Breaking News
Home / Hotnews / මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් පුහුණුවලබා ඇතිබව අපරාධ පරික්ෂණවලින් හෙළිවේ. Criminal investigations reveal that a group of suicide bombers have been trained.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් පුහුණුවලබා ඇතිබව අපරාධ පරික්ෂණවලින් හෙළිවේ. Criminal investigations reveal that a group of suicide bombers have been trained.

images

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සන්නද්ධ ඒකකය භාරව ක්‍රියා කළ අහමද් මිලාන් නැමති අන්තවාදියා ප්‍රහාර එල්ල කිරීම සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් පුහුණුකොට සූදානම් කර තිබූ බව අපරාධ පරික්ෂණ  නිලධාරීන් කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

අහමද් මිලාන් නැමැති මෙම අන්තවාදී ත්‍රස්තවාදියා ඇෆ්ගනිස්ථානයේදි සහ සිරීයාවේදි මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ලෙස පුහුණුව ලබාගෙන ඇති බව අපරාධ පරික්ෂණවලින් හෙළිවි ඇත.

මෙම සැලසුම  කල්මුණේ සියාම් සහ මොහමඩ් නිසාන් නමැත්තන් ගේ නායකත්වය යටතේ සිදුකොට ඇති අතර ඒ සදහා ඔවුන් අම්පාර සහ මඩකළපුව කල්මුණේ එරාවුර් යන ප්‍රදේශ  යොදාගෙන ඇති බව සදහන් විය.

මෙතෙක්‌ කරන ලද පරීක්‍ෂණවලදී හෙළි වී ඇත්තේ මීගමුවේ නිවසක සිට ලොරියකින් සමන්තුරේ වෙත පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බවට එම ලොරියේ රියෑදුරු ත්‍රස්තමර්ධන ඒකකයේ අත් අඩංගුවට පත්විමෙන් පසු  ඒ ගැන හෙළි කර ඇත.

මෙම රියෑදුරු පවසා ඇත්තේ රන්බඩු ශුද්ධ පවිත්‍ර කිරීමේ රසායනික ද්‍රව්‍ය බැරල් වගයක්‌ යයි දක්‌වමින් බැරල් තොගයක්‌ තම ලොරියට පැටවූ බවයි.

මීගමුවේ සිට සමන්තුරෙයි වෙත එම ලොරියෙන් පුපුරන ද්‍රව්‍ය යෑවූ සියලු තව්හිද් ජමාත් ත්‍රස්‌ත ක්‍රියාකාරීන් මේ වනවිට ත්‍රස්ත මර්ධන ඒකකය විසින් අත් අඩංගුවට ගෙන ඇතිබව වාර්තා විය.

www.sirilakanews.com
මහනුවර අශෝක හෙට්ටිආරච්චි
අන්තර්ජාල  තොරතුරු ඇසුරෙනි.

About SirilakaNews

Check Also

Untitled-1

ශ්‍රී ලංකාව සමග ඇතිකර ගැනීමට තිබු සියළුම ගිවිසුම් තාවකාලීකව නවතාලිමට ඇමරිකාව තීරණය කරයි. The US has decided to temporarily terminate all agreements it has made with Sri Lanka.

ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ඇතිකර ගැනීමට යෝජිතව තිබු සෝෆා ගිවිසුම ප්‍රමුඛ ගිවිසුම් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *