Breaking News
Home / කලා / වෙසක් සමයේ සුභා තෙරණියගේ කතාව රිදී තිරයට! The story of Suba terani Vesak on the Silver Screen.

වෙසක් සමයේ සුභා තෙරණියගේ කතාව රිදී තිරයට! The story of Suba terani Vesak on the Silver Screen.

subha

එළඹෙන වෙසක් සමය අලළා බෞද්ධ සාහිත්‍යයේ එන කතා පුවතක් තිරගත කිරීමට ඊ. ඒ. පී. සැවෝයි සර්කිට් සිනමා මණ්ඩලය තීරණය කොට තිබේ. එය ජීවිතයේ අනිත්‍ය අවබෝධ කර ගත් සුභා තෙරණියගේ සිනමාපටයයි. මෙම මස  සිට එම සිනමාපටය තිරගත වීම ආරම්භ වේ.

කුරුලු පිහාටු, ඇලඩින් සහ පුදුම පහන ආදී සිනමාපට අධ්‍යක්ෂණය කළ සුමිත් කුමාර සුභා තෙරණියෝ චිත්‍රපටයේද අධ්‍යක්ෂවරයාය.

මෙහි සුභා තෙරණිය ලෙස රුවන්ගි රත්නායක රංගනයේ යෙදෙයි. ශ්‍රියන්ත මෙන්ඩිස්, දිල්හානි ඒකනායක, රොෂාන් රණවන, මහින්ද පතිරගේ, උදයන්ති කුලතුංග, නිමල් පල්ලෙවත්ත, කුමාර වඳුරැස්ස, තිළිණි පෙරේරා ඇතුළු පිරිස මෙහි චරිත මවති.

අයෙෂ්මන්ත හෙට්ටිආරච්චි කැමරා අධ්‍යක්ෂවරයාය. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් එකතු විය. පිටපත් රචනය ප්‍රියාල් වීරසිංහගෙනි. දිනේෂ් ජයශාන්ත කලා අධ්‍යක්ෂවරයාය. මහාචාර්ය සුනිල් ආරියරත්න ගී පද රචනා කොට තිබේ.

විශාරද නන්දා මාලිනී සහ දුමාල් වර්ණකුලසූරිය ගායනයෙන් එක් වූහ. ශාන් අල්විස්ගේ සංස්කරණයකි. රන්ජිත් තිලකසිරි සහ මනෝජ් ලක්සිරිගේ අංග රචනයකි. සුභා තෙරණියෝ ආනන්ද සමරසිංහ සහ බිසර චානක්‍ය මානගේ ගේ නිෂ්පාදනයකි.

About SirilakaNews

Check Also

samitha

ලෝකයේ ප්‍රථමවතාවට එකම චිත්‍රපටයකදි මවක් සහ දියණියක් සම්මාන ලැබීම! Mother and Daughter In the same movie Award for the first time in the world

මම විතර සතුටෙන් ඉන්න අම්ම කෙනෙක් නැතුව ඇති මම හැමදාමත් නවකයන් වෙනුවෙන් පෙනී සිටිනවා පසුගියදා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *