Breaking News
Home / Hotnews / දකුණු ආසියාවේ වැඩිම මන්දපෝෂණය පවතින රටවල් අතර දෙවැනි ස්‌ථානය ශ්‍රී ලංකාවට හිමිවන බව එක්‌සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ලෝකයේ ආහාර සුරක්‍ෂිතතාව හා පෝෂණය 2019 වාර්තාව කියයි! Sri Lanka ranks second in South Asia’s most malnourished country, says UN Food and Agriculture Organization.

දකුණු ආසියාවේ වැඩිම මන්දපෝෂණය පවතින රටවල් අතර දෙවැනි ස්‌ථානය ශ්‍රී ලංකාවට හිමිවන බව එක්‌සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ලෝකයේ ආහාර සුරක්‍ෂිතතාව හා පෝෂණය 2019 වාර්තාව කියයි! Sri Lanka ranks second in South Asia’s most malnourished country, says UN Food and Agriculture Organization.

jscbsk

දකුණු ආසියාවේ වැඩිම මන්දපෝෂණය පවතින රටවල් අතර දෙවැනි ස්‌ථානය ශ්‍රී ලංකාවට හිමිවන බව එක්‌සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ලෝකයේ ආහාර සුරක්‍ෂිතතාව හා පෝෂණය 2019 වාර්තාව විසින් පෙන්වා දෙයි.

ශ්‍රීලංකාව තුල සිටින කුඩා දරුවන් 60% වඩා ප්‍රමාණයකට නිසි පෝෂණයක් නොමැතිබව අනාවර්ණය කරන එම වාර්ථාව දරිද්‍රතාවය මෙන්ම දෙමාපියන් සිය දරුවන්ගේ පෝෂණය පිළිබද දක්වන ආකල්පද ඊට හේතුවී ඇති බව සදහාන් කරයි.

ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ගෝලීය සාගින්න දර්ශකය (GHI) යනු ගෝලීය, කලාපීය සහ ජාතික මට්ටමින් සාගින්න මැන බැලීම සහ නිරීක්ෂණය කිරීම සඳහා නිර්මාණය කරන ලද මෙවලමකි.

සෑම වසරකම GHI ලකුණු ගණනය කරනු ලබන්නේ සාගින්න මැඩපැවැත්වීමේ ප්‍රගතිය සහ පසුබෑම තක්සේරු කිරීමටය.

2019 ගෝලීය සාගින්න දර්ශකයේ  රටවල් 119 න් 67 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

ඊට අනුව ශ්‍රි ලංකාවේ අතිවිශාල ජනතාව තුන් වේලට නිසි පෝෂණයෙන් යුතු ආහාර වේලක් සපයාගත නොහැකිව සිටින බව එම වාර්තාව පෙන්වා දෙයි.

දරිද්‍රතාවය,ආහාර සුරෑකුම් පිළිබද නිසි අවබෝධයක් නොමැතිවීම,

ඊට රටේ පාළනාධිකාරය විසින් නිසි සැලසුම් ක්‍රියාත්මක නොකිරිම සහ මහජනතාව දැණුවත් නොකිරිම,

සම්ප්‍රදායක කෘෂිකර්මාන්තයෙන් ඔබ්බට නොයැම,කෘෂිකර්මාන්ත ඵලදායිතාවයේ ඌණතාව,

අධික පළිබෝධ නාශක භාවිතය, ඒ හරහා භූමියේ සාරවත් බව තුරන්වීම මත ඵලදා හීනවීම,සහ ආහාර සහ පෝෂණය පිළිබද අනෝවබෝධය,

පාරම්පරිකව නොදනුවත්වම මන්ද පෝෂණයට ගොදුරුවීම.  වැනිකරුණු ශ්‍රී ලංකාවතුල දිර්ඝකාලීනව විසදුම විරහිතව පවතින බවද ගෝලීය සාගින්න පිළිබද The Global Hunger Index (GHI) අන්තර්ජාල සටහනේ  කරුණු පෙන්වාදෙයි.

රටක ආර්ථික දර්ශකයේ සංවර්ධයේ මුලික සිද්ධාන්තය ලෙස ප්‍රවර්ධනය යුතුවන්නේ එරට නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජිවත්වන ජනතාවක් සිටිම යන්නයි.

ඒ ක්‍රියාදාමයට සෘජුව වගකිව යුතු මෙරට පැවති සහ පවතින බළ අධිකාරියේ වගකිම් විරහිත භාවය ඉහත වාර්තාවේ ප්‍රධාන වග උත්තරකරුවන් ලෙස ස්මතු කරමින්

ඉකුත් වසර හැත්තැවකට එහා ගිය කාලසිමාවකදි කවුරුන් මොන සංවර්ධනය ගැන කතාකලද ඒ කියන සංවර්ධනය තුල ඉකුත් දිනක හම්බන්තොට ප්‍රදේශයේ දරුවෙකු මන්දපෝෂණය හේතුකොට ගෙන මියයාමද ලෝකය හමුවේ ශ්‍රී ලංකාව රටක් වශයෙන් අගෞරවයටත් නින්දාවටත් පත්වු බව සදහන් කලයුතු අතර

ඒ සිදිවිමට සාපේක්ෂව එකී අහිංසක දරුවා පිළිබද ඇතිවන සංවේදිතාවය පරයා එකි සිදුවිමට අන්තර්ගතවු දිස්ත්‍රික්කයේ රට  සංවර්ධනය කලායැයි කියන  ජනාධිපතිවරයෙකු මෙන්ම දුප්පත්කම ගැන කතාකරන  රටේ නායකත්වය අවශ්‍යයයි කියන වත්මන් ඇමතිවයෙකු සිටීම

පවතින රෑවටිමේ තරම කොතරම්ද යන්න විනිස්චය කරගැනිමට ජනතාවගේ බුද්ධි නිරාවරණයට හොදම සහ ලගම උදාහරණය ලෙස සටහන් කොට තබමි.

මහනුවර අශෝක හෙට්ටිආරච්චි,
මුලාශ්‍ර අන්තර්ජාලයෙනි.

 

 

 

 

About SirilakaNews

Check Also

Untitled-1

ශ්‍රී ලංකාව සමග ඇතිකර ගැනීමට තිබු සියළුම ගිවිසුම් තාවකාලීකව නවතාලිමට ඇමරිකාව තීරණය කරයි. The US has decided to temporarily terminate all agreements it has made with Sri Lanka.

ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ඇතිකර ගැනීමට යෝජිතව තිබු සෝෆා ගිවිසුම ප්‍රමුඛ ගිවිසුම් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *