Breaking News
Home / Hotnews / රට පුරාම හමුදා මෙහෙයුමක්! A military operation throughout the country.

රට පුරාම හමුදා මෙහෙයුමක්! A military operation throughout the country.

street-patrol-jaffna-colombotelegraph525773_3995103438910_1320679829_33621481_842690091_n

ඉකුත් දා මෙරටට එල්ලවු අයී එස් අයි එස් ISIS ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධ සැකකරුවන් රෑසක් අත් අඩංගුවට පත්විමත් සමග එකී අන්තවාදී සංවිධානය හා සම්බන්ධව රට අභ්‍යන්තරයේ පවතින බවට සැක කරන සංවිධාන සහ පුද්ගල ක්‍රියාකාරකම් සොයා  ආරක්ෂක හමුදා ඒකාබද්ධ මෙහෙයුමක් සමස්ථ දිවයිනම ආවරණයවන පරිදි සිදුකිරිමට ත්‍රිවිධ හමුදාව තීරණයකර තිබේ.

මෙම මෙහෙයුමට පොලිසිය,පොලිස් විශේෂ කර්ය බළකාය සහ සියළුම සහයක ආරක්ෂක සේවාද අනුබද්ධ වනු ඇත.

ඒ අනුව පොලිස් දෙපාර්තුමේන්තු ආඥා පනතේ බළතල රාශියක්ද බන්ධනාගර දෙපාර්තුමේන්තු ආඥා පනතේ සතු බළතල රාශියක්ද  මහජන ආරක්ෂක ආඥාපනතේ 3 වන කොටසේ 12 වන වගන්තියට අනුකුලව 2019 අප්‍රේල් 22 දාතමින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය විසින් ජනාධිපතිවරයාගේ නියමයෙන් නිකුත්කල 2120/04 ගැසට් පත්‍රය මගින් ආරක්ෂක හමුදාව වෙත පවරා දි තිබේ.

එකී අතිවිශේෂ ගැසට් පත‍්‍රයට අනුව යුද හමුදාවට සෝදිසි කිරීම, රඳවා ගැනීම, කිසිදු පුද්ගලයකු වරෙන්තු නොකොට අත්අඩංගුවට ගැනීම ඇතුළු බලතල පැවරෙන අතර ඔවුන්ගේ මෙහෙයුම්වලදි අත් අඩංගුවට ගන්න කිනම් සැකකරුවෙකු වුවද පැය 24 යාමට මත්තෙන් පොලිසිය වෙත බාරදිය යුතු බවද එහි අන්තර්ගත වෙයි.

මෙම මෙහෙයුමට දිවයිනේ සෑම ග්‍රාමසේවක කොට්ඨාශයකම සියළුම ගෘහයන් නතුවන අතර එකී නිවෙස්වල නිත්‍යණුකුල අයිතිය පිළිබදව පුද්ගල මට්ටමින් පරික්ෂාවට ලක් කෙරෙන බවද ග්‍රාමසේවක කොට්ඨාශ මට්ටමින් ග්‍රාමසේවක තැන විසින් තම වසමේ පුද්ගලයින්ගේ අනන්‍යතව සහතික කිරිම සිදුකල යුතුව තිබෙන බවද මෙම මෙහෙයුම පිළිබද ආරංචි මාර්ග සදහාන්කරයි.

S 04/19 HE

About SirilakaNews

Check Also

Untitled-1

ශ්‍රී ලංකාව සමග ඇතිකර ගැනීමට තිබු සියළුම ගිවිසුම් තාවකාලීකව නවතාලිමට ඇමරිකාව තීරණය කරයි. The US has decided to temporarily terminate all agreements it has made with Sri Lanka.

ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ඇතිකර ගැනීමට යෝජිතව තිබු සෝෆා ගිවිසුම ප්‍රමුඛ ගිවිසුම් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *