Breaking News
Home / නිදහස් පන්හිද / ගෝඨා හඹා ගිය ආණ්ඩුවට සහරාන් හමුවීම! Gotas pursued government met with Saharan.

ගෝඨා හඹා ගිය ආණ්ඩුවට සහරාන් හමුවීම! Gotas pursued government met with Saharan.

   Untitled-1kscbaskcbakcadk

මේ සටහන තබන අද දිනය මැයි 13 ය. දහතුන නපුරු යැයි ඇතැම්හු කියති. එහෙත් අපට නම් සිතෙන්නේ මැයි 13 යනු මේ රටටත් සමස්ත ශී‍්‍ර ලාංකිකයන්ටත් වාසනාව ගෙන ආ දිනයක් යැයි යන්නය.

අපට වාසනාවක් වූ ඒ 13 අවාසනාවන්ත වූ තිරිසනෙක් එදා මේ පොළොවේ විසීය. හේ අන් කවරෙකුවත් නොව, මිනීමරු වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ය. මැයි 13 මේ රටට වාසනාවක් වූයේ එදා එල්ටීටීඊ ත‍්‍රස්තවාදයට එරෙහි සටනේ තීරණාත්මක අවසාන ප‍්‍රහාරය ඇරඹුණේ 2009 මැයි මස 13 වැනි බදාදායින් උදා වූ සතියේදී වන නිසාය.

හරියටම ඒ ආරම්භයේ සිට දින හයක් ගිය තැන 2009 මැයි 19 වැනිදා යට ඇඳුමපිටින් නන්දිකාඩාල් කලපුවේ කරවටක් ගිලී සැඟව සිටියදී වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ට පරලොව යන්නට සිදුවූ නිසා ඔහුට එය අවාසනාවක් විය.

ප‍්‍රභාකරන්ට ඒ අවාසනාව ගෙන දෙන්නට අපේ වීරෝදාර රණවිරුවෝ එදා ජීවිත පරිත්‍යගයෙන් ගිය ගමන අති දුෂ්කර එකක්ම වූහ. එහිදී ඔවුහු කළ කැප කිරීම් බොහෝ වූහ. අපේ විරුවන් ගිය මේ ගමනේදී එහි තවත් කොටස්කරුවන් පිරිසක් වූ රටේ ආරක්‍ෂක බුද්ධි ජාලය තුළින් සිදු කෙරුණු කාර්යය ද සුවිශේෂී වූවකි. විදේශ ඔත්තු සේවා පවා මවිත කරවන තරමේ රහසිගත මෙහෙයුම් ඔවුහු දියත් කළහ.

පැහැදිලිවම කිවහොත් ජාත්‍යන්තරය දක්වා විහිදී තිබූ ඒ බුද්ධි දැල හමුවේ මේ වර්ග සැතපුම් හැටපන්දහසින් එක් සෙන්ටි මීටරයක්වත් සතුරාට නිරාවරණය නොවන ලෙස සියල්ල සිදුවිය.

මේ අන්දමට එදා සටනේ සෙන්පතියෝ වූ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා, නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක, ජෙනරාල් ජගත් ජයසූරිය මෙන්ම මේජර් ජෙනරාල්වරුන් වන ශවේන්ද්‍ර සිල්වා, ජගත් ඩයස්, කමල් ගුණරත්න, ප‍්‍රසන්න සිල්වා, චාගි ගාල්ලගේ ඇතුළු ත‍්‍රිවිධ හමුදා විරුවෝ ගුවනින්, මුහුදින් සහ ගොඩබිමින් සතුරා වටකර යුද බිමේ පෙරට යද්දී අපේ මිනිස්සු ඒ වීරත්වයට බොහෝ කෘතවේදී වූහ. ඔවුන්ට සෙත්පතා දෙවියන් යැද්දාහ.

රටටත් රණවිරුවන්ටත් ආශීර්වාද කර බෝධි පූජාවක් නොතැබූ, දේව කන්නලව්වක් නොකළ අයකු නොවීය. රාති‍්‍රයට සියල්ලෝ එකතුව රූපවාහිනී යන්ත‍්‍ර අසලට එක්වී අලූතින් ලියැවෙමින් තිබූ ජාතියේ වීර කාව්‍ය නරඹන්නට වූහ. ඒ තරමටම රටම සිටියේ හදවතින් යුද බිමේය. රණවිරුවන් සටනේ පෙරට යනවිට ගම නගරය රැක ගන්නට ජනතාව පෙරට ආහ. අද මෙන් නොව, පාසලේ ගේට්ටුව මුර කරමින් දරුවෝ රැකගත්තේ දෙමාපියෝය.

ඉදින් එදා අපි ඒ අවසානයේ ලද විජයග‍්‍රහණයේ සතුට සැමරුවෙමු. තැන තැන කිරිබත් පිස අනුභව කළෙමු. උදා වූ සාමයට ආවඩා ජයමංගල ගී කීවෙමු. රණවිරුවාට දේවත්වයෙන් සැලකුවෙමු. ලද උද්දාමය කොතෙක් වීද යත් කුඩා ස‘ඟිත්තාගේ සිට මහල්ලන් දක්වා සියලූ දෙනා අත රැඳි සිංහ ධජ ලෙළදෙන්නට විය.

එහෙත් ඉන් පසුව ක‍්‍රමයෙන් සිදුවන්නට වූයේ කුමක්ද? ලැබූ සාමයේ සතුට විඳිමින් සියල්ලෝ නිදහසේ පියඹා යන්නට වූහ. එසේ යද්දී එතෙක් සිත් තුළ තිබූ ත‍්‍රස්තවාදී භීෂණයේ මතකය උඩු සුළෙඟ් ගසාගෙන ගියේය. බිඳෙන් බිඳ අපට රණවිරුවා අමතක විය. පැහැදිලිවම සිදුවූයේ මුල අමතක වීමය.

මේ අතරේ දෙමළ බෙදුම්වාදයේ සතුරා සහ විජාතික කුමන්ත‍්‍රණකරුවෝ වෙනත් වටයකින් අප ඉදිරියට ආහ. එහිදී අප කරනු ලැබුවේ රටට සාමය දිනා දුන් අප විසින්ම මහ රජාණෝයි කී දේශපාලන වීරත්වයට හොරා යැයි කියමින් වෙනසක් පතා සතුරාට පාවාඩ දැමීම නොවේද?

එදා රටේ ජනමනස තුළ එවන් තත්ත්වයක් නිර්මාණය වීමට පසුගිය රජයේ තිබූ ඇතැම් බරපතළ අඩුපාඩුද හේතු විය. එහෙත් එහිදී තීන්දු තීරණ ගැනීම අප විසින් කරනු ලැබුවේ තිස් වසරක් ත‍්‍රස්තවාදයෙන් බැට කෑ ජනතාවක් කළ යුතු අන්දමටද?

නැත. රාජපක්‍ෂ පාලනයේ යම් දොසක් තිබුණේ නම් එදා පළමුව කළ යුතුව තිබුණේ කිසියම් අනතුරු ඇඟවීමක් වන පරිදි කි‍්‍රයාත්මක වීමය. එහෙත් ඒ වෙනුවට සිදු වූයේ සමස්ත රාජ්‍ය තන්ත‍්‍රය වෙනස් කිරීමට පියවර ගැනීම විය.රටේ ජනතාව එතැනට තල්ලූ වී යෑමට ඒ වන විට බෙදුම්වාදයට සහ විජාතික කුමන්ත‍්‍රණකරුවන්ට කොන්දේසි විරහිතව කඬේ ගිය ඇතැම්හු අසත්‍ය වපුරමින් සිදුකළ කටකතා පැතිරවීම ආදී වශයෙන් වූ නපුංසක කි‍්‍රයාදාමයන් ද දැඩි ලෙස බලපෑහ.

මුස්ලිම් අන්තවාදය ත‍්‍රස්තවාදයක් දක්වා රැගෙන ගිය තව්හිද් ජමාත් යන්න මෙරට ජන සාමජය තුළ එතෙක් සැඟව සිටි තැනින් මුල්වරට එළියට පැමිණියේද මේ කාලයේදී ය. ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ එදා මෙරට තුළ කි‍්‍රයාත්මක මුස්ලිම් අන්තවාදයට එරෙහි නැඟී සිටින්නට වූහ. එහිදී උන්වහන්සේට එරෙහිව ඉදිරියට පැමිණියේ තව්හිද් ජමාත් කල්ලිය යි.

ඒ මතුවීමේ එක් යටි අරමුණක්ද තිබිණ’. එය වූයේ එතෙක් රාජපක්‍ෂ කඳවුර වටා රොක් වුණු යම් මුස්ලිම් ජන පදනමක් වූයේ නම් එය ඉන් ඉවතට ගැනීම විය. මෙහිදී අපි කිසිවක් නොදන්නෙමුයි අද කියන මුස්ලිම් දේශපාලනය සිට ගත්තේ ද තව්හිද් ජමාත් කල්ලිය සමඟය.

ඒ අතරේ මේ කුමන්ත‍්‍රණයේම කොටසක් ලෙස තවත් පැත්තකින් සිදුවූ දෙයක්ද විය. ඒ රාජපක්‍ෂ කඳවුර වටා ප‍්‍රබල ලෙස පැවැති සිංහල බෞද්ධ පදනම දෙදරවමින් ජාතික හෙළ උරුමයේ අතුරළියේ රතන හිමියන් සහ වත්මන් මෙගා පොලිෂ් ඇමැති පාඨලී චම්පික රණවක වැන්නන් ඉන් ඉවතට ගමන් කිරීම ය. එය එදා රාජපක්‍ෂ පාලනය අවසන් කිරීමේ තීරණාත්මක සිදුවීමක්ද විය.

මෙහිදී සියල්ල අමතකව රැවටුණු රටේ ජනතාව සේම අන් සියලූ දෙනාම පැතුවේ වෙනසකි. අවසානයේ ඉකුත් 2015 වසරේ ජනවාරි 8 වැනිදා ඒ වෙනස ඔවුන්ට ලැබිණි. මේ වෙනස සමග ජය මාවතට පා තැබුවෝ කවරහුද? මේ රටේ ජනතාවද? නැත. දෙමළ බෙදුම්වාදීහු සහ විජාතික කුමන්ත‍්‍රණකරුවෝය. එතැන් සිට සිදුවූයේ කුමක්ද?

මෙසේ කුමන්ත‍්‍රණයේ පළමු අදියර ජයගත් බෙදුම්වාදීන්ගේ හා විජාතික කඳවුරේ ඊළඟ අරමුණු වූයේ කෙසේ හෝ මේ රටේ ජාතික ආරක්‍ෂාව බිඳ දැමීම විය. ජාතික ආරක්‍ෂාව බිඳ දැමීමෙන් අරාජික වන ශී‍්‍ර ලංකාව යළි දෙමළ බෙදුම්වාදය දෙසට තල්ලූ කර ප‍්‍රභාකරන්ට තුවක්කුවෙන් කළ නොහැකි වූ දේ සහජීවනයේ සහ සංහ‘ඳියාවේ නාමයෙන් ඉටු කර ගැනීම එහිදී ඔවුන්ගේ ඉලක්කය විය. ඒ සඳහා ඔවුන් තෝරා ගනු ලැබුවේ 2015 වසරේ අගෝස්තුවේදී තමන් විසින්ම බිහි කරන ලද යහපාලනය ය.

ඒ වනවිට බලය වෙනුවෙන් බෙදුම්වාදයේ සුනඛයන් සමග වැතිරී මැක්කන් සමග නැඟිට සිටි එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රධාන යහපාලනයටද උපන් බිම වැනසීම සඳහා සිදු කෙරෙමින් තිබූ මෙකී මව මරා දමන තරමේ ආනන්තරීය පාපකර්මයෙන් වැළකී සිටීමේ හැකියාවක් තිබුණේ නැත. හැකියාව කෙසේ වෙතත් එය මඟහැර සිටීමේ වුවමනාවක් තිබුණේද නැත.

ඒ අනුව ඉකුත් 2016 වසර ඇරඹීමත් සමග කුමන්ත‍්‍රණයේ ඊළඟ අදියරද කි‍්‍රයාත්මක විය’.එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය වීමට එක් ප‍්‍රබල සාධකයක් වූයේ ශී‍්‍ර ලංකා හමුදා බුද්ධි අංශ සතුව තිබෙන ශක්තිමත් බුද්ධි ජාලය බව සතුරා ඒ වන විට අවබෝධ කරගෙන තිබුණකි.

ඒ අවබෝධය තුළ ශී‍්‍ර ලංකාවේ ජාතික ආරක්‍ෂාව බිඳ දමා සිය අණසක පැතිරවීමට නම් නියත වශයෙන්ම සිදු කළ යුත්තේ බුද්ධි අංශ වෙත අඛණ්ඩ ප‍්‍රහාරයක් එල්ල කිරීම බව ඔවුහු දැන සිටියහ. අවසානයේ එය කි‍්‍රයාත්මක විය. එහිදී යොදා ගනු ලැබුවේ යහපාලන දේශපාලන වේදිකාවන්හි රැව් දුන් එක්නැලිගොඩ, රවිරාජ්, මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග, ආදී වශයෙන් වූ රාජපක්‍ෂ කඳවුරට චෝදනා එල්ල කෙරුණු උණුසුම් කතාන්දරය.

මේ කතාන්දර මතුවෙද්දී සී.අයි.ඞී.ය ඒ පිළිබඳ විමර්ශන ඇරඹීය. සියල්ල මෙහෙයවූයේ එජාපයේ වත්මන් මජර දේශපාලනය සහ ඒ තුළ ඔටුනු පැළඳ සිටි එන්ජී ඕ කාක්කෝය. ඒ අනුව රටම බලා සිටියදී සීඅයිඞීය විමර්ශන මුවාවෙන් අඛණ්ඩ බුද්ධි අංශ දඩයමක් ආරම්භ කළේය. එය හමුවේ ජාතික ආරක්‍ෂාව අතිශය භයානක ලෙස බිඳ වැටෙමින් තිබිණි.

එහෙත් සිදුවෙමින් තිබූ මේ විනාශය ආණ්ඩුව ඉතා පහත් ලෙස නොසලකා හැරියේය. යහපාලනය එසේ හැසිරුණේ ඇයි? ඒ වනවිට ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ මහින්ද රාජපක්‍ෂ මහතා සිටියේ ඉහළ ජනතා ආකර්ෂණයක්ද සමගින් යළි දේශපාලනයට පිවිස ය. ඒ ආරම්භයේදීම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා මහින්දාගමනය නතර කිරීමට ආණ්ඩුව කටයුතු කළද රාජපක්‍ෂ කඳවුර තුළින් ඊළඟ අනුප‍්‍රාප්තිකයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මතුවෙමින් සිටින බව ද යහපාලනය දුටුවේය.

මේ නිසා ජාතික ආරක්‍ෂාවට වඩා ආණ්ඩුවට වැදගත් වූයේ ගෝඨාභය රාජපක්‍ෂය. ඒ අනුව සීඅයිඞීය හරහා සිදුවෙමින් තිබූ බුද්ධි අංශ දඩයමේ අවසානය ඉලක්කය ගෝඨා බවට පත්කර ගත් ආණ්ඩුව හති දමාගෙන ඔහු පසුපස හඹා ගියේය. මෙසේ සියල්ල පාවාදීම හමුවේ රටම අරාජික වෙද්දීත් නොනවත්වා ගමන ගිය ආණ්ඩුවට අවසානයේ ගෝඨා වෙනුවට හමුවූයේ සහරාන් හෂීම්වය.

පැහැදිලිවම රටක් වශයෙන් අද අප මුහුණ දී සිටින්නේ මේ ඛේදවාචකයට නොවේද? මෙසේ ආණ්ඩුවට සහරාන් හෂීම් හමුවී අදට හරියටම සති තුනකි. ඒ සති තුන පිරුණු අද දිනය මැයි 19 වැනිදාය. මැයි 19 යනු ප‍්‍රභාකරන්ගේ තිස්වසරක ශාපය නිමාවී මේ මාතෘභූමියට සැබෑ නිදහස උරුම වූ ඓතිහාසික දිනය විය. ඒත් එය සමරන්නට අද රටේ ජනතාවට අවස්ථාවක් නැත. අඩුම තරමේ රට වෙනුවෙන් දිවිදුන් රණවිරුවන් වෙනුවෙන් පිංකමක් කිරීමටවත් ජනතාවට නොහැකිය.

මුළු රටම ඇත්තේ තුෂ්නිම්භූතවය. ආණ්ඩුව කියන්නේ සියල්ල අවසන් කියාය. ඒත් තවමත් එය පිළිගන්නට ජනතාව සූදානම් නැත. හේතුව සත්‍ය ඇත්තේ වෙනතක බව පෙනෙන්නට තිබීමය. ඇත්තෙන්ම සහරාන් හසීම් ඇතුළු ඉස්ලාම් ත‍්‍රස්තවාදින් අපට පාස්කු ප‍්‍රහාරය එල්ල කෙරුවේ ඇයි? එහිදී මේ රටේ දෙමළ කි‍්‍රස්තියානි ජන කොටස සහ විදේශීය සංචාරකයන් ලෙසින් එකිනෙකට පරස්පර වූ ඉලක්ක දෙකක් වෙත ඔවුන් ගමන් කළේ ඇයි? එසේම තවුහිද් ජමාත් ත‍්‍රස්තවාදී කල්ලියේ නායකයා යැයි කියන සහරාන් හෂීම් පළමු ප‍්‍රහාරයේදීම මරණය තෝරා ගත්තේ කුමක් නිසාද?

සාමාන්‍යයෙන් ත‍්‍රස්තවාදී කල්ලියක නායකයා එසේ මියයන්නේ නැත. එසේනම් සහරාන් හෂීම්ව මේ ප‍්‍රහාරය සඳහා මෙහෙයවූ හස්තයක් තවමත් කොතැනක හෝ සැඟව පවතීද? පාස්කු ප‍්‍රහාරය හමුවේ මේවා තවමත් උත්තර නැති ප‍්‍රශ්න බවට පත්ව ඇත. ඒවාට පිළිතුරු සොයන්නට ආණ්ඩුවට වුවමනාවක් නැති බවද බැලූ බැල්මට පෙනෙන්නට ඇත. මතුවූ ඉස්ලාම් ත‍්‍රස්තවාදය නැත්තටම නැති කිරීමට නම් අප වහාම මේවාට පිළිතුරු සොයාගත යුතුය. එහෙත් ආණ්ඩුව සිදු කරන්නේ වෙනකකි.

ඇතැම්විට තමන් විසින් මේ රට තුළ බිහි කළ ඇමෙරිකාව ප‍්‍රධාන බටහිර ගැති වත්මන් පාලනයේ නිමාව සටහන් වෙමින් තිබීම නිසා තවදුරටත් එය රැක ගැනීමට විජාතික කුමන්ත‍්‍රණයක් තුළින් මේ ප‍්‍රහාරය කි‍්‍රයාත්මක වූවා විය හැකිය. ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරියකව සිටි සමන්තා පවර්ගේ හිතවතා වූ කේමාගේ කොලූවා පසුගිය දා හිටි හැටියේම නින්දෙන් ඇහැරුණාක් මෙන් මේ බිම සිංහල බෞද්ධ රටක් නොවේ යැයි කීවේ සහ ඒ සමගම රට තුළ සිංහල මුස්ලිම් ජාතිවාදී ගැටුමක් නිර්මාණය වන තත්ත්වයක් ඇතිවූයේද එකී උත්සාහයේ ප‍්‍රතිඵලයක් නිසාද විය හැක.

තමන් කළ ප‍්‍රකාශය හමුවේ මේ වනවිට ඇමැති මංගල සමරවීරට මහා සංඝරත්නය ඇතුළු බොහෝ පාර්ශ්ව වෙතින් චෝදනා එල්ල වෙමින් තිබීම නිසා එය ලෙහෙසියෙන් බැහැර කිරීමටද නොහැකිය. එසේම 2000 දී පමණ ඇෆ්ගනිස්තානයෙන් මතුවූ අල් කයිදා ඉස්ලාම් ත‍්‍රස්ත කල්ලියේ සිට අයිඑස්අයිඑස් දක්වා විහිදී ගිය ඉස්ලාම් ත‍්‍රස්තවාදය තුළ කි‍්‍රයාත්මක වූ ඇමෙරිකානු භූමිකාව දෙස විමසීමෙන් බැලීමේදී ද අපට එල්ල වූ ප‍්‍රහාරය සහ ඇමැති මංගලගේ හදිසි හැසිරීම පිළිබඳ කල්පනා කළ යුතු බොහෝ දේ නැතිද?

ඒ කතාව එසේ වෙද්දී අද තවත් පැත්කින් සිදුවන දෙයක්ද ඇත. එය වනනේ 2015 දේශපාලන වෙනසේ කොටස්කරුවන් වී එජාපයෙන් ඡුන්දය ඉල්ලා පාර්ලිමේන්තුවට ගිය අතුරළියේ රතන හිමියන් සහ ඇමැති පාඨලී චම්පික මහතා ප‍්‍රධාන ජාතික හෙළ උරුමයේ වත්මන් දේශපාලන හැසිරීමය. ඔවුන්ට දැන් යළිත් මේ රටේ සිංහල බෞද්ධ උරුමය සිහියට නැඟී ඇත. මේ හැසිරීම තුළ ඇත්තේ අද වත්මන් ආණ්ඩුවට එරෙහිව ඒකරාශී වෙමින් තිබෙන සිංහල බෞද්ධ පදනම 2015 දී කළාක් මෙන් යළිත් වරක් දෙදරවා හැරීමේ සූදානම්ක්ද? හෙළ උරුමයේ මේ හැසිරීම සමග කියැවෙන තවත් කතාවක් වන්නේ දැනට සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉදිරි මැතිවරණයක් තුළින් දේශපාලනයට පිවිසීමේ ඉඩක්ද පවතින බවය.

එසේ වුවහොත් මේ මොහොතේ එක කඳවුරක් වටා ඒකරාශී වෙමින් තිබෙන සිංහල බෞද්ධ පදනම නියත වශයෙන්ම දෙදරා යනු ඇත. එසේ නම් සහරාන් හෂිම් බෝම්බ බැඳගෙන අප ඉදිරියට එද්දී අද රට තුළ කි‍්‍රයාත්මකව තිබෙන්නේ මේ බිම අරාජික කරමින් බෙදුම්වාදය වෙතට රැගෙන යෑමේ ජාත්ත්‍යන්තර කුමන්ත‍්‍රණයකට අනුව සිදුවන ‘ඩබල් එජ්’ මෙහෙයුමක්ද? මේ සිදුවන්නේ 2015 දී කළ දේ වෙනත් වටයකින් කි‍්‍රයාත්මක කිරීම විය නොහැකිද?

මතක තබා ගන්න. මේ මොහොත් අන්ධයන් සේ හැසිරෙමින් අසල්වැසි මුස්ලිම් සොහොයුරාට පහරදීමට පෙර අප ශී‍්‍ර ලාංකිකයන් ලෙස විමසිලිමත් විය යුත්තේ මේ පිළිබඳවය

අන්තර්ජාලයේදි හමුවු ලිපියක අනුශාරයකි.

About SirilakaNews

Check Also

PtlFk

දේශපාලන ජනප‍්‍රියත්වය සඳහා කරනු ලබන වියදම් මාර්ගවලින් හටගන්නා ඌනතා පරතරය ආශිර්වාදයක් නොව රටටම සාපයකි. The deficit gap in political spending is not a blessing but a curse to the whole country.

නිසි සංවර්ධන සැලසුම් හා ක‍්‍රියාමාර්ග තුළ පවතින රාජ්‍ය මූල්‍ය ඌනතාවය ආශිර්වාදයක් කර ගැනීමට නම් ඒ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *