Breaking News
Home / පුවත් / හිටපු අමාත්‍යවරු 19 දෙනකුට ඔවුන්ගේ ධුර කාලය සඳහා ලබා දී තිබූ නිල නිවාස මෙතෙක් ලබා දී නෑ! 19 former ministers have not yet been given official quarters for their tenure

හිටපු අමාත්‍යවරු 19 දෙනකුට ඔවුන්ගේ ධුර කාලය සඳහා ලබා දී තිබූ නිල නිවාස මෙතෙක් ලබා දී නෑ! 19 former ministers have not yet been given official quarters for their tenure

mbhgchcggj

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් කීප වරක් දැනුම් දුන්නද හිටපු අමාත්‍යවරු 19 දෙනකුට ඔවුන්ගේ ධුර කාලය සඳහා ලබා දී තිබූ නිල නිවාස මෙතෙක් ලබා දී නොමැති බව වාර්තා වේ.

අලුතින් පත් වූ අමාත්‍යවරු විසි දෙනකු මේ වන විට නිල නිවාස ඉල්ලා ඇති නමුත් හිටපු අමාත්‍යවරු මෙලෙස තවමත් නිල නිවාසවල රැඳී සිටීම නිසා එම නව අමාත්‍යවරුන්ට නිල නිවාස ලබා දීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නිලධාරියකු  ප්‍රකාශ කළේය.

අමාත්‍යවරුන් නිල නිවාස ලබා දෙන්නේ ධුරය සඳහා බැවින් ධුරයෙන් ඉවත් වූ විට ඒවා නැවත භාර දිය යුතු අතර නිවසින් පිටවීම සඳහා කෙටි කාල සීමාවක් ගත හැකි වුවත් මෙසේ දීර්ඝ කාලයක් බලහත්කාරයෙන් රැඳී සිටීම ගැටලුවක් බව එම නිලධාරියා පැවසුවේය.

අමාත්‍යවරුන්ට නිල නිවාස ලබා දෙන්නේ එහි එහි කුලිය ලෙස වැටුපෙන් 10%ක ප්‍රමාණයක් අය කර ගැනීමෙන් වන අතර ධුරයෙන් ඉවත් වූ පසු මෙම අමාත්‍යවරු 19 දෙනා අතරින් කීපදෙනෙක් පමණක් එම කුලිය ලබාදීමට කටයුතු කර ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

About SirilakaNews

Check Also

images

ශ්‍රී ලංකාවේ දික්කසාද වීමේ අනුපාතය ඉහළයයි! Divorce rates increase in Sri Lanka.

“මගේ කලින් මහත්තයා තීන්ත බාස් කෙනෙක්. එයා හැමදාම හවසට බීලා ඇවිත් මට ගහනවා. අපි දෙන්නා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *