Breaking News
Home / Hotnews / ලෝකයේ විශාලතම නීති විරෝධී මත් ද්‍රව්‍ය අන්තර්ජාල වෙළෙඳපොළ අත් අඩංගුවට! World’s largest online illegal drug market arrested!

ලෝකයේ විශාලතම නීති විරෝධී මත් ද්‍රව්‍ය අන්තර්ජාල වෙළෙඳපොළ අත් අඩංගුවට! World’s largest online illegal drug market arrested!

Untitled-1

අන්තර්ජාලයේ ප්‍රධාන සෙවුම් යාන්ත්‍රණවලට හසු නොවන පරිදි හොර රහසේ පවත්වාගෙන ගිය ලෝකයේ  විශාලතම නීති විරෝධී මත් ද්‍රව්‍ය අන්තර්ජාල වෙළෙඳපොළ පවත්වාගෙන ගිය පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බටහිර ජර්මානු පොලිසිය සමත් වී තිබේ. එහි සොරකම් කරන ලද දත්ත සහ වෛරස් ඇතුළත් මෘදුකාංග ද තිබී සොයාගෙන ඇත.

ජර්මානු ඩීපීඒ පුවත් ඒජන්සිය වාර්තා කළේ, මෙම විමර්ශනවලට එක්වුණු ඇමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යංශය විසින් ලොස් ඇන්ජලීස්හිදී තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු සැක පිට අත්අඩංගුවට ගෙන ඇති බවය. මේ වන විට අක්‍රිය කර ඇති එම වෙබ් අඩවිය නම් කර තිබුණේ, “වෝල් ස්ට්‍රීට් මාර්කට්” යනුවෙනි.

ඊට අදාළ මුදල් සහ ක්‍රිප්ටෝ මුදල් ද පොලිසිය භාරයට ගෙන තිබේ.

ඩාර්ක් නෙට් (අඳුරු ජාලය) නමින් හැඳින්වෙන එම රහසිගත ජාලය අන්තර්ජාලයේ ඇතුළත් වුව ද ප්‍රධාන සෙවුම් යාන්ත්‍රණවලට හසු නොවන පරිදි සකසා තිබිණි.

මෙම මෙහෙයුම සඳහා නෙදර්ලන්ත පොලිසිය සහ යුරෝපා සංගමයේ පොලිසිය වන යුරෝපෝල් (Europol) ආයතනය ද එක් විය. ට්විටර් ඔස්සේ නෙදර්ලන්ත පොලිසිය පවසා ඇත්තේ, ඔවුන් එම මෙහෙයුම දියත් කළ බවය.

ජර්මානු පොලිසිය විසින් බැඩ් විල්බල්හිදී 31 හැවිරිදි පුද්ගලයෙකු, ක්ලීව්හිදී 22 හැවිරිදි පුද්ගලයෙකු සහ එස්ලින්ගන්හිදී 29 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පවසන්නේ, ජාලගත නීති විරෝධී වෙළෙඳපොළ පවත්වාගෙන යාමට භාවිත කළ පරිගණක, යුරෝ 550000ක මුදල්, යුරෝ මිලියනයකට අධික වටිනාකමක් ඇති ක්‍රිප්ටො මුදල්, බිට්කොයින් සහ මනිරෝ මෙන් ම මිල අධික මෝටර් රථ කිහිපයක් ද සිය භාරයට ගත් බවය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූ පරිදි, අදාළ වැටලීම සිදු කළ අවස්ථාව වන විට මත්ද්‍රව්‍ය ඇණවුම් 63000ක් ලැබී තිබුණු බවය. එහි ගනුදෙනුකරුවන් මිලියන 1.1කගේ ගිණුම් ද තිබී ඇති අතර ඊට සම්බන්ධ වී සිටි ජාවාරම්කරුවන් සංඛ්‍යාව 5400කට අධිකය.

ජර්මානු නාලිකාවක් වන එස් ඩබ්ලිව් ආර් නාලිකාව පවසන්නේ, එක්ස්ටසි පෙති සහ කොලොම්බියානු කොකේන්වල විවිධ මිල ගණන් අදාළ වෙබ් අඩවියෙහි සඳහන් කර තිබූ බවය. කොකේන් ග්‍රෑම් එකක මිල යුරෝ 42ක් ලෙසත්, හෂීස් ග්‍රෑම් එකක මිල යුරෝ 11ක් ලෙසත් එහි සටහන් වී තිබිණි.

විමර්ශන නිලධාරීන් පවසන්නේ, එම වෙබ් අඩවියෙහි ආයුධ වෙළෙඳාම සහ ලිංගික අපයෝජනයට ආදළ ඡායාරූප තහනම් බවට දැන්වීමක් පළ කර තිබූ බවය.

එම වෙබ් අඩවියෙහි හිමිකරුවන් නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙළෙඳාමෙන් ඒවායෙහි වටිනාකමෙන් 2-6%ක කොමිස් මුදලක් ලබාගෙන තිබේ.

මේ අතර එම මෙහෙයුමට සම්බන්ධ තවත් මෙහෙයුමකදී ෆින්ලන්ත රේගුව විසින් සිල්කයිටී (Silkkitie) නමැති තවත් රහසිගත අන්තර්ජාල වෙළෙඳපොළක් සොයාගත් බවය.

About SirilakaNews

Check Also

download (2)

ජනාධිපති මරණ දඩුවමට අත්සන් තබයි! ජාත්‍යන්තර කෂමා සංවිධානය ඊට විරෝධය පායි! President signs death sentence! International Kashmir protests against this!

මත්ද්‍රව්‍ය වැරදිවලට වරදකරුවන් වූ පුද්ගලයන් හතරදෙනකුට මරණ දණ්ඩනය දීම අනුමත කරන ලියැවිලිවලට අත්සන් තැබූ බව ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *