටුවට.

sugath-thilakarathna

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලවරණයේදී වැඩි ඡන්ද 59 කින් සභාපති තනතුර සඳහා එවක විදුලිපුර විදුලිය ලෙසින් හැඳින්වූ හිටපු ජාත්‍යන්තට මට්‌ටමේ ධාවන ශූරයකු වන සුගත් තිලකරත් මහතා තේරී පත්විය. එහිදී නව සභාපති තනතුර සඳහා තේරීපත්වුණු සුගත් තිලකරත්න මහතා සමස්‌ත ඡන්ද සංඛ්‍යාවෙන් 83 ක්‌ ලබාගත් අතර ඔහුගේ ප්‍රතිවාදියා බවට පත්වූ විශ්‍රාමලත් නියෝජ්‍ය ...

Read More »

ජාත්‍යන්තර රගර් ශ්‍රේණිගත කිරිමේදි ශ්‍රී ලංකාව ඉහළට.

Kazakhstan captain Serik Zhanseitove led his team back into contention at the HSBC A5N D1 Rugby championship in Colombo copy

ආසියානු ෆයිව් නේෂන්ස් 15 සාමාජික පළමු කොටසේ රගර් තරගාවලියේ ශූරතාව දිනූ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර 15 සාමාජික රගර් නවතම ශ්‍රේණිගත කිරීම්වල 38වැනි ස්ථානයට පත්ව සිටී. වසර 2003 ඔක්තෝබර් මාසයේ පළමුවරට හඳුන්වා දුන් මේ ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාව ලැබූ ඉහළම ස්ථානය මෙයවේ. මිට පෙර 2013 වසරේ දී ද ආසියානු ෆයිව් නේෂන්ස් ...

Read More »

ක්‍රිඩාව ගසා කන්නන්ට මගෙන් ඉඩ නෑ – ක්‍රිඩා ඈමති

Navin-

සිය අමාත්‍යංශයේ සිටින හොරුන්ගේ බලය බිඳ දැමීම පිණිස ප්‍රබල උත්සාහයක් දරමින් සිටින බව සංචාරක සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍ය නවීන් දිසානායක පවසයි. විශේෂයෙන්ම කලක් මුළුල්ලේ ක්‍රිකට් ක්‍රීඩාවට අරක් ගෙන සිටින ‘මාෆියාවට’ ‘සොරකම් කිරීමට’ ඉඩ නොදෙන බවයි, අමාත්‍යවරයා අවධාරණය කරන්නේ. එසේ එම මාෆියා කණ්ඩායම්වල බලය බිඳ දැමීමට උත්සාහ කරන විට, ඔවුන් එයට ...

Read More »

ශ්‍රී ලංකා පාපන්දු දුෂණ පොලිස්‌ මුල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසයට

images (1)

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ඉකුත් පරිපාලනය සමයේ සිදුව ඇති මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් නිකුත්ව ඇති රජයේ විගණකාධිපති වාර්තාව අනුව පොලිස්‌ මුල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසයට සහ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත පැමිණිලි කරන මෙන් ක්‍රීඩා අමාත්‍යංශය විසින් පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාට දැනුම් දී තිබේ. එම්.එස්‌/02/01/06 අංක යටතේ 2015/04/24 දාතමින් නිකුත්ව ඇති ‘ශ්‍රී ...

Read More »