Breaking News
Home / Uncategorized / මිලානෝ නගරයේ පොදු ප්‍රවහාන ගාස්තු ඉහළ ගියේ ඇයි? Why did Milano increase public transport rates?

මිලානෝ නගරයේ පොදු ප්‍රවහාන ගාස්තු ඉහළ ගියේ ඇයි? Why did Milano increase public transport rates?

012 ASOKA BUS

මිලානෝ නුවර සහ මිලානෝ  නුවර ආසන්න මහා නගර සභා උප නගර සභා සදහා නියත ප්‍රවාහන ගාස්තුවක් ස්ථාපිත කිරිමට ලොම්බාර්දියා පලාත් රජය විසින්  බස්,ට්‍රෑම්ප්,සහ උමං දුම් රිය ගාස්තු යුරෝ දෙක දක්වා (1.5 සිට 2.දක්වා)  ඉහළ නන්වා තිබේ.

මෙම ගාස්තු සංශෝධනය ඉකුත් ජුලි 15 වෙනිදා සිට ක්‍රියාත්මක විය.

මේ පිළිබද මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත්කරන මිලානෝ නගරාධිපති ජුසෙප්පේ සාලා ප්‍රකාශකොට සිටින්නේ මෙම වැඩිකිරිම මගින් මිලානෝ නාගරික ජනතාවට මෙන්ම  නගරය ආශ්‍රිත මහ නගර සභා 212 (දෙසිය දොලහක ) මිලියන 4.2 ජනතාවකට මින් පෙර  වෙනස් ගාස්තු යටතේ පැවැති විවිධ ප්‍රවේශ පත්‍ර අවලංගු වී එකම ප්‍රවේශ පත්‍රයකින් අදාල සියළුම නාගරික සිමාවන් තුල ගමන්කල හැකි බවය.

මිලානෝ නගරය ඇතුළු ඒ අවට ප්‍රදේශ සදහා ගමන් ගාස්තු ඉහළ නැන්විම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දක්වන නගරාධිපතිවරයා කාළගුණික සහ පරිසර සුරක්ෂිත තාවයට අනුකුලවන පරිදි මිලානෝ නගරය තුල ප්‍රවාහන සේවා වෙනස් කිරිමට මෙතෙක් ඉන්ධන උපයෝගී කොට ගෙන ධාවනය වු බස් රථ සහ ට්‍රැම් රථ වෙනුවට විදුලි බළයෙන්ම පමණක් ධාවනය වන රථ (Eco Bus) ඉතා ආසන්න කාළසිමාවකදි යෙදවිමට කටයුතු යොදා ඇති බව සදහන් කරයි.

මේ හරහා නගරයට ඇතුළුවන සියළුම රථ වහාන නගර සිමාවකදි ගාල් කොට නගරයට පිවිසිම සදහා පොදු ප්‍රවාහන සේවාව ශක්තිමත් කිරිමද එහිලා පියවර ගැනිමට නියමිතය.

මුළු මනින්ම පරිඝණක පද්ධතියක් හරහා ක්‍රියාත්මක ස්වයංක්‍රිය නවීණ තාක්ෂණයකට යොමු කෙරෙන මිලනෝ නගරාන්තර උමං දුම් රිය පද්ධතිය හරහා ඉතාම වේගවත් ප්‍රවාහන දායකත්වයක් මහජනතාව වෙත ලබාදෙන අතර ඒ හරහා නගරයට ඇතුළුවන රථවහාන තදබදය මැඩළිමට හැකිවනු ඇතැයි නගරාධිපති ජුසෙප්පේ සාලා ගේ ප්‍රකාශණයේ සදහන් වෙයි.

2026 වසරේ මිලානෝ නගරය කේන්ද්‍රකර ගනිමින් ආරම්භ විමට නියමිත හිම ඔලිම්පික් ක්‍රිඩා උළෙලට සමගාමිව නාගරික පොදු ප්‍රවහාන සේවා විධිමත් කිරිම සහ වාහන තදබදයෙන් තොර අතිශය දියුණු සුන්දර නගරයක් මේ හරහා බිහිවෙනු ඇතැයි  මිලානෝ නගරාධිපතිවරයා එහිදි මාධ්‍ය වෙත ඉගිපල කොට සිටි බව වාර්තාවෙයි.

මෙම ගාස්තු වැඩිකිරිමට සමගාමිව විශේෂිත පුද්ගලයන් ලෙස ගැනේන ආබාධිත පුද්ගලයින් ට සහ වයස අවුරුදු 65 වැඩි මෙන්ම වයස අවුරුදු 14 අඩු ළමයින්ට පැවැති පහසුකම් කිසිවක් අහිමි නොවන අතර ඔවුන්ට පෙරසේම නොමිලේ ප්‍රවහන පහසුකම  හිමිවනු ඇත.

මීට අමතරව පාසැල් සහ විශ්ව විද්‍යාල උසස් අධ්‍යාපන සිසුන්ට සිය මාසික වාර ප්‍රවේශ පත්‍රය සදහා 50% වට්ටමක්ද හිමිවනු ඇත.

la Repubblica ඇසුරෙන් පරිවර්ථනය කලේ මහනුවර අශෝක හෙට්ටිආරච්චි

 

 

 

 

 

 

 

 

 

About SirilakaNews

Check Also

1-5-1140x440

රටක අභ්‍යන්තර ප්‍රශ්නවලට ඇමරිකාවේ අත පෙවිමක් නෑ! ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිනි Alaina B.Teplits කියයි! America does not intervene in internal affairs of a country US Ambassador to Sri Lanka Alaina B.Teplits says.

    හමුදාපති තනතුරට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය වඩාත් සැළකිලිමත්වීම ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *