Breaking News
Home / දේශපාලන / මුස්ලිම නායකයින් පොදුවේ තම තනතුරු වලින් ඉවත්වයාම! The Muslim leaders in general abandon their positions.

මුස්ලිම නායකයින් පොදුවේ තම තනතුරු වලින් ඉවත්වයාම! The Muslim leaders in general abandon their positions.

bvjg

ඉකුත් අප්‍රේල් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයත් සමග මෙරට ඉහළ පෙළේ මුස්ලිම් නායක්යින්ට විවිධ ආකාරයෙන් එල්ල වු චෝදනා හමුවේ ඔවුන් දරණ ලද සියළු දේශපාලන තානාන්තර වලින් ඉවත්විමට පක්ෂ බේදයෙන් තොරව ඉකුත්දා තීරණය කොට තිබුණි.

ඒ අනුව බස්නාහිර ආණ්ඩුකාර  අසාද්සාලි නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා සහ  අමාත්‍ය රවුෆ් හකීම්, අමාත්‍ය කබීර් හෂීම්,අමාත්‍ය රිෂාද් බදියුදීන්,අමාත්‍ය අබ්දුල් හලීම් යන මහත්වරුන් ප්‍රමුඛ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය මුස්ලිම් ඇමැතිවරුන් නවදෙනෙක්  ධූරවලින් ඉල්ලා අස්වූහ.

එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයට සෘජුවම චෝදනා එල්ලවු අමාත්‍ය රිශාඩ් බදුදීන්ව අමාත්‍ය ධුරවලින් ඉවත්කර අත් අඩංගුවට ගන්නා ලෙස  විපක්ෂය රජයට බළකරමින් පාර්ලිමේන්තුවේදි ඇරඹි විරෝධතාවය රට පුරා ප්‍රබළ දේශපාලන ආන්දොලනයක් ඇති කරවන්නට සමත් වු අතර විශේෂයෙන් ආගමික නායකයින්ගේ නැගී සිටිමත් සමග එය රටේ අභ්‍යන්තර දේශපාලන අර්බුදයක් දක්වා ඇදි යන්නට විය

මේ අනුව  විවිධ දේශපාලන ආගමික සමාජ සංස්කෘතයන් දෙසින් මුස්ලිම් අන්තවාදයට එරෙහිව අමාත්‍ය රිශාඩ් බදුදීන් වෙත එල්ල වු විරෝධතාවය බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි,නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා වෙතද නැගි එන්නට වුහ.

විපක්ෂය විසින් අමාත්‍ය රිශාඩ් බදුදීන් වෙත ගෙන ආ විශ්වාස භංගය තේරීම් කාරක සභාවක් හරහා විසදාගැනිමට රජය එහිදි යුහුසුළු වු අතර එහිදි රජය පාළු ගෙදර වළං බිදින තත්වයකට ඇදදැමීමට විපක්ෂය එකී කාරක සභාව වර්ජනය කළේය.

ඒ සමහ පාර්ලිමේන්තු මංත්‍රි පුජ්‍ය රතන හිමියන් මහනුවරදි ආරම්භකරන ලද උපවාසයත් සමහ  රටේ සිවිල් ජනතාව දක්වා මෙකි අර්බුදය දිගුවන බවක් පෙනෙන්නට විය.

මීට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයාත්,අගමැතිවරයාත් විපක්ෂ නායක වරයාත් රහසේ ගත් එකගතාවයකට අනුව පොදුවේ සියළුම මුස්ලිම්  දේශපාලන නායකයින්ට සිය තනතුරුවලින් තාවකාලිකව ඉවත්වන ලෙස කල ඉල්ලිමට අනුව ඔවුන් ඉල්ලා අස්විය.

මේ අතර මෙම ක්‍රියාදාමයට රටේ මුස්ලිම් ජනතාව තුල ඇතිවිය හැකි තිගැස්ම සමනය කරනු සදහා බස්නාහිර පළාත් ආණ්ඩුකාරයා ලෙස කොළඹ හිටපු නගරාධිපති ඒ ජේ එම් මුසාමිල් මහතා පත්කිරිමට ජනාධිපතිවරයා තීරණය කොට තිබුණේද ඉහත කී මුස්ලිම් නායකවරුන්  අග්‍රාමත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා සමග කල සාකාච්ජාවකින් අනතුරුවය.

ඉහත කී මුස්ලිම් දේශපාලන නායකයින් සියල්ල එකවර සිය තනතුරු හැරයාම රටේ තත්වයට එතරම් ශුභදායක දෙයක් නොවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් පැවැති උත්සව දෙකකදි ප්‍රකාශ කොට තිබුණි.

අන්තර්ජාලයේ තොරතුරු ආශ්‍රිතව සටහන අශෝක හෙට්ටිආරච්චි

 

 

About SirilakaNews

Check Also

RAHUMAN

බෝම්බ ප‍්‍රහාරවලින් පසුගියදා සිදුවූ මනුෂ්‍ය ඝාතනවල වගකීම මුජිබර් රහුමාන් මන්තී‍්‍රවරයා විසින් භාරගත යුතුයි! පාර්ලිමේන්තු මංත්‍රි ආචාර්ය විජේදාස රාජපක්ෂ. Mp Mujibar Rahman should accept responsibility for the recent assassinations of bombs . Mp Dr wijedasa rajapaksha

බෝම්බ ප‍්‍රහාරවලින් පසුගියදා සිදුවූ මනුෂ්‍ය ඝාතනවල වගකීම මුජිබර් රහුමාන් මන්තී‍්‍රවරයා විසින් භාරගත යුතු බව විපක්‍ෂයේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *