Breaking News
Home / Hotnews / සිරියාවේ අයිසිස් ත‍්‍රස්ත සංවිධානය සහ මෙරට තව්හිද් ජමාත් අන්තවාදී සංවිධානයේ ත‍්‍රස්තයන් අතර පණිවුඩ හුවමාරු වී ඇත්තේ රහස් වචනවලින්! The Syrian ISIS terror group and the terrorists of Tawhid Jamaat in Sri Lanka have exchanged messages with secret passages.

සිරියාවේ අයිසිස් ත‍්‍රස්ත සංවිධානය සහ මෙරට තව්හිද් ජමාත් අන්තවාදී සංවිධානයේ ත‍්‍රස්තයන් අතර පණිවුඩ හුවමාරු වී ඇත්තේ රහස් වචනවලින්! The Syrian ISIS terror group and the terrorists of Tawhid Jamaat in Sri Lanka have exchanged messages with secret passages.

ISSAS

සිරියාවේ අයිසිස් ත‍්‍රස්ත සංවිධානය සහ මෙරට තව්හිද් ජමාත් අන්තවාදී සංවිධානයේ ත‍්‍රස්තයන් අතර පණිවුඩ හුවමාරු වී ඇත්තේ රහස් වචනවලින් බව (encrypted)   බව සනාථ කරමින් හමුදාපති මහේෂ් සේනානායක  පැවසුවේ ස්විස් නිර්මාණයක් වූ ක‍්‍රිමා නමැති ජංගම දුරකථන ඇප් උපාංග යටතේ පණිවුඩ හුවමාරු වී ඇති බවයි.

මේ රහස් වචන ජාලය ඔස්සේ යුරෝපා රටවලට ද රහස් පණිවුඩ දීමට අයිසිස් සංවිධානය ක‍්‍රියා කළ අතර කීප විටක්ම යූරෝපෝල් පොලිසිය ඊට බාධා පමුණුවමින් අක‍්‍රිය කරනු ලැබීය.
යුරෝපෝල් පොලිසිය වරක් කළ විමර්ශනයේදී හෙළිවූයේ කැනඩාවේ සිට ද අයිසිස් පණිවුඩ ජාලයක් ක‍්‍රියාත්මක වන බවයි. මේ පසුබිම මැද අයිසිස් රහස් වචන ජාලය බිඳදැමීමේ හෝ එහි අඩංගු තොරතුරු දැනගැනීමේ හැකියාවක් මෙරට බුද්ධි අංශවලට නොතිබිණි.

බුද්ධි අංශවලට අධි තාක්‍ෂණික උපාංග ලබාදීම වෙනුවට මෙරට රජය සංහිඳියාවට රුපියල් බිලියනයක් වෙන් කළේය.ඉන් සිදුවූයේ අයිසිස් ක‍්‍රියාකාරීන් මෙරට සිදුකරන අබිරහස් කටයුතු ගැන කිසිසේත් දැනගැනීමට ඉඩ නොලැබීමයි.

එසේම මෙරට ජංගම දුරකථන ජාලය හා විවිධ මෘදුකාංග ජාලය මුළුමනින්ම රැඳී ඇත්තේ මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ පාලනය යටතේ ය. ඔවුන්ට ඕනෑම අධි තාක්‍ෂණික උපාංගයක් මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාව ද තිබේ.
මේ හැර ශ‍්‍රී ලංකාවේ බුද්ධි අංශ සහ පොලිසිය යූරෝපෝල් හෙවත් යුරෝපා පොලිසිය සමඟ සබඳකම් පවත්වන්නේ නැත. එය බරපතළ දුර්වලතාවකි.

මේ සතියේ දිනෙක කොළඹ ත‍්‍රස්ත මර්දන ඒකකය කොළඹ බහුජාතික සමාගමකට සම්බන්ධ තාක්‍ෂණික ශිල්පීන් පස් දෙනකු අත්අඩංගුවට ගනු ලැබීය.
එම සමාගමේ තවත් සේවකයන් සිවු දෙනෙක් ද පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමෙන් පසු අතුරුදන් වී ඇතැයි හෙළිවිය. අත්අඩංගුවට ගනු ලැබූ එක් අයෙක් අක්රම් නමැත්තෙකි.

මේ නිසා තව්හිද් ජමාත් ජාලය මෙරට ඉස්ලාමීය ව්‍යාපාරික ජාලය අතර ද ව්‍යාප්ත වී ඇති බව අනාවරණය විය. මේ තත්ත්වය මත අන්තවාදී මුස්ලිම් ජාලය ගැන මෙරට බලධාරීන් විමර්ශනයක් නොකෙරුණේ බලවත් මුස්ලිම් දේශපාලන කල්ලිය හමුවේ රජය හිස නැමීමයි. අයිසිස් සංවිධානය සහ මෙරට නැගෙනහිර අයිසිස් ක‍්‍රියාකාරීන් අතරේ 2004 සිට සබඳකම් පැවතුණත් ඒ ගැන රජයේ බලධාරීන් තැකීමක් නොකළේ මුස්ලිම් දේශපාලනඥයන් පක්‍ෂ බේදය නොතකා එකිනෙකා ඒකරාශී වී ක‍්‍රියා කිරීමයි.

යූරෝපෝල් පොලිසිය 2018 දී පැවසුවේ අයිසිස් සංවිධානයේ පුහුණුව ලත් ත‍්‍රස්තයන් තම රටවල් වෙත එන බවයි.එසේම ඉන්දීය බලධාරීන්ට වාර්තා වී තිබුණේ පුහුණුව ලත් අයිසිස් ක‍්‍රියාකාරීන් ඉන්දියාව, බංග්ලාදේශය, ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින වෙත පැමිණෙන බවයි.ඉන්දියාව අයිසිස් ක‍්‍රියාකාරීන් ගැන අවධානය යොමුකර තිබුණත් ශ‍්‍රී ලංකාවේ බලධාරීන් ඔවුන් ගැන අවධානය යොමු නොකළේ මුස්ලිම් සංවිධාන 40 ක් නිසාය.

අයිසිස් පවුල් 32 ක් සිරියාවට ගොස් ඇති බවට බුද්ධි සේවාවන්ට වාර්තා වූ විට මේ මුස්ලිම් සංවිධාන 40 මීට එරෙහි වී එවැන්නක් නැති බවට ඝෝෂා කිරීම නිසා රජය නිහඬ විය.
තව්හිද් ජමාත් සංවිධානය රහස් වචන භාවිත කළ හැකි ආරක්‍ෂක ඇප් (encrypted) භාවිත කරද්දී රජය ඊට ඉඩ හැරීයේය.
මෙම ආරක්‍ෂිත ඇප් සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට රජය ක‍්‍රියා කළේ නැත.

මේ පිළිබඳව හමුදාපති මහේෂ් සේනානායක පැවසුවේ ශ‍්‍රී ලංකා හමුදාව සතුව ඇති උපාංගවලින් තව්හිද් ජමාත් සංවිධානය අයිසිස් සංවිධානය සමඟ හුවමාරු කරගන්නා පණිවුඩ අසුකර ගැනීම දුෂ්කර බවයි.
යූරෝපෝල් පොලිසිය දක්වන අන්දමට අයිසිස් සංවිධානය අමාන් සහ අල් ඛානියන් වෙබ් අඩවි සහ තවත් වෙබ් අඩවි 69 කට අධික සංඛ්‍යාවක් පවත්වාගෙන ගොස් තිබිණි.
එහෙත් ශ‍්‍රී ලංකා රජය අයිසිස් සංවිධානයේ අමාන් වෙබ් අඩවිය තහනම් කිරීමට ක‍්‍රියා කළේ නැත. එය අදටත් තහනම් නොවේ. මෙය පුදුමයක් නොවේ.

මේ අතර ස්විට්සර්ලන්තයේ ද අයිසිස් සහ ජිහාද් ජාලයක් ක‍්‍රියාත්මක වේ.
විවිධ ව්‍යාපාර සබඳකම් පැවැත්වීම සඳහා යැයි දක්වමින් ශ‍්‍රී ලංකා මුස්ලිම් ජාතිකයන් රැසක් පසුගිය කාලයේ ජිනීවා වෙත පැමිණ එතැනින් ප‍්‍රංශයට ගොස් ඇත.
එහෙත් මොවුන් ගැන රජය නිරීක්‍ෂණයක යෙදී නැත.
මෙම පසුබිම මැද තව්හිද් ජමාත් සංවිධානයට ස්විස් නිෂ්පාදිත ක‍්‍රිමා ඇප් උපාංග ක‍්‍රමය ලබාදී ඇත්තේ ස්විට්සර්ලන්තයේ සිටින අයිසිස් ක‍්‍රියාකාරීන් විය හැකිය. මේ ගැන ආරක්‍ෂක අංශ හා රජය ස්විස් රජයෙන් විමසිය යුතුව ඇත.

එකවර සිම් කාඞ් 70 ක් භාවිත කළ හැකි උපාංගයක් මෙරටට ගෙන ඒමට ඉඩ ලැබුණේ නම් අන්තවාදී අයිසිස් කල්ලියට ඕනෑම බලගතු සන්නිවේදන යන්ත‍්‍රයක් ගෙන්වා ගැනීමට හැකි බව රජය තේරුම් ගත යුතුය.
පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීමට පෙර බෝම්බකරුවන්ට එම රහස් වචනවලින් නියෝගයක් ලැබී ඇති බව ද සැක කළ හැක.
මේ රහස් වචන කුමක්දැයි දැනගත හැකි පරිගණක ඇප් විශේෂඥයකු හෝ ඊට වැඩි පිරිසක් තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ බව පැහැදිලිය. ඔවුන් මෙතෙක් අසු වී නැත.
මේ අතර අයිසිස් ත‍්‍රස්තවාදී කල්ලිය සිය සන්නිවේදන හුවමාරුව මෙහෙයවන්නේ ස්විට්සර්ලන්තයේ සුරිච් නුවර ක‍්‍රිමාර් සමාගම ඔස්සේ බව හෙළි වී ඇත.

මෙම ක‍්‍රිමාර් ජාලය ඔස්සේ තොරතුරු යවන්නා සහ ලබන්නා පමණක් තොරතුරු දනී. 2015 නොවැම්බර් මස අයිසිස් සංවිධානය තම අනුගාමිකයන් වෙත උපදෙස් දෙමින් ඉතාමත් ආරක්‍ෂක සන්නිවේදන ජාලය ක‍්‍රිමාර් යැයි හෙළිකර තිබිණි.මෙම ක‍්‍රිමාර් සමාගම ස්විස් දේශසීමාවටම බලපාන නීතිරීති මත ක‍්‍රියාත්මක වන අතර තම සේවාවන් ලබාගන්නා පිරිස කවුරුන් දැයි හෙළි කිරීම ප‍්‍රතික්‍ෂේප කර තිබේ.
භාෂා 12 කින් ක‍්‍රියාත්මක වන ක‍්‍රිමාර් සමාගම රහස් වචන අඩංගු ක්‍ෂණික පණිවුඩ යැවීමේ ජාලයක් ක‍්‍රියාත්මක කරයි.

ක‍්‍රිමාර් සමාගමට පණිවුඩ යැවීමේ ක‍්‍රමය ත‍්‍රස්තවාදීන් භාවිත කරන බවට එම සමාගමේ බලධාරීන් වෙත පැමිණිලි ලැබුණ බව එහි ප‍්‍රකාශක රෝමන් ප්ලේස් පැවසුවේ රහස් වචන අක‍්‍රිය කිරීමෙන් ප‍්‍රහාර නතර කළ නොහැකි බවයි.
ස්විස් ආරංචි මාර්ග තවදුරටත් පැවසුවේ ස්විට්සර්ලන්තයේ දැඩි පුද්ගලික නීතිරීති නිසා ඉස්ලාමීය සටන්කාමීන්ට ක‍්‍රිමාර් වැනි ආයතනවල සේවාව ලබාගත හැකි බවයි.මෙම ස්විස් ක‍්‍රිමාර් සේවාව අක‍්‍රිය කිරීමේ උපකරණ බංගලාදේශය සතුව තිබීම නිසා ඒවා අක‍්‍රිය කිරීමට ද එරට බුද්ධි සේවා බලධාරීන් ක‍්‍රියාකර තිබිණි.

අන්තර්ජාලය ඇසුරෙනි

About SirilakaNews

Check Also

CRIKAT OLIMPIC

ක්‍රිකට් ක්‍රිඩාව ලොස් ඇන්ජලිස් ඔලිම්පික් යයිද? Cricket to be held in olympic Los Angeles?

ලොව විශාලතම ක‍්‍රීඩා මංගල්‍යය ලෙස සැලකෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සඳහා ක‍්‍රිකට් ඇතුළත් කිරීමට එම්.සී.සී. ක‍්‍රිකට් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *