Breaking News
Home / Hotnews / ජනාධිපති මරණ දඩුවමට අත්සන් තබයි! ජාත්‍යන්තර කෂමා සංවිධානය ඊට විරෝධය පායි! President signs death sentence! International Kashmir protests against this!

ජනාධිපති මරණ දඩුවමට අත්සන් තබයි! ජාත්‍යන්තර කෂමා සංවිධානය ඊට විරෝධය පායි! President signs death sentence! International Kashmir protests against this!

download (2)

මත්ද්‍රව්‍ය වැරදිවලට වරදකරුවන් වූ පුද්ගලයන් හතරදෙනකුට මරණ දණ්ඩනය දීම අනුමත කරන ලියැවිලිවලට අත්සන් තැබූ බව කොළඹ ජනාධිපති මන්දිරයේ පැවැති මාධ්‍ය ප්‍රධානීගේ හමුවකදී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පැවැසීය.

ඒ අනුව ජනාධිපතිවරයාගේ අත්සනින් යුත් මරණ දඩුවම නියම වු පුද්ගලයින්ගේ නාම ලේඛණය මේ වන විට අධිකරණ අමාත්‍යංශය වෙත යවා ඇතැයි මාධ්‍ය ආරංචි මාර්ග සදහන් කරයි.

අදාල දඩුවම සම්බන්ධව ජනාධිපතිවරයා විසින් මාධ්‍ය වෙත කල ප්‍රකාශයත් සමගම මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ වූවන්ට මරණ දඬුවම පැමිණවීම වහාම අත්හිටුවන්නැයි ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත හදිසි නිවේදනයක් එවමින් ඉල්ලා ඇත.

මත්ද්‍රව්‍ය නිවාරණ සතිය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වැරදිකරුවන් වන පුද්ගලයන් එල්ලා මරා දැමීමට රජය ක‍්‍රියාකරන බව ද, මත්ද්‍රව්‍ය වරදකරුවන් 13 දෙනෙකුට මරණ දඬුවම පැමිණවීමට තීරණය වී ඇතැයි තමන්ට වාර්තා වී තිබෙන බව ද ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය සඳහන් කරයි.

ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානයේ අග්නිදිග ආසියා අධ්‍යක්‍ෂක බිරාජ් පැට්නික් විසින් මෙම නිවේදනය එවා තිබේ.

මහනුවර අශෝක හෙට්ටිආරච්චි

About SirilakaNews

Check Also

Untitled-1

ශ්‍රී ලංකාව සමග ඇතිකර ගැනීමට තිබු සියළුම ගිවිසුම් තාවකාලීකව නවතාලිමට ඇමරිකාව තීරණය කරයි. The US has decided to temporarily terminate all agreements it has made with Sri Lanka.

ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ඇතිකර ගැනීමට යෝජිතව තිබු සෝෆා ගිවිසුම ප්‍රමුඛ ගිවිසුම් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *