Breaking News
Home / නවකතාව / වසන්ත ගීතයයි ඔබ දුර ඇත ගිම්හානයේ

වසන්ත ගීතයයි ඔබ දුර ඇත ගිම්හානයේ

WASANTHA GEETHAYAYI - XXX

දයාබර පාඨකය,

වසන්ත ගීතයයි ඔබ දුර ඇත ගිම්හානයේ මගේ ලියවිල්ලේ නිර්මාණය නොබෝ දිනකින් නව කතා පොතක් ලෙස පලවිමට නියමිතය.
ඒ හෙයින් මෙහිදි ඒ පිළිබද මා කරන ලියවිල්ල මදක් නතර කරන්නට සිදුවිය.

කොටස් අසූ අටක් දක්වා ඔබ සමග මේ සිතිවිළි සංකල්පනාව බේදාගත් හෙයින් ඒ ක්ෂණිකයෙන් ඉහත කි වානිජ්‍ය කරුණ මුල් කොට එය ගොළුකොට හැර යාම මගේ සිතට අස්වැසිල්ලක් නොදුන් බව පවසමි.

නවකතා කරුවා කවියා ලේඛකයා යනු සංවේදි සිතක් ඇති අසංවර සිතිවිලි දැහැනින් පරිපුන් මිනිසෙකි.

ඉහත මාසිතින් එළියට පැනගත් ඔබව නොහෑරයාමේ සිතිවිල්ලේ හරය එය යැයි මට සිතෙයි.
විදෙස් රටවල් කීපයක සිටින මගේ මේ ලියවිල්ලට සෙනෙහෙවන්ත වු කීප දෙනෙක් මෙය නැවත ලියන ලෙස මට පනිවිඩ තබා තිබුණි.
ඔවුන්ද සෙනෙහෙවන්ත සිතින් මා සිහිකරන්නේ ඔවුන් මෙවැනි සිත්යාගවල ප්‍රාණ ජිවකයන් වන හෙයිනි.

මුද්‍රිත වසන්ත ගීතයට වඩා මදක් වෙනස් වු චින්තන වෘතාන්තයක් ලෙස මෙය මින් ඉදිරියට මා අතින්  ලියවෙනු ඇත.

ඉන් මා අදහස් කරන්නේ මුලික හරය හා වෙනස්වන බවක් නොව තවත් නිර්මාණ කිපයක් මාසිත තුල ජනිත කරන්නට  මංඉමට අවැසි හෝරාව සොයා ගැනිමට ඔබේ පාඨක සිත නොරිදවා මින් නිකම යාමටය.

මගේ චින්තන සංකල්පනාවේ අරවින්ද නිම්සරා සෙව්වන්දි වැනි චරිත අපේ සංස්කෘතියතුලින් මා අහුලා ගත් ජිවිත ප්‍රගාමින්ය.

එවැනි චරිතවල සමහර සංසිද්ධීන් හරස් හා දිගටි ලෙස කවලම් කොට ඊට මානව දයාව නැමැති ජිවග්‍රාහණ ආලේපනය තවරා මගේ නිර්මාණී උවමනාවට ඔබේ පහන් සිත ආකර්ශණය කර ගැනිමට මම වෙර දරමි…….වසන්ත ගීතයයි ඔබ දුර ඇත ගිම්හානයේ පන්හිද යළිත් මාසිතේ අවුලවාගමි.

අශෝක හෙට්ටිආරච්චි
වසන්ත ගීතයයි ඔබ දුර ඇත ගිම්හානයේ සිතිවිළි දායක

www.sirilakanews.com

About SirilakaNews

Check Also

Untitled-1

වසන්ත ගීතයයි ඔබ දුර ඈත ගිම්හානයේ /85

  සිදුවු සියල්ල සිහිනයක් බදුය දෛවය කොතරම් ජිවිතයේ සමහර කරුණු සමග සංවේදිද තම අතේ වු ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *