Breaking News
Home / කලා / ස්වර්ණවාහිනි සේවකයන්ගේ වෘත්තීය අයිතීන් රකින්න – මාධ්‍ය සංවිධාන ඉල්ලයි! Protect professional rights of Swarnavahini employees – Media organizations

ස්වර්ණවාහිනි සේවකයන්ගේ වෘත්තීය අයිතීන් රකින්න – මාධ්‍ය සංවිධාන ඉල්ලයි! Protect professional rights of Swarnavahini employees – Media organizations

khgkhkg

ස්වර්ණවාහිනි ආයතනයේ වෘත්තීය සමිතියක් ආරම්භ කිරීම හේතුවෙන් උරණ වූ සේවකයන් පහළොස් දෙනාගේ වැඩ තහනම් කිරීම වෘත්තීය අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව ඒ පිළිබඳ නිවේදන නිකුත් කරමින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් පසුගිය 19 වැනිදා සිදු වූ එම වැඩ තහනම් කිරීම සමඟ ස්වර්ණවාහිනි සේවකයෝ සිය දෙනෙක් රාජකාරී වලින් බැහැර වී සිටින අතර ඒ හේතුවෙන් සජීවි වැඩ සටහන් ඇතුළුව ප්‍රවෘත්ති ප්‍රකාශනයක් පවා ඇන හිටියේය. කෙසේ වෙතත් සේවකයන්ගේ දැඩි විරෝධයට ලක් වූ මහේෂ් පෙරේරා නමැති ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා තනතුරෙන් ඉවත් කර, සේවයෙන් පහ කළ සේවකයන් නැවත සේවයට බඳවා ගැනීමෙන් පසු පසුගිය 20 වනදා රාත්‍රියේ යළි සුපුරුදු පරිදි විකාශන කටයුතු ආරම්භ වී ඇත.

කෙසේ වෙතත් නැවත 21 වැනිදා දහවල් ප්‍රධාන විධායක නිලධාරීව සිටි මහේෂ් පෙරේරා මහතා නැවත ආයතනය තුළට ඇතුළු වී ඇති අතර ඒ හේතුවෙන් සේවකයන් අතර නැවත කළබලකාරී වාතාවරණයක් උදා වී ඇත.

කෙසේ වෙතත් එදින සේවකයන් සහ ස්වර්ණවාහිනී ආයතනයේ නව හිමිකාරීත්වය දරන බෙන් හෝල්ඩින්ස් ආයතනය අතර සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී බෙන් හෝල්ඩින්ස් ආයතනය, මහේෂ් පෙරේරා සේවයෙන් ඉවත් කළ බවට ලිපියක් සේවකයන් වෙත ලබා දීමට කැමැත්ත පළ නොකළ බවත් සේවකයන් පිහිටුවාගත් කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති ඔවුන්ගේ වෘත්තීය සමිතිය වන ස්වර්ණවාහිනී සමස්ත සේවක සමිතිය පිළිනොගත් බවත් අප කළ විමසුමකදී ස්වර්ණවාහිනි සේවකයෝ රාවයට පැවසූහ.

කෙසේ වෙතත් මෙම වෘත්තීය අරගලය පිළිබඳ අනෙකුත් ප්‍රධාන මුද්‍රිත හා විද්‍යුත්  මාධ්‍ය වාර්තා නොකළ අතර විශේෂත්වය වන්නේ අරගලය ජය ගැනීමෙන් පසු විකාශය වූ ස්වර්ණවාහිනි ප්‍රවෘත්ති විකාශය තුළද මේ පිළිබඳ වාර්තා නොකිරීමය.

About SirilakaNews

Check Also

1524209813thumb_singhagiri_5-362x132

ගායන ශිල්පී ප්‍රියන්කර පෙරේරාට හැකිතාක් ඉක්මනින් A+ හෝ O+ වකුගඩුවක් අවශ්‍යයි. Singer Priyankara Perera needs to kidney + A + or O + as soon as possible.

  ජේ. ඒ. මිල්ටන් පෙරේරාගේ ආදරණීය වැඩිමහල් පුතණුවන් මිල්ටන්ගේ හඬ තවත් පරම්පරා කිහිපයකට ගෙනි යන්න ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *