Breaking News
Home / දේශපාලන / ප්‍රහාර වැළැක්වීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වගකිව යුතු බවට බරපතල චෝදනා! There are serious allegations that the president was responsible for the failure to prevent attacks.

ප්‍රහාර වැළැක්වීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වගකිව යුතු බවට බරපතල චෝදනා! There are serious allegations that the president was responsible for the failure to prevent attacks.

ISIS

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාව පුරා ස්ථාන කිහිපයකදී එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් මියගිය පිරිස 359 ක් බව බලධාරීහු පවසති.

ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට 60 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව ද පොලිසිය පවසයි.

එම ප්‍රහාර වැළැක්වීමට සහ රටේ ආරක්ෂාව සහතික කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් රාජ්‍ය නායකයා සහ ආරක්ෂක කටයුතු භාර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා වගකිව යුතු බවට බරපතල චෝදනා එල්ලවෙමින් පවතී.

බදාදා (අප්‍රේල් 24) පාර්ලිමේන්තුවේ පැවති හදිසි විවාදය අමතා අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් ඒ සම්බන්ධයෙන් සෘජුවම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට චෝදනා එල්ල කළේය.

විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා සහ ජාතික තවුහීද් ජමාත් සංවිධානය අතර පවතින සම්බන්ධය ගැන බරපතල ප්‍රශ්න පවතින බව කියා සිටි මන්ත්‍රීවරයා, එම සම්බන්ධතාව මෙන්ම ජාතික තවුහීද් ජමාත් සංවිධානය සහ වෙනත් දේශපාලන නායකයන් හා හිටපු ආරක්ෂක නිලධාරීන් අතර පැවති සම්බන්ධතා ගැන ද විමර්ශන පැවැත්විය යුතු බව සඳහන් කළේය.

එවකට ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ එම් එල් ඒ එම් හිස්බුල්ලා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෑතදී නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා වශයෙන් පත්කරනු ලැබිණ.

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ එක් ප්‍රහාරකයෙක් පසුගිය දෙසැම්බර් මාසයේ මාවනැල්ල සහ මහනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නිදහස් කරන ලද පුද්ගලයෙකු බව එම ප්‍රදේශය නියෝජනය කරන අමාත්‍ය කබීර් හෂීම් මාධ්‍ය වෙත පවසා තිබුණි.

එසේ බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ අදාළ පුද්ගලයා නිදහස් කරන මෙන් දේශපාලන බලපෑම් එල්ල වූ බවට වාර්තා පළ වී තිබිණ.

ප්‍රහාරය අවස්ථාවේ අමාත්‍ය කබීර් හෂීම් ලබා දුන් නායකත්වය පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අගය කළ එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා, ඇතැම් රැඩිකල් මුස්ලිම් කණ්ඩායම් පිළිබඳව මුස්ලිම් ජනතාව මීට වසර කිහිපයකට ඉහතදී ආණ්ඩුවේ රහස් ඔත්තු සේවාවලට දැනුම් දී තිබුණු බවත් පෙන්වා දුන්නේය.

මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මේ අතර රහස් තොරතුරු ලැබී තිබියදීත් ප්‍රහාර වලක්වා ගැනීමට අපොහොසත් වීම මගින් ජනාධිපති, අගමැති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් සිය මූලික හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් මාධ්‍යවේදී කසුන් පුස්සවෙල විසින් ජාතික මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් යොමුකර තිබේ.

මොහොමඩ් සහරාන් ඇතුළු මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ හැකි යැයි සිතිය හැකි පුද්ගලයන් සය දෙනෙකුගේ නම් සහ ඔවුන්ගෙන් ඇතැමෙක් සැඟවී සිටින ස්ථාන පවා සඳහන් කරමින් රහස් ඔත්තු සේවා විසින් ළඟදීම සිදුවීමට ප්‍රහාරයක් ගැන අනතුරු අඟවා තිබියදීත් ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට අපොහොසත්වීම හේතුවෙන් ඝාතනයට ලක්වූ 300 කට අධික පිරිසගේ ජීවිත ගැන ආරක්ෂාව භාර ප්‍රධානීන් වගකිව යුතු බව අදාළ පෙත්සමේ දැක්වේ.

“රාජ්‍ය ආරක්ෂාව බාරව වගකිව යුතු, මෙරට උත්තරීතර නීතියවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොකරන බවටත්, එය ආරක්ෂා කරන බවටත් ඒ මත දිවුරා පොරොන්දු වූ ආරක්ෂක අමාත්‍ය, සේනාධි නායක, විධායකයේ හා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානී ජනාධිපතිවරයාද, අග්‍රාමාත්‍යවරයාද, කැබිනට් හා කැබිනට් නොවන අමාත්‍යවරුන්ද,ව්‍යවස්ථාදායකයේ සියලුම මන්ත්‍රීවරුන්ද, විශ්‍රාමික ජනාධිපතිවරුන්ද, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාද, පොලිස්පතිවරයාද, මෙම තොරතුරු බාරව සිටින හා වගකිවයුතු ඒ ඒ රාජ්‍ය නිලධාරීන්ද ඝාතනය වූ, තුවාල ලැබූ මෙන්ම පීඩාවට පත්ව සිටින සියලුම පුරවැසියන්ගේත්,මාගේත් පහත සඳහන් මූලික අයිතිවාසිකම් හිතාමතාම, චේතාන්විතව උල්ලංඝනය කර අනතුරේ හෙළා ඇති බව මාගේ දැනුම අනුව විශ්වාස කරමි,” යනුවෙන් ද අදාළ පැමිණිල්ලේ සඳහන් වේ.

BBC ඇසුරෙනි.

About SirilakaNews

Check Also

_109088161_20191003_135446

එක්සත් ජාතික පක්ෂ විශේෂ මහා සම්මේලනයේදි සම්මතවූ යෝජනා.Resolutions of the United National Party At the special convention

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස එම පක්ෂයේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *