Home / විශේෂාංග

විශේෂාංග

කේරළයේ ලිංගික වෙළඳාමට විකිණෙන දරුවන්

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිය දහතුන් හැවිරිදි දියණිය ලිංගික වෙළඳාමේ යෙදවූ මාපිය යුවලක් අත්අඩංගුවට ගත් බව ප්‍රාදේශීය පොලිසිය පවසයි.

පොලිසිය විසින් බේරා ගත් දැරිය මේ වන විට රජය විසින් පවත්වා ගෙන යන අනාථ නිවාසයක රැකවරණය ලබන බවයි වාර්තා වන්නේ.

දැරිය රජයේ නිලධාරීන් සමග පවසා තිබෙන්නේ සිය මව සහ සුළු පියා රැගෙන එන ගැනුම් කරුවන් සමග ලිංගිකව හැසිරීමට තමන්ට බල කරන ලද බවයි.

null

දැරියගේ මව ප්‍රවෘත්ති ආයතනයක් සමග පවසා ඇත්තේ තමන් සිය දියණිය සමග ලිංගිකව හැසිරීමට පැමිණෙන පුද්ගලයන්ගෙන් ඉන්දියානු රුපියල් තුන්දාහක් බැගින් අය කළ බවයි.

කේරළ පොලිසිය විසින් මේ වන විට දැරිය ඒ ආකාරයෙන් මිලදී ගත් ගැනුම්කරුවන් 40 දෙනාගෙන් 25 දෙනෙකු පමණ හඳුනා ගෙන තිබේ.

දැරියගේ සුළු පියා පනස් පස් වන වියේ පසුවන රියදුරෙක් වන අතර පොලිසිය පවසන්නේ ඔහු විසින් දැරියගේ ඡායාරූප පෙන්වමින් ලිංගික වෙළඳාම සඳහා ගැනුම් කරුවන් සෙවීමේ යෙදී ඇති බවයි.

2011 වසරේ ද කේරළ පොලිසිය විසින් සිය දාහත් හැවිරිදි දියණිය පුද්ගලයන් දෙසිය දෙනෙකුට ලිංගික වෙළඳාම වෙනුවෙන් අලෙවි කළ පියෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

බළලුන් මීයන් අල්ලන්නේ ‘මුත්‍රාවල රසායනයකින්

බළලුන්ගේ මුත්‍රාවල අඩංගු මේ රසායනය ළදරු මීයන් ස්පර්ශ කළ හොත්, පසු කලෙක ඔවුන්ට බළලුන් ගේ සුවඳ දැනීමේ හැකියාව අඩු වන බව පර්යේෂණයකින් හෙළි වී තිබේ

බළලුන් සහ මීයන් අතර ගැටුම බොහෝ විට දඩයම්කරු සහ ගොදුර අතර ලොව ජනප්‍රියම ගැටුමක් විය හැකියි.

ළමා කතාවලට, උපමාවලට, කවි සහ ගීත වලට පමණක් නොව මේ ගැටුම ඉතා ජනප්‍රිය කාටූන් චිත්‍රපටවලටත් පාදක වූවක්.

වසර දහස් ගණනාවක් ඈතට දිව යන, මීයන්ට එරෙහි මේ ගැටුම වෙනුවෙන් බළලුන් රසායනික ආයුධ පවා යොදාගන්නා බව දැන් හෙළි වී තිබෙනවා.

එය බළලුන්ගේ මුත්‍රාවල අඩංගු රසායනයක්.

බළලුන්ගේ මුත්‍රාවල අඩංගු මේ රසායනය ළදරු මීයන් ස්පර්ශ කළ හොත්, පසු කලෙක ඔවුන්ට බළලුන් ගේ සුවඳ දැනීමේ හැකියාව අඩු වන බව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.

චෙක් ජනරජයේ ප්‍රාග් අගනුවර පැවති, Society for Experimental Biology සංවිධානයේ වාර්ෂික සමුළුවේදීයි, මේ සොයා ගැනීම ප්‍රකාශයට පත් කෙරුණේ.

nullෆෙලිනින් නම් මෙම රසායනය ගැබිණි මීයන් ගේ දරු ගැබ ගබ්සා කිරීමට හේතු වන බව එම ආයතනයේ පර්යේෂකයෝ මීට පෙර අනාවරණය කළහ

මෙය රුසියාවේ මොස්කව් අගනුවර පිහිටි පරිණාමය සහ පරිසර විද්‍යාව පිළිබඳ ඒ එන් සෙවෙර්තොෆ් ආයතනයේ පර්යේෂකයන්ගේ නව සොයා ගැනීමක්.

ෆෙලිනින් නම් මෙම රසායනය ගැබිණි මීයන් ගේ දරු ගැබ ගබ්සා කිරීමට හේතු වන බව එම ආයතනයේ පර්යේෂකයන් මීට පෙර සොයා ගෙන තිබුණා.

මීයන්ගේ මොලයේ තිබෙන රසායන දැනීමේ නියුරෝනවලට මේ රසායනය දැනුන වහාම ආතතිය සම්බන්ධ හෝමෝන ඉහළයාම ඇතුළු ප්‍රතිචාරයක් මීයන්ගෙන් පළ වන බවයි, ආචාර්ය වේරා වොස්නෙසෙන්ස්කයා පවසන්නේ.

“මේක අවුරුදු දාස් ගානක් තිස්සේ බළලුන්ගේ සහ මීයන්ගේ පවතින දෙයක්,” ඇය පවසනවා.

එම රසායනය ස්පර්ශ කිරීමත් සමඟම මීයන්ගෙන් ඉහල ප්‍රතිචාරයක් පළ වන බව පවසන විද්‍යාඥවරිය, කෙසේ නමුත් ඔවුන්ගේ හැසිරීමේ වැඩි වෙනසක් නොවන බැවින් බළලුන්ට ඔවුන් පහසුවෙන් දඩයම් කිරීමේ අවස්ථාව හිමි වන බවත් පවසනවා.

මාසයක් වයසැති මීයන් පිරිසක් තෝරා ගත් පර්යේෂණ කණ්ඩායම සති දෙකක කාලයක් මුළුල්ලේ ඔවුන්ට එම රසායනය ආඝ්‍රාණය කිරීමට සැලැස්වුවා.

කලෙකට පසුව එම රසායනයට ඔවුන්ගේ ප්‍රතිචාරය විමසන විට මීයන් එයින් පලා යාමට එතරම් උනන්දුවක් නොදැක්වූ බවයි පර්යේෂණ කණ්ඩායමට දැකගන්නට ලැබුණේ.

විද්‍යා කටයුතු පිළිබඳ බීබීසී වාර්තාකාරිය, වික්ටෝරියා ගිල් ගේ විමසුමක සිංහල පරිවර්තනයයි මේ.

“ඔබ එනතුරු නොඉඳුල් තරුණියන් බලාගෙන ඉන්නවා

වෙළෙඳපොලේදී විකුණා දමන බව ලිංගික ප්‍රචණ්‌ඩත්වය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කර ඇති එක්‌සත් ජාතීන්ගේ සංගමයේ නියෝජිතවරිය වූ සයිනාබ් බැන්ගියුරා පවසයි. පසුගිය අප්‍රියෙල් මාසයේ ඉරාකයට හා සිරියාවට පැමිණි ඇය කාලයක්‌ තිස්‌සේ එම රටවල විමර්ශන කටයුතුවල යෙදෙමින් ඉස්‌ලාම් සටන්කාමීන් විසින් කරගෙන යනු ලබන භයංකාර ලිංගික ප්‍රචණ්‌ඩත්වය පිළිබඳව එක්‌සත් ජාතීන් හමුවේ ඉදිරිපත් කිරීම සඳහා ඒ පිළිබඳ විස්‌තර සකසමින් සිටින්නීය.

“මෙය කාන්තා සිරුර පිළිබඳව කරගෙන යනු ලබන යුද්ධයක්‌” යෑයි ඇය AFP ප්‍රවෘත්ති සේවය සමඟ පැවසුවාය.SD-SIYAPATHA-P-16-MD

මෙම සටන්කාමීන්ට හසු නොවූ එහෙත් ඔවුන්ගේ පාලනය යටතේ වූ ප්‍රදේශවල තරුණ ගැහැනු දරුවන් කාන්තාවන් සහ ආගමික හා දේශපාලන නායකයන්ද තුර්කිය, ලෙබනන් සහ ජෝර්දාන් ආදී නගරවල ජීවත්වන සරණාගතයන්ද ඇය විසින් මුණගැසුණාය.

මොවුන් විසින් නව ආක්‍රමණවලදී පැහැරගන්නා ලද ගැහැනු ළමුන් වහල් වෙළෙඳපොළ වලදී අඩු මිලට විකුණන නමුත් කී දෙනෙක්‌දැයි මෙතෙක්‌ අනාවරණය වී නැත. ගැහැනු ළමුන් සිගරැට්‌ පැකට්‌ටුවකට සමහරවිට ඩොලර් සියයකට හෝ දහසකට විකුණන බවද ඇය පැවසුවාය. මෙම තරුණියන්ගෙන් සමහරු යසිධි නම්වූ සුළු ජාතියකට අයත් අය බවද ඔවුන් අල්ලා නිරුවත් කොට, සෝදා 100 දෙනකුට වඩා ප්‍රමාණයක්‌ එක කාමරයකට දමන බවද ඉන්පසුව කාමරයෙන් එළියට ගන්නා ඔවුන් පිරිමි සමූහයක්‌ ඉදිරියේ නග්නව සිටින්නට සලස්‌වා “ඔබට මොවුන් කීයකට වටිනවාදැයි පිරිමින්ගෙන් ප්‍රශ්න කරන බවද පැවැසුවාය. වයස 15 ක දැරියක්‌ පිළිබඳ ශෝක ජනක කතාවක්‌ කී ඇය, වයස 55 ක්‌ පමණ වූ ෂීක්‌ ජාතික සටන් කාමියෙකුට මෙම දැරිය අලෙවි කළ බවද එම ෂීක්‌ ජාතිකයා තුවක්‌කුවක්‌ සහ ලී මුගුරක්‌ ඇයට පෙන්වා “උඹට ඕනෑ මෙයින් මොනවාදැයි” ප්‍රශ්න කළ බවද මට තුවක්‌කුව ඕනෑ” යයි ඇය පැවසූ විට “මම උඹව මිලයට ගත්තේ නැහැ”යි බොරුවට කියමින් “උඹට ඕනෑ නම් මෙම තුවක්‌කුවෙන් උඹටම මැරෙන්න පුළුවනි”යි කියමින් ඇයව දූෂණය කළ බවද පැවැසුවාය.

විදේශීය රටවලින් පසුගිය මාස 10 තුළ සිරියාවට සහ ඉරාකයට පැමිණ මෙම සටන්කාමීන් සමඟ එකතුවීම හොඳම උපාය බවට පත්කරගෙන ඇත්තේ ගැහැනු ළමුන් පැහැරගෙන යැමේ යෙදීමෙන් බවද ඇය සඳහන් කළාය.

සටන්කාමීන් තරුණයන් පොළඹවා ගන්නේ “ඔබ එනතුරු නොඉඳුල් තරුණියන් බලාගෙන ඉන්නවා. ඔබට ඔවුන් විවාහ කරගත හැකියි” යනුවෙන් පවසමින් බවද, මෙම සටන පවතින්නේ විදේශීය සටන්කාමීන් නිසා බවද පැවැසූ ඇය එක්‌සත් ජාතීන්ගේ මණ්‌ඩලයේ වාර්තාවක්‌ අනුව රටවල් 100 ක විදේශීය සටන්කාමීන් 25000 ක්‌ පමණ දෙනා ලෝකයේ විවිධ රටවල අරගලවලට මැදිවී සිටින්නේ යෑයිද ඔවුන්ගෙන් වැඩි දෙනෙක්‌ සටන්වල නිරතව සිටින්නේ සිරියාවේ සහ ඉරාකයේ යෑයිද සඳහන් කළාය. කාන්තාවන් සහ ගැහැනු ළමුන් දූෂණය කරන මෙම ජිහාඩ්වාදී සටන්කාමීන්ට අවශ්‍ය වන්නේ 13 වැනි ශත වර්ෂයට අයත් සමාජයක්‌ ගොඩනැගීමයි.

අති භයංකර ලිංගික ප්‍රචණ්‌ඩත්වයට භාජන වන මෙම ගැහැනු ළමුන් යසිඩිස්‌ ගෝත්‍රයට සමාන කළ හැකි අය විසින් යළිත් සමාජයට ඉදිරිපත් කොට ඔවුන්ගේ ජීවිත ආලෝකවත් කිරීමට සූදානම් සිටිති”යි පවසමින් යසිසි ආගමික නායක බාබා ෂෙයික්‌ට ප්‍රශංසා කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *