Breaking News
Home / Uncategorized / 2020 රට කාටද? Who will be the 2020 country?

2020 රට කාටද? Who will be the 2020 country?

Untitled-1

ඉකුත්දා මහනුවර අස්ගිරි පාර්ශවය විසින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට සාසන දීප අභිමානී ශ්‍රී ලංකා ජනරංජන කිර්ති නාමය ප්‍රධානය කෙරෙනි.

මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා වුයේද එකී තනතුර සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිමට මල්වතු අස්ගිරි විහාරය මෙහෙය වුයේද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාය.

සජිත් ප්‍රේමදාස මහතා රටේ නැගී එන ජාතික නායකයෙකු ලෙස බොහෝ පාර්ශව වල අවධානයට ලක්ව ඇති නිසා එකසත් ජාතික පක්ෂය තුලම ඔහු සදහා වු කණ්ඩායමක් නිර්මානය වී ඇති අතර ඊට පොදු වශයෙන විපක්ෂයේ තරුණ දේශපාලකයින් පිරිසක්ද සුදුසු අවස්ථාවකදි ඔහුට එක්වන බවට ඉදිරි දේශපාලන වෙනස්විම්  ඉගි පලකර ඇත.

උසාවි නියෝගයකින් නැවත ස්ථාපිත කෙරුණු යහපාළන ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩළය යළි පත් කිරිමේදි සජිත් ප්‍රේමදාස මහතාට නිවාස ඉදිකිරිම් අමාත්‍යංශය පමනක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිර්දේශ කලද  ඉන් එහාට ගිය ජනාධිපතිවරයා  ප්‍රේමදාස මහතාට සංස්කෘතික කටයුතු  අමාත්‍යංශයද ලබාදිමට කටයුතු කලේය.

ඒ හරහා සජිත් ප්‍රේමදාස මහතා සමග ඉතා සමීප සබදතාවයක් ගොඩනගාගත් මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන් නොනැවතී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමග තමාගේ සම්බන්ධිකරණය ප්‍රේමදාස  මහතා හරාම සිදු කරමින් රනිල්වාදි නොවන සියළු දෙනා රහසේ සජිත්වටා එක්කිරිමට විවිධ දේශපාලන උපක්‍රමවල නියළෙන්නට විය.

යහපාළන ආණ්ඩුව මතින් සිදුකෙරෙන විවිධ සංවර්ධන ව්‍යාප්තිවල අග්‍රාමාත්‍ය රනිල්ව පසු කොට සජිත්ට වෙනම භූමිකාවක් නිර්මානය කිරිමේ ලා උපක්‍රමශීලීව  සජිත් පිළිබද වාචික වර්ණාවකද නියැළුණු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා  එජපයේ කණ්ඩායමක්ද කඩාගෙන වෙනම දේශපාලන ව්‍යාපාරයක් හරහා සජිත් අගමැති කරවිමේ සිහිනයක නිරතව සිටී.

මෛත්‍රිපාල සිරිසේන මහතා උපක්‍රම ශීලීව හිටපු ජනාධිපතිවරයාව සහ වත්මන් අගමැතිවරයාව දේශපාලනිකව උපායශීලී ලෙස පසුකර යමින්  2020 ජනාධිපතිවරණයේදි තම අපේක්ෂකත්වය උදෙසා සජිත් සමග එජාපයේ කණඩායමක්ද පොදු පෙරමුණේ කණ්ඩායමක්ද තමන්ට සිටින ශ්‍රීලනිප පිරිසද කැටුව සාර්ථක අපේක්ෂකත්වයක් සදහා රහස් දේශපාලන ව්‍යාපරයක නියැළෙන බව  මේ වන විට දේශපාලනයේ වංගු දත් කා අතරත් අප්‍රකට නොරහසකි.

මේ තත්වය බොහෝ දේශපාලකයන්ට  ඉව වැටී ඇති සේයාවෙන් ඔවුන්ද තම දේශපාලන අනාගත  හතර අතේ විලම්බීතවී ඇති බවක් තේරුම් ගෙන ජනාධිපතිවරයා සමග එක්විමට ඇති මගක් සොයාබලමින් සිටින වග මේදිනවල දේශපාලන ව්‍යපාරයේ ජනාධිපති මෛත්‍රි පිළිබද ඔවුන් මාධ්‍ය හරහා කරන සුභවදී  විවරණ වලින් දක්නට ලැබෙයි.

2020 ජනාධිපතිවරණයේදි කිනම් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේද යන්න මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොහොට්ටුවට තවමත් අදුරේ අතපතගාමින් සිටී.

”මෙතෙක් පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට හිටපු ආරක්ෂක ලේකම්වරයා වු ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්වේවි යන අපේක්ෂාවෙන් සිටියාවු පොහොට්ටුවේ පක්ෂිකයින්ට සහ එම පක්ෂයේ දේශපාලකයින්ට එය ඒසේ නොවේ යැයි කියන්නට හිටපු ජනපති තීරණය කල දාක”

ඔහු විසිවී වැටෙන්නේ සරත් ෆොන්සේකාටත් එහා ගිය දේශපාලන අගාදයකට බව දත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා

එජාපයෙත්,ශ්‍රීලනිපයෙත්,පොහොට්ටුවෙත්, දේශපලකයන් තුල ගෝඨා භිතිකාවක් මැවිම හරහා ගෝඨාභයගේ ආගමනය වලක්වලිමට  හීන් සැරේ න්‍යායට අනුගතව සිටින බව ඊට ආදේශ සමහර කරුණු පෙන්වා දෙයි.

මෛත්‍රිපාල සිරිසේන මහතා හිටපු ජනාධිපතිවරයාද  එම උගුලකට හසුකරගැනිමට සමත්ව සිටින බව මාධ්‍ය හරහා (ඉදිරි ජනාධිපති අපේක්ෂකත්වය පිළිබද) ජනතාව අභිමුඛයේ බහුභූත කියවන මහින්ද රාජපක්ෂ මහතා ගෙන් හෙළිදරව් වෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා  රටේ ජනතාව තුල ඔහු සම්ප්‍රදායික දේශපාලඥ්ඥයෙකු නොවේය යන මතයෙන් ගොඩ නැගීගෙන ආ ජනප්‍රියතාවයට සාපේක්ෂව රටේ බුද්ධිමතුන්ගේ සහ තරුණ ජන්දවල ආකර්ශණයක් ප්‍රවර්ධනය වෙමින් පැවැති අතර පවතින දේශපාලනයේ ඔහුගේ ආගමනයත් සමග තම ජිවිතවල අනාගතය සිරගෙවල් වලට කොටු වෙතැයි බිය පල කරන මේරටේ අනාගතයට මේසා විශාල විපාකයක් උරුමකර දුන් දේශපාලන චෞරයන්  ගෝඨාභයට එල්ලකරන සාවද්‍ය චෝදනා හරහා ඉහත කී ආකර්ශණයද මදින් මද උදාසීන වන බවක් නිදර්ශනය වෙයි.

මේවන විට ඔහුගේ ද්විත්ව පුරවැසිකම 2020 ජනාධිපති  අපේක්ෂකත්වයට ඉදිරිපත්වීමට නොහැකිවන විලංගු රෑසක් නිර්මානය කර ඇතැයි  රටේ ජනතාව අතර මතයක් පැතිර යමින් පවතී.

රනිල් වික්‍රමසිංහ අගමතිවරයා ප්‍රමුඛ ඔහුගේ කණ්ඩායම ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහ වෙනත්  කණ්ඩායම් හරහා  තම ජනාධිපති ඉලක්කය සපුරාගැනීමට මාන බලමින් සිටි.

එක්සත් ජාතික පක්ෂය කඩා විසිරියාම වලක්වාලිමට එජාපයේ මීලග අගමැතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා  ගේ නම ඉදිරියට දමා ගන්නට රනිල්ට උපදෙස් දෙන ඔහුගේ උපදේශකයින්ට අනුව යමින් ඔහු ඒ සදහා   වැයම් කරද්දී පක්ෂය ඇතුලතින්ම කීප දෙනෙකු ඊට අවනත නොවන ආකාරයක් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයින් තිදෙනාගේ තුන්කොන් වාග් සංග්‍රාමය රටට හෙළිකරමින් සිටි.

කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස මහතාට 2020 ජනාධිපතිවරණයේදි තව දුරටත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය නොලැබෙන්නේ නම් පවතීන වතාවරණයට අනුව ඔහු මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජනාධිපති සටනට අගමැති අපේක්ෂකයා ලෙස එක්විමට ඇති ඉඩකඩට සාපේක්ෂව ඊට විකල්පයක් ලෙස එක්සත් ජාතික පක්ෂය 2020 ජනාධිපතිවරණයට  රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් නොවන මොහොතක පක්ෂයේ අපේක්ෂකයා ලෙස චම්පික රණවක මහතා හෝ කරු ජයසුරිය මහතා හෝ  ඉදිරියට ගෙන එනු ඇතැයි විශ්වාසය පල කෙරෙයි.

ජනාධිපති ධුරයට තරග කිරිම හරහා තම පක්ෂයට සිද්ධවෙන ඉරණමේ හරය හොදින් හදුනාගත් ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ධුරය අවසන් කිරිමේ 20 වෙනි ව්‍යවස්ථා කෙටුම්පත වෙනුවෙන් ඔවුන්ගේ සටන කිනම් හෝ ජනාධිපති අපේක්ෂකයෙකුගේ මැතිවරන පොරොන්දු පත්‍රයට දමා ගැනිමේ වෑයමක නිරතව සිටින බවක් දක්නට ලැබෙයි.

එසේ කල හැකි අපේක්ෂකයෙකු ද්‍රවිඩ සන්ධානයෙන් ඉදිරිපත් වුවද ඔවුහු  2020 ජනාධිපතිවරණයේ එකි අපේක්ෂකයාගේ වේදිකාවට ගොඩවී සුපුරුදු ලෙස තම ලිස්සායැමේ ව්‍යාමය ක්‍රියාත්මක කරනු ඇතැයි දැනට ගම්‍යවන කරුණු අතර සටහන් වෙයි.

නිදහස් මාධ්‍යවේදි අශෝක හෙට්ටිආරච්චී 01/19/A

 

 

About SirilakaNews

Check Also

samitha

ලෝකයේ ප්‍රථමවතාවට එකම චිත්‍රපටයකදි මවක් සහ දියණියක් සම්මාන ලැබීම! Mother and Daughter In the same movie Award for the first time in the world

මම විතර සතුටෙන් ඉන්න අම්ම කෙනෙක් නැතුව ඇති මම හැමදාමත් නවකයන් වෙනුවෙන් පෙනී සිටිනවා පසුගියදා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *