Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති / ඊශ්‍රායලයට යළි පාර්ලිමේන්තු මැතිවරණයක්! Israeli parliament to re-election

ඊශ්‍රායලයට යළි පාර්ලිමේන්තු මැතිවරණයක්! Israeli parliament to re-election

neth

ඉකුත් අප්‍රේල් මස පැවැති මැතිවරණයෙන් වත්මන් අගමැති බෙන්ජිමින් නෙත්යානුගේ ලිකුඩ් දක්ෂිණාංශික පක්ෂය බහුතර ආසන සංඛ්‍යාවකින් ජයගත්තද ඊශ්‍රායල් පාර්ලිමේන්තුව යළිත් විසුරුවා හැරිමට ඊශ්‍රායල ජනාධිපති රෙවුවෙන් රිවීලින්  තීරණය කර ඇත.

තනි පකෂයක් වශයෙන් වැඩි බහුතරයක් දිනාගත්තද  අගමැති නෙතන්යාහුට ආණ්‌ඩුවක්‌ පිහිටුවා ගැනීමට නොහැකිවි  ඇත්තේ ඔහු දිනාගත් ආසන සංඛ්‍යව අභිබවමින් විපක්ෂයේ සිටින අරාබි සංස්කෘතියකින් හෙබි පක්ෂවල කුමන්ත්‍රණකාරී ක්‍රියා උත්සන්න විම නිසා බව එරටින් වාර්තා වෙයි.

ඊශ්‍රායල් පර්ලිමේන්තුවේ ආසන 120ක් සදහා විවිධ මත දරණ පක්ෂ රාශියක් ඉකුත් මැතිවරණයේදි තනි සහ මංත්‍රීධුර කීපයක් වශයෙන් ජයගෙන තිබීම මීට තවත් හේතුවක් වන අතර අගමැති ධුරයේ දිවුරුම්දිමට නියමිත අගමැති බෙන්ජ්මින් නෙතන්යහු ගේ දක්ෂිණාංශ ලිකුඩ් පක්ෂය තනි වැඩිම ආසන ප්‍රමානයක් දිනාගත් පක්ෂය වශයෙන් පාර්ලිමේන්තු ආසන 42 ජයගෙන ඇත.

ඔහුට සහය දක්වන සුළු පක්ෂ සමග ආසන 65 ක බහුතරයක් බෙන්ජිමින් නෙත්යානුගේ ආණ්ඩුවක් පිහිටුවීම සදහා එරට ජනාධිපති රෙවුවාන් රිවේලින් වෙතින් ඉල්ලිම් කලද දක්ෂිණාංශ නොවන අරාබි සංස්කෘතවාදි පක්ෂ සහ වමවාදි පක්ෂවල දේශපාලන කුමන්ත්‍රණ හරහා ඇතිවි ඇති අර්බුදයෙන් නැවත පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවිමට එරට ජනාධිපතිවරයාට සිදුවි ඇතැයි වර්තා වෙයි.

ඒ අනුව ලබන සැප්තැම්බර් මස 17 වන දින යළි එරට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විමට කටයුතු යොදා ඇති අතර වත්මන් අගමැති බෙන්ජ්මින් නෙත්යානුට සහය දෙනු ලබන සුළු දක්ෂිණාංශික කණඩායම්ද ඔහුට විරුද්ධව මැතිවරණ ව්‍යාපාරයට එක්වන ලකුණු පහළ වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා උපුටා දක්වයි.

මීට හේතුව වී ඇත්තේ පසුගිය අප්‍රේල් මස පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් නෙත්යානු අගමැතිවීමට සුදුසුකම් ලැබීමත් සමග ඔහු විසින් ප්‍රකාශකල ඊශ්‍රායල පලස්තීන බටහිර ඉවුරේ යුදෙව් ජනාවාස ප්‍රචලිත කිරිම අරාබි මෙන්ම ජාත්‍යන්තර නීතියටද අභියෝගයක් යැයි නිගමනය වීම හරහා බෙන්ජිඅමින් නෙත්යානුගේ දේශපාලන අනාගතය නොසිතු ලෙස විවේචනයට ලක්විමයැයි ඊශ්‍රායලයේ මෙන්ම ජගත් දේශපාලන විද්වතුන් පෙන්වා දෙති.

 

About SirilakaNews

Check Also

image_1a652a9d5e

පෑරීසියේ නෝත්‍ර දාම් අපේ මව දේවස්ථානය ඓතිහාසික පල්ලීය ගින්නෙන් දැවෙයි! Noir Shet historic ( Our mother church ) of Paris has been burnt down by a fire.

ප‍්‍රංශයේ අගනුවර වන පැරීසියේ පිහිටි ලෝක උරුමයක් ලෙස සැලකෙන නෝත්‍ර දාම් (අපේ මව දේවස්ථානය) කතෝලික දේවස්ථානයේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *