Breaking News
Home / Hotnews / ජනාධිපතිවරයාගේ ක්ෂණික නියෝගයෙන් පාර්ලිමේන්තු කාරක සභා සජීවී විකාශණය නතර වු හැටි! Parliament selection committee live telecast stopped from the Presidents immediate order.

ජනාධිපතිවරයාගේ ක්ෂණික නියෝගයෙන් පාර්ලිමේන්තු කාරක සභා සජීවී විකාශණය නතර වු හැටි! Parliament selection committee live telecast stopped from the Presidents immediate order.

z_p01-No-threat-1

ආණ්ඩුව පස්කු ඉරිදා සිදුවු ඛේදවාචකය සමග රටේ ජනතාවගෙන් එලලවන චෝදනා හමුවේ අන්ද මන්ද වී සීටී.

මේ තත්වය යටතේ ආණ්ඩුන නියෝජනය කරන සියළුම පක්ෂ වලට තව දුටත් ආණ්ඩුව සමග සිටියහොත් ඉදිරි මැතිවරණයකදි ඉතා බැරෑරුම් දේශපාලන පසුබැමකට ලකල්වන බව අවබෝධකර ගනිමින් සිටි.

ඉකුත් ඉරිදා ආණ්ඩුවේ සිටින එක්සත් ජාතික පක්ෂයේ නොවන රටේ ප්‍රසිද්ධ ප්‍රබළ ඇමතිවරයෙකු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදි ඔහු හා ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවි රහසේ සාකච්ජා කොට ඇත්තේ තමන් තීරණාත්මක අවස්ථාවක මහින්ද රාජපක්ෂ මහතාට සහය දිමට තීරණය කොට ඇති බවය.

එජා පක්ෂය ඉදිරියේ ඒමට නියමිත මැතිවරණ සදහා රටේ ජනතාව හමුවට යන්නේ කෙසේද යන්න පක්ෂයේ පසුපෙළ මංත්‍රීන් පක්ෂ ජේෂ්ඨයින් සමග විවිධ කරුණු ඔස්සේ සාකච්ජාකරමින් සිටි.

පක්ෂයේ පසුපෙළ සිටින පසුගිය මැතිවරණයේදි එජාපයට එක්වි මංත්‍රී ධුරයකට පත්වු තරුණ මහාචාර්යවරයෙකු පසුපෙළ මංත්‍රිවරුන්ට නායකත්වය දෙමින් පසුගියදා පක්ෂ නයක රනිල් වික්‍රමසිංහ මහතා සමග තීරණාත්මක සාකච්ජාවක නිරතව සිට ඇති අතර එහිදි රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ කළබල නොවි තම ප්‍රදේශයේ පක්ෂයේ දේශපාලන ප්‍රවර්ධන කටයුතුවල නිරතවන ලෙසය.

විවිධ කාලවල තම නායකත්වය යටතේ දේශපාලන අර්බුද රෑසකට පක්ෂය වෙනුවෙන් තමන් කල කැපවිම ඔවුන්ට පවසා ඇති රනිල් වික්‍රමසිංහ මහතා ඒ හරහා ලද පන්නරයෙන් පක්ෂ ජයග්‍රාණයට ගෙනගිය ආකාරය එහිදි  හෙතෙම තරුණ මංත්‍රිවරුන්ට  පෙන්වාදි ඇත.

දේශපාලනයේ දුර ගමනක් යන්න සිතනවා නම් කලබළ නොවි ඉවසීමෙන් එක ප්‍රතිපත්තියක සිට කටයුතුකරන මෙන්ද ඔවුන්ට පවසා සිටි වික්‍රමසිංහ මහතා රීශාඩ්ගේ ප්‍රශ්නයේදි සහ ඉරිදා පස්කු ප්‍රහාරයේ වගකිම ඇත්තේ කාටද යන්න රටේ ජනතාවට අවබෝධ කර දිමට තම ක්‍රියාකාරකම් දෙස විමසා බලා කටයුතු කරන ලෙසද එහිදි සදහන්කර ඇත.

එකී උපදේශයනට සමගාමිව රනිල් වික්‍රමසිංහ මහතා තම දේශපාලන  බුද්ධිය මෙහෙයවමින් රිශාඩ් බදුධීන් මහතා එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාස භංගය විවාදයට ගැනිම මග හරිමින් රිශාඩ් ඇමතිවරයාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභවක පිහිටුවිමට කටයුතු කළේය.

ඊට ජනතා විමුක්ති පෙරමුණේද සහයෝග ලබා ගත්තේය.

ප්‍රධාන වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට මේ හරහා සක්ෂාත්කර ගතයුතු උපක්‍රමශීලී දේශපාලන කරුණු තුනක් විය .

පාස්කු ඉරිදා ප්‍රහාරයේ සමස්ථ වගකිම ආරක්ෂක සහ පොලිසිය භාර අමාත්‍යවරයා ලෙස මෙන්ම ආරක්ෂක මණඩළයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා වෙත පටවා තැබිම.

රිශාඩ් බදුදින්ට එරෙහි චෝදනාවල බර අඩුකිරිම හෝ ඔහුට එල්ලවි ඇති චෝදනාවලින් ඔහු නිදහස්කර ගැනීම හරහා ඔවුන් සතු යැයි පවසන චන්ද ප්‍රතිශතය (19%) තම පක්ෂයට ලබා ගැනීම.

රටේ ජනතාව අතර ඉතාම බරපතල ලෙස අප්‍රසාදයට පත්වෙමින් සිටින එක්සත් ජාතික පක්ෂය  සුළුවෙන් හෝ ඉන් මුදගැනිමට ක්‍රමයක් ඒ හරහා සොයා ගැනීමය.

ඒ අනුව ආණ්ඩුවේ පාර්ලිමේන්තු ප්‍රධානියා ලෙස වික්‍රමසිංහ මහතා කතානායකවරයා සමග සාක්ච්ජාකොට ජනාධිපතිවරයාට ප්‍රබළ විරුද්ධත්වයක් දක්වන තම පිළේ මංත්‍රිවරු පිරිසක් වන ජයන්ත වික්‍රමරත්න, සරත් ෆොන්සේකා,රවී කරුණානායක,ආංශු මාරසිංහ,රවුෆ් හකීම්,කාවින්ද ජයවර්ධන සහ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන නලීන්ද ජයතිස්ස යන මංත්‍රිවරු පත්කල අතර

රනිල් වික්‍රමසිංහ මහතාගේම සුපුරුදු දේශපාලන උපක්‍රමකයට අනුව බොරු විරෝධයක් පා කාවින්ද ජයවර්ධන මංත්‍රිවරයාට කාරක සභාවෙන් ඉල්ලා අස්වන්නට සලස්සවා එල්ල වන චෝදනා හමුවේ පත්කල නොහැකිව සිටින රාජිත සේනාරත්නට ඊට අවස්ථවක් ලබාදිමද සිදුවිය.

මේ සියල්ලට පසුව රනිල් වික්‍රමසිංහ මහතාගේ උපක්‍රමය හදුනාගත් ජනාධිපතිවරයා තමන්ට සමීප දේශපාලඥයන් හා නිලධාරීන් කිහිපදෙනකු සමඟ බොහෝ වේලාවක් සාකච්ඡුා කළේය.

අවසානයේ ඔහු අගමැති රනි ල් වික‍්‍රමසිංහට දුරකථන ඇමතුමක් ගත්තේ මෙසේය.

තමුන්නාන්සේ මේ තේරීම් කාරක සභාව දාලා රටට පෙන්නන්න හදන චිත‍්‍රය මොකක්ද කියලා මම නොදන්නවයි කියලා හිතන්න එපා.

මේ රටේ ජනාධිපති බබෙක් නෙවෙයි. තේරීම් කාරක සභාව දාලා ජනාධිපති එක්ක අමනාපයෙන් ඉන්න පිරිසක් මේසෙක වාඩි කරවල ආරක්ෂක ප‍්‍රධානීන් ගෙන්නලා වගඋත්තරකරුවෝ විදියට තියාගෙන රටට බලපාන ආරක්ෂක තොරතුරු හෙළිදරව් වන විදියට ප‍්‍රශ්න අහ අහ මේ කරගෙන යන විකාරය මොකක්ද කියලා මට හොඳට තේරෙනවා. මේකෙ අරමුණ රටේ සිද්ධ වෙච්ච මේ ඔක්කොම විපත්තිවලට වගකිවයුත්තා ජනාධිපතිය කියලා රටට පෙන්නන්න බව දැන් පැහැදිලියි.

අගමැතිවරයා ද මේ මොහොතේ දුරකථනයෙන් කුමක් හෝ ජනාධිපතිවරයාට කියන්නට උත්සාහ කළේය. එහෙත් ජනාධිපතිවරයා තම කතාව නතර කළේ නැත.

ආරක්ෂක බලධාරීන් ගෙන්නලා මේ විදියට වරද කාරයෝ වගේ තියාගෙන ප‍්‍රශ්න අහ අහා ඒක රටට පෙන්නන එකෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ. මාව අපහසුතාවට පත් කරන්නද.

තමුන්නාන්සේට රට ගැන වත් රටේ ආරක්ෂාව ගැනවත් අබමල් රේණුවක හැඟීමක් නැති විත්තිය අපි දන්නවා. එක පාරකුත් බුද්ධි අංශ නිලධාරීන් ගණනාවක් මිලේනියම් සිටි සිද්ධිය වෙලාවේ පාවලා දුන්න හැටි රටම දැක්කා. ඒ වෙලාවේ බුද්ධි අංශ නිලධාරීන් 47 විතර නිරපරාදේ මැරුම් කෑවා. මේ පාර ඒකෙ ඊළඟ එක කරන්නද හදන්නේ..

ඒ විතරක් නෙවෙයි. තමුන්නාන්සේ මේ වැරදි ඔක්කොටම මාව වගඋත්තරකාර විදියට රටට පෙන්නන්න උත්සාහ දරන බව මම දන්නවා.

හැබැයි තමුන්නාන්සේ එකක් මතක තියාගන්න. තමුන්නාන්සේගේ අරමුණ ඒකනම් මේ විදියට දිගින් දිගටම මාත් එක්ක වැඩ කරන්න බැරි වේවි. තව මාස පහක් හයක් තමුන්නාන්සේලාට මාත් එක්ක වැඩ කරන්න සිද්ධ වෙනවානේ. ඒ කාලේ ගත කරන්න ලේසි වෙන එකක් නෑ.

මේ අයුරින් ඉතා දැඩි හා ඉතා උණුසුම් අයුරින් අදහස් දැක්වූ ජනාධිපතිවරයා අගමැති ඊට ප‍්‍රති උත්තර දෙන්නට කලින්ම දුරකථනය විසන්ධි කරමින් කතාව අවසන් කළේය.. ජනාධිපති වරයාගේ කෝපය එම දුරකථන ඇමතුම අවසන් වී තිබුණත් නිම වී තිබුණේ නැත.

ඊට පසු දිනයේ ද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වැඩ කටයුතු ගැන රටේ කතාබහ කරන්නට පටන් ගෙන තිබිණි.විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පුවත්පත් සාකච්ඡුා ගණනාවකදීම මේ පිළිබඳව අදහස් පළවිය.

විපක්ෂය වෙනුවෙන් දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලූත්ගමගේ ඇතුළු මන්ත‍්‍රීවරු විශාල පිරිසක් කරුණු දක්වමින් සිටියහ. බොහෝ දෙනකුගේ අදහස වූයේ මෙසේ තේරීම් කාරක සභාව විසින් ආරක්ෂක ප‍්‍රධානීන් ප‍්‍රශ්න කරමින් එම අවස්ථාව රටට අහන්නට දකින්නට සැලැස්වීම තුළ රජයේ හා රටේ ආරක්ෂාව ඉතා වේගයෙන් අනතුරුට පත්වන බවකි.

තේරීම් කාරක සභාව රැස් වූ දෙවන දිනයේ සාක්ෂි ලබාදීම සඳහා කමිටුව විසින් කැඳවා තිබුණේ මේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉහළම බුද්ධි අංශ නායකයා වන රජයේ බුද්ධි අංශ ප‍්‍රධානියාවය. බුද්ධි අංශ ප‍්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා එදින සාක්ෂි ලබා දීමට පැමිණ සිටි නිසා මුළු රටේම ජනතාව මෙම අවස්ථාව දෙස ඇසිපිය නොහෙළා බලා සිටියා යැයි කිවහොත් නිවැරදිය.

රටේ ජනාධිපතිවරයා වන මෛත‍්‍රිපාල සිරිසේනද මේ දෙස ඉතා අවධානයෙන් යුතුව බලා සිටියේ වෙන්නේ කුමක්ද කියා දැනගන්නටය.

කමිටු නියෝජිතයෝ බුද්ධි අංශ ප‍්‍රධානියාගෙන් එකින්නෙක ප‍්‍රශ්න විමසමින් උත්තර සොයන්නට පටන් ගත්හ.

කමිටු නියෝජිතයෝ විමසන ප‍්‍රශ්නවලට අනුව ආරක්ෂක ප‍්‍රධානියාට නිහඬව සිටින්නට හෝ මුනිවත රකින්නට නොහැකි විය. ඒවාට උත්තර සපයමින් බුද්ධි අංශ ප‍්‍රධානියා සපයන තොරතුරු රජයේ ආරක්ෂාව හා ජාතියේ ආරක්ෂාව සම්බන්ධයෙන් හෙළි නොකර සිටිය යුතු තොරතුරු බව ජනාධිපතිවරයා අවබෝධ කරගත්තේය.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ආරක්ෂක අංශ ප‍්‍රධානීන් කීපදෙනකු සමඟද කතාබහ කරමින් තොරතුරු ලබාගන්නට ක‍්‍රියා කළේය.

අවසානයේ ඔහු දැඩි තීන්දුවක් ගනිමින් ජනාධිපතිවරයා ලෙස බලය පාවිච්චි කරමින් එම පාර්ලිමේන්තු කාරක සභාවේ සජීවී රූපවාහිනි විකාශය නතර කර දමන්නට තීරණය කළේය.

ඒ සඳහා පාර්ලිමේන්තුවේ බලධාරීන්ටත් රජයේ හා පුද්ගලික ආයතන වල මාධ්‍ය ප‍්‍රධානීන්ටත් උපදෙස් ලබා දෙන්නට ජනාධිපතිවරයාත් ජනාධිපති කාර්යාලයේ නිලධාරීනුත් යුහුසුළු වන ආකාරය අපට දැකගත හැකි විය. බුද්ධි අංශ ප‍්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා සාක්ෂි ලබාදෙමින් සිටින අතර වාරයේ හිටිහැටියේම සජීවීව විකාශය අතරමග නතර වන්නේ ජනාධිපතිවරයාගේ එම ක‍්‍රියාකලාපයේ ප‍්‍රතිඵලයක් හැටියටය.

According to the information provided on the Internet, note is by Kandy Asoka Hettiarachchi (www.sirilakanews.com) From italy

 

About SirilakaNews

Check Also

Untitled-1

ශ්‍රී ලංකාව සමග ඇතිකර ගැනීමට තිබු සියළුම ගිවිසුම් තාවකාලීකව නවතාලිමට ඇමරිකාව තීරණය කරයි. The US has decided to temporarily terminate all agreements it has made with Sri Lanka.

ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ඇතිකර ගැනීමට යෝජිතව තිබු සෝෆා ගිවිසුම ප්‍රමුඛ ගිවිසුම් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *