Breaking News
Home / නිදහස් පන්හිද / භික්ෂූන්ට අයිති මහණ දම් පිරීම සහ මහජනතාවට ධර්මයෙන් අනුශාසනා කිරීම පමණයි. අපවත්වී වදාල අති පුජ්‍ය බලංගොඩ ආනන්ද මෛත‍්‍රිය මහ නා හිමියන් සමග පෙරකල සාකච්ජාවකි. It is only the worship of the monks and the teachings of the people. An interlocutory meeting with Ven. Balangoda Ananda Maithriya Thera.

භික්ෂූන්ට අයිති මහණ දම් පිරීම සහ මහජනතාවට ධර්මයෙන් අනුශාසනා කිරීම පමණයි. අපවත්වී වදාල අති පුජ්‍ය බලංගොඩ ආනන්ද මෛත‍්‍රිය මහ නා හිමියන් සමග පෙරකල සාකච්ජාවකි. It is only the worship of the monks and the teachings of the people. An interlocutory meeting with Ven. Balangoda Ananda Maithriya Thera.

balangoda_ananda_maitreya_thero-470x303

ශීත ඍතුවේ හිම පතනය මැදින් ලන්ඩන් නුවර පිඬුසිඟා වඩිද්දී කි‍්‍රස්තු භක්තිකයන් පවා උන්වහන්සේ කෙරෙහි පැහැදී දන් පිළිගැන්වූ හැටි අදත් අප නාහිමියන් සිහිපත් කරන්නේ පහන් සංවේගයකින් යුතුව.

  බටහිර රටවල අභිධර්මය පිළිබඳව දැඩි උනන්දුවක් ඇති කරන්නට ආනන්ද මෛත්‍රෙය නා හිමියන්ට හැකි වුණේ මේ ධර්ම චාරිකා නිසා. ඒ නිසා බටහිර රටවල් බුදු දහමේ ජනපි‍්‍රය ප‍්‍රායෝගික පක්ෂයට වඩා එහි සැබෑ අරටුව හඳුනා ගන්නට යොමු වෙමින් සිටිනවා.

උන්වහන්සේගේ මතය වන්නේ අභිධර්මය නොදැන කවරදාවත් බුද්ධ වචනය තේරුම් ගැනීමට නොහැකි බව. සිතත්, කයත් පිළිබඳ තමන්ට ප‍්‍රත්‍යක්ෂව දැනෙන දේ සොයා බලන විට ඒ සියල්ලටම මූලික වී ඇත්තේ අභිධර්මය බවයි, අප නා හිමියන් පෙන්වා දෙන්නේ.

එහෙත් ශී‍්‍ර ලංකාවේ බොහෝ අයට අභිධර්මය නොවැටහෙන බැව් පවසන උන්වහන්සේ ඊට ප‍්‍රධාන හේතුව අපේ බෞද්ධ පිරිස ජනපි‍්‍රය බුද්ධාගම කෙරෙහි වැඩි ඇල්මක් දැක්වීම බැව් පෙන්වා දෙනවා.

මේ ජනපි‍්‍රය බුද්ධාගම බොහෝ විට ප‍්‍රතිපත්තිමය පූජාවට වඩා ආමිෂ පූජාවට නැඹුරු වී තිබීම නිසා භක්තිය, ශ‍්‍රද්ධාව වැනි හැඟීම් මූලික කොට කි‍්‍රයාත්මක වෙනවා. එය බොහෝ විට ලෞකික ආශාවන් හා සමාන්තරව ගමන් කරන නිසා නොයකුත් ගැටලූ මතුවෙන්න පුළුවන්.

බුදු සමයත්, සංස්කෘතියත්, දේශපාලනයත් සමග දැඩිව වෙලී තිබීම ඉතිහාසයෙන් දක්නට පුළුවන්. මේ පිළිබඳව කරුණු බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නා හිමියන් මෙසේ කීය.

‘‘භික්ෂූන් වහන්සේ යම් දවසක දේශපාලනයට ඇඟිලි ගැහුව නම් එදා පටන් සංඝයාගේ පිරිහීම දකින්න පුළුවන්.

අපේ ඉතිහාසයේ පෙන්වා දෙනවා සමහර හාමුදුරුවරුන් සමහර රජවරුන්ට එහෙම පක්ෂව වැඩ කළා කියලා. ඒක අපි ආදර්ශයට ගත යුතු දෙයක් නෙමෙයි.

‘‘අපි බලන්න ඕනෑ බුදුහාමුදුරුවන් කළේ කොහොමද කියලා. කොසොල් රජ්ජුරුවෝ අජාසත්ත රජ්ජුරුවෝ අතර ආරවුල් ඇති වුණා. බුදුහාමුදුරුවෝ පැත්තක් ගත්තේ නැහැ. සාමදාන කරන්න බැලූවා. බැරි නම් ඒ ඇත්තන්ට බේරගන්න ඉඩ දීලා නිකම් ඉන්නවා.”

‘‘දෙව්දත්, අජාසත්ත කුමාරයා අල්ලගෙන බුදුහාමුදුරුවන්ට විරුද්ධව කටයුතු කළ වෙලාවේ බුදුහාමුදුරුවන්ට තිබුණා කොසොල් මහ රජ්ජුරුවන්ට කියලා බලපෑමක් කරන්න.

ඒත් එහෙම කළේ නෑ.

ධර්මයෙන් කරුණු කියලා යම් කෙනෙක් හික්මවන්න පුළුවන් නම් එහෙම කරනවා. බැරි නම් කරබාගෙන නිකම් ඉන්නවා.

භික්ෂුවගේ කාර්යභාරය

දේශපාලන වශයෙන් බුදුහාමුදුරුවන්වත් ශ‍්‍රාවකයන්වත් කිසිම පැත්තක් ගත්තේ නැහැ.”

ඊට පස්සේ වුණත් ඒ තත්ත්වය තිබුණේ නෑ. බොහොම මෑතක තමයි ලංකාවේ ඔය පැති අරගැනීම පටන්ගත්තේ.

දේශපාලන වැඩවලට කවදහරි භික්ෂූන් අතපෙව්ව නම් ඒක වැරදියි.

රජවරුන්ට ඔටුණු පැළැන්දවීම වගේ වැඩ භික්ෂූන්ට අයිති දේ නෙවෙයි.

එහෙත් රට ජාතිය විදේශීය බලවේගවලට හසුවී විනාශවීමට ගිය අවස්ථාවලදී භික්ෂූන් වහන්සේලා ඊට එරෙහිව ගෙන ගිය ව්‍යාපාරය ශී‍්‍ර ලාංකිකයන් හැටියට අපට අමතක කරන්න අමාරුයි.

සිංහල ආණ්ඩුව නැතිවී ඉංගී‍්‍රසීන්ට රට අයත්වීමට පටන්ගත් අවස්ථාවේ කුඩාපොළ හාමුදුරුවන් ගෙනගිය ව්‍යාපාරය කෙතරම් වීරෝදාර එකක් දැයි ප‍්‍රශ්න කරන්නට පුළුවන්.

ඓතිහාසික වශයෙන් එබඳු තීරණාත්මක අවස්ථාවක භික්ෂූන් වහන්සේලා සතු කාර්යභාරය නිස්කලංකව ආරණ්‍යවලට වී එරමිණිය ගොතාගෙන භාවනා කිරීම ද නැතිනම් විනාශ වී යන රටත් ජාතියත් ආගමත් බේරා ගැනීමද?

‘‘ඇත්තටම එදා කුඩාපොළ හාමුදුරුවො කළේ වීර වැඩක් තමයි.” යැයි පවසන ආනන්ද මෛත්‍රෙය නා හිමියෝ,

‘‘වීරකමක් වුණාට ඒක මහණකම නෙවෙයි.”

උන්වහන්සේ ගිහියෙක් හැටියට ඒක කළා නම් මම ඒක අනුමත කරනවා හොඳින්ම.

භික්ෂුවක් හැටියට උන්වහන්සේට ඒක අයිති නැහැ එවිට අප උන්වහන්සේගෙන් ප‍්‍රශ්නයක් නගමින්, ‘‘එදා කුඩාපොළ හාමුදුරුවෝ නියෝජනය කළේ ජනතාව කියලා කියන්න බැරිද?”

එබසට අප නා හිමියෝ ‘‘කුඩාපොළ උන්නාන්සේට තිබුණේ ආගම බේරගන්න අනුගමනය කළ යුතු පියවර පෙන්වා දෙන එක. නැතුව සටන් බිමට මිනිසුන් යවන්න භික්ෂූන් වහන්සේලා කටයුතු කරන එක කොහෙත්ම හරි නෑ”

සිංහල රජ දවස රජවරුන් රට කොටස් වශයෙන් බෙදා හදාගෙන පාලනය කළ සමයෙහි ඇතැම් රජවරුන්ට පක්ෂව සමහර භික්ෂූන් වහන්සේලා කටයුතු කළ බව කවුරුනුත් දන්නා කරුණක්. විරුද්ධ පක්ෂයට උදව් උපකාර කළ භික්ෂූන් එබඳු බොහෝ අවස්ථාවලදී රජවරුන් අතින් විනාශ වූ බව ද ඉතිහාසයේ එන කරුණක්.

බලන්ගොඩ නා හිමියෝ ඒ පිළිබඳව මතයක් දරන්නේ සම්පූර්ණයෙන්ම ආගමික ජීවිතයකට කැප වූ භික්ෂූන් වහන්සේ නමක් හැටියට.

‘‘පේනවා නේද, එතනම විපාක දුන් හැටි. ඒ නිසා දේශපාලන වශයෙන් භික්ෂූන් වහන්සේලා කිසිම රජ කෙනකුට හෝ පාලකයකුට පක්ෂ වෙන්න හොඳ නෑ. භික්ෂූන්ට අයිති මහණ දම් පිරීමත්, මහජනතාවට ධර්මයෙන් අනුශාසනා කිරීමත් විතරයි.”

එහෙත් හැමවිටම භික්ෂුවකට එසේ කළ හැකිද? භික්ෂුවක් යනු මුළු මහත් සමාජයේම කොටසක් නොවේද? පාලන තන්ත‍්‍රයේ දූෂණ, අක‍්‍රමිකතාවලින් රටවැසියා බොහෝ දුක් විඳිනවා නම් එබඳු අවස්ථාවකදී භික්ෂුවකගේ කාර්යභාරය විය යුත්තේ දුක් විඳින රටවැසියා වෙනුවෙන් යම් පමණකින් හෝ පිහිටවීම නොවේද?

මෙබඳු අවස්ථාවකදී භික්ෂූන් වහන්සේලා හැසිරිය යුත්තේ තමන්ගේ අනන්‍යතාව විනාශ වී යන ආකාරයට නොවන බව පෙන්වා දෙන බලන්ගොඩ නා හිමියෝ,

‘‘භික්ෂූන් වහන්සේ විසින් කළ යුතු දෙයක් තිබෙනවා. පෞද්ගලිකව පාලකයන් හමු වෙන්න ඕනෑ. රටවැසියා මේ මේ ආකාරයට දුක් විඳිනවා. එහෙම නොවන විදිහට කටයුතු කරන්න කියලා පෞද්ගලිකව කියන්න ඕනේ.

ඒක මීටින් තිය තියා කෑ කෝ ගහලා කියන්න නරකයි.

ඒ වැඬේ භික්ෂුවකට අයිති දෙයක් නොවෙයි.

එහෙම කළොත් මිනිස්සු කුලප්පු වෙනවා. යම් කෙනකුගේ වරදක් තියෙනවා නම් ඒක ඒ පුද්ගලයාට පෞද්ගලිකව කියා හදාගන්න උත්සාහ කරනවා මිසක මහජනයා ඉදිරියේ ඔහු විවේචනය කරීම කේලාම් කීමක් හැටියටයි මම සලකන්නේ.”

නූතන භික්ෂු පරම්පරාවේ වැඩි දෙනකු හැසිරෙන්නේ, අප නාහිමියන්ගේ අදහස්වලට, උන්වහන්සේගේ දර්ශනයට හාත්පසින් ම විරුද්ධ ආකාරයකට.

අද භික්ෂූන් වහන්සේලාගේ ධර්ම විනය පිරිහෙමින් පවතින්නේ මෙබඳු සංකීර්ණ සමාජයක භික්ෂුභාවය ආරක්ෂා කරගෙන ජීවත්වීම දුෂ්කර නිසා වෙන්න පුළුවන්. සංඝ සභාවලින් භික්ෂූන් වහන්සේලාගේ විනය පිළිබඳව නිසි පාලනයක් සිදු නොවන පාටයි.

සංඝ සභාවලින් කිසියම් වරදකට දඬුවම් දුන්නත් එම දඬුවම් පිළිගන්නට අද බොහෝ භික්ෂූන් වහන්සේලා සූදානම් නැහැ.

අනෙක් කරුණ වී ඇත්තේ සංඝ සභාවලට පිළිගත් සම්මත බලතල නොමැතිවීම.

‘‘මහානායක හාමුදුරු කෙනෙක්, මොකක් හරි වරදක් කළ භික්ෂුවක් භික්ෂුභාවයෙන් ඉවත් කළොත්, ඒ ඇත්තා ඊට නඩු පැවරුවොත් ඊට විරුද්ධව මහානායක හාමුදුරුවන් උසාවි යන්න ඕනෑ. ඉතින් ඔය කරදර විඳින්න කවුද කැමති” යයි පවසන උන්වහන්සේ,

‘‘අනෙක් අතට ඔය සංඝ සභා කියන ඒවායේ තත්ත්වය දැන් කලක පටන් පිරිහෙමිනුයි තියෙන්නේ.

සමහර විට මහානායක වෙන්නේ මොකවත් නොදන්න කෙනෙක්. වයස වැඩිකම හින්දා මහානායකකමට පත් කරනවා. එහෙමත් නැත්නම් පරම්පරාවේ අයිතියට මහානායකකම දෙනවා. මේ විදිහට පරම්පරා ගණනක් තිස්සේ ඕවා හදන්න බැරි තරමට අවුල් වෙලා.

බුදු හාමුදුරුවෝ කිව්වේ සංඝයා විසින්ම සංඝයා පාලනය කරගත යුතු බව. ඒත් අද සංඝ සභාව කි‍්‍රයා කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් විදිහකට.”

නූතන භික්ෂුව බුදුන් දවස හෝ ඉන් අනතුරුව විසූ භික්ෂූන් වහන්සේලා හා සම කිරීම එතරම් ප‍්‍රඥාගෝචර කාරණයක් නොවෙන්න පුළුවන්.

වර්තමාන සමාජයේ ජීවත් වන භික්ෂුනමක මුහුණ දෙන ප‍්‍රධාන ප‍්‍රශ්නය ඒ භික්ෂුත්වය රැකගෙන සිටීම.

නොයකුත් අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා කහ සිවුර ඇලඩින්ගේ පුදුම පහනක් කරගන්නා භික්ෂූන් මේ තත්ත්වයෙන් බොහෝ දුරට ජය ලබනවා.

අඟහිඟකම් වලින් පෙළෙන දරුවන් මහණ කරවීමෙන් භික්ෂූත්වය උසස් අධ්‍යාපනය සඳහා තම දරුවන්ට යානයක් කරගන්නා බොහෝ දෙමාපියන් නිසා සිවුර හැරයෑමට භික්ෂූන් වහන්සේලාට සිදුවෙනවා.

සිවුරේ සිටිමින්ම නොයෙකුත් ව්‍යාපාරයන්හි නිරත භික්ෂූන් වහන්සේලාට මේ සංකීර්ණ සමාජයේ භික්ෂූත්වය මහෞෂධයක් වගේ.

කොටින්ම, කහ සිවුර අද මේ සියලූ ආපදාවන්ට පිහිටක් මිසක් දුකට පත් ජනතාව ආධ්‍යාත්මික වශයෙන් යහපත් මාර්ගයකට යොමු කරවන ඥාන ප‍්‍රදීපයක් නොවෙයි.

වැඩිමනත් භික්ෂූන් වහන්සේලා උත්සාහ කරන්නේ ගිහියන්ගේ පුද සත්කාර ලබමින් ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටුකිරීම මිසක ඔවුන් ධර්මානුකූල ජීවිතයකට යොමු කිරීමටවත් ඔවුන්ගේ ජීවිතයට තේරුමක් ලබාදීමවත් නොවෙයි.

මේ අනුව මෙබඳු සංකීර්ණ සමාජයක භික්ෂූත්වය ආරක්ෂා කරගෙන සිටීම සැබෑ භික්ෂුවකට නම් අසීරු කටයුත්තක් වෙන්න පුළුවන්.

පිරිහුණු සංඝ සභාව

‘නැහැ. යනුවෙන් එක එල්ලේම පවසන බලන්ගොඩ නාහිමියෝ

‘‘කවුරු වුණත් තමන්ට අයිති කාර්යය හඳුනාගෙන සිටිනවා නම් ඒක දුෂ්කර වැඩක් වෙන්නේ නෑ. බැරිකමකුත් නෑ. එතකොට සමාජයේ ඔක්කොම පිළිගන්නවා මන්තී‍්‍රවරයෙක්, ඇමැතිවරයෙක් මොනව හරි කිව්වොත් මහත්මයා මට ඕවා අයිති නෑ කියලා කියන්න පුළුවන් ශක්තිය අද සංඝයා වහන්සේලාගෙන් කීයෙන් කී දෙනාටද තියෙන්නේ?

එහෙම කියලා ඒ මන්තී‍්‍රවරයාට හෝ ඇමැතිවරයාට හෝ කියන්න ඕනේ අපේ ධර්මයේ හැටි මෙන්න මෙහෙමයි කියා තියෙන්නේ කියා. එතකොට ඒ උදවිය තේරුම් ගන්නවා. කරදර කරන්නේ නෑ. මම විවේචනය කරනවා නෙවෙයි.

මට නම් පේන්නේ ලංකාවේ සංඝ සභාව හොඳටෝම පිරිහිලා.

කොච්චර උපාධි ලැබුවත් හැම නිකායකම භික්ෂූන් පිරිහෙන අතටයි යන්නේ. ඒකට එක ලකුණක් තමයි එන්න එන්නම ධර්මය ඉගෙන ගන්නා භික්ෂූන් අඩුවීම.

පාලි භාෂාව නැතුව ධර්මය හරිහැටි ඉගෙනගන්න අමාරුයි. ඒත් අද පාලි භාෂාව ඉගෙන ගන්න භික්ෂූන් වහන්සේලා කැමති නැහැ.

විශ්වවිiාලයට ගියාම ඉගෙන ගන්නේ ධර්මය නෙමෙයි. වෙන වෙන විෂයයන්. ඒ ඇත්තෝ බලාපොරොත්තු වෙන්නේ අනාගතයේ රැකියාවක් කිරීමයි.”

වෙනස්වන සමාජයත් සමඟ භික්ෂූන් වහන්සේලා මුහුණ දෙන ප‍්‍රධානතම ගැටලූව ඉන්ද්‍රකීලයක් සේ නොසැලී සිටින බුදු සමයෙහි ආරක්ෂකයන් ලෙස දැඩි ගිවිසුමක පිහිටීම. ඒ නිසා වෙනස් වන සමාජයට අනුව සිය ජීවිතය රිසි ලෙස හැඩගස්වා ගන්නට උන්වහන්සේලාට හැකියාවක් නැහැ.

මේ හේතුවෙන් බලවත් දුෂ්කරතාවන් අත්දකින භික්ෂු පරම්පරාව වෙනස්වන සමාජයක යම් ප‍්‍රමාණයකින් හෝ වෙනස් නොවුණහොත් එය වදවීයාමේ තර්ජනයට මුහුණ දෙන්න පුළුවන්.

එදා මෙන් අද පිඬුසිඟා යෑම ලෙහෙසියෙන් කි‍්‍රයාවට පරිවර්තනය කළ හැකි චර්යාවක් නොවෙන්න පුළුවන්.

අනෙක් අතින් දානමානාදිය ගෙවල් දොරවල්වල දීම, නිසි ලෙස පිළියෙළ කර පූජා කිරීමට කැමති ධනවත් ගිහියන් සිටින යුගයක පිඬු සිඟා යෑම අවශ්‍ය නැතැයි සිතන්නට භික්ෂුව පෙළඹෙනවාද විය හැකියි.

වර්තමාන භික්ෂු පරම්පරාව ගිහියන් සේවනයෙන් ඈත්වීමට අකමැති ස්වභාවයක් පළ කරන්නේ උන්වහන්සේලාගේ පැවැත්මට එය තීරණාත්මක සාධයක් වන නිසා.

බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ස්වාමින් වහන්සේ ද මේ ගැටලූවලට මුහුණ දුන්නා. උන්වහන්සේ,

‘‘වෙනස්වන සමාජයත් එක්ක ආගම වෙනස් වෙන්න ඕන නෑ. ආගම කියන්නේ තමන්ගේ අධ්‍යාත්මය හොඳින් හැඩගසා ගැනීම. නැතුව පුද පූජා කිරීම ආගම කියලා හිතා ගත්තොත් වැඬේ වැරදුණා.”

අද දවසේ ආගම

එහෙත්, අද භික්ෂූන් වහන්සේලා ආගම ලෙස වැඩිපුරම විශ්වාස කරන්නේ පුද පූජාවලින් පිරුණු ආමිස තත්ත්වයක්.

‘‘ඒ පැත්ත නෙවෙයි ආගම” යනුවෙන් පවසන අප නා හිමියෝ,

‘‘නිවැරැදිව හිතන්න කතා කරන්න, කි‍්‍රයාකරන්න පුරුදු වෙන එකයි ආගම කියන්නෙ. රටේ මොන දේ වෙනස් වුණත් තමන්ගේ අධ්‍යාත්මය වෙනස් කරගන්න ඕනේ නෑ.”

ඒ වගේම රටට හැඩගැහෙනවා කියලා භික්ෂූන් වහන්සේ තමන්ගේ අධ්‍යාත්මය වෙනස් කරගන්න ඕනේ නෑ. උන්වහන්සේගේ අදහස් සමඟ අපට එකඟවන්නට අපහසු වුණා. ඒ නිසයි අප මේ ප‍්‍රශ්නය ඉදිරිපත් කළේ.

අපේ ප‍්‍රශ්නය වුණේ ඉන්දියාවෙන් භික්ෂු ශාසනය තුරන් වී

ගියේ වෙනස් වෙන සමාජයත් සමඟ වෙනස් නොවුණ නිසා නේ ද යන්න.

එබසට දීර්ඝ පිළිතුරක් ආරම්භ කරමින් බලන්ගොඩ නා හිමියෝ,

‘‘අවුරුදු 500 ක් තරම් කාලයක් භික්ෂූන් වහන්සේලාගේ සිරිත වුණේ භාවනා කරමින්, මහණදම් පුරමින් ජීවත්වීම. ඒ නිසා බොහොම උගත් ධර්මධර භික්ෂූන් ඇති වුණා.

ඒ අය හින්දු භක්තික උගතුන් සමඟ වාදවලට පටලැවිලා නිතර නිරත හින්දු

ආගමට පහර දෙන්න පටන් ගත්තා. එතෙන්දි හින්දූන්ගේ වෛරයක් ඇතිවෙලා රජවරුන්ද හවුල්කරගෙන බුද්ධාගම විනාශ කරන්න පටන් ගත්තා.

ඊට පස්සෙ භික්ෂූන් වහන්සේලාත් රජවරුන් අල්ලගන්න උත්සාහ කළේ මේ තත්ත්වය නිසයි. උගත්තු ඇතිවුණාට නියම භික්ෂු ප‍්‍රතිපත්ති මාර්ගයෙන් භික්ෂුව ඈත් වෙන්න පටන් ගත්තා. උගත්කමට මිසක ප‍්‍රතිපත්තියට නෙවෙයි තැන ආවේ. ලංකාවෙත් වුණේ ඒකයි.

බදුල්ලේ මෛතී‍්‍ර රත්නායක විසින් බලංගොඩ ආනන්ද මෛත‍්‍රිය මහ නා හිමිගේ  මෙතෙක් පළ නොවූ ලිපි පෙළ යනුවෙන් මුද්‍රිත මධ්‍යට ලියු ලිපියක අනුවාදයකි.

 

About SirilakaNews

Check Also

PtlFk

දේශපාලන ජනප‍්‍රියත්වය සඳහා කරනු ලබන වියදම් මාර්ගවලින් හටගන්නා ඌනතා පරතරය ආශිර්වාදයක් නොව රටටම සාපයකි. The deficit gap in political spending is not a blessing but a curse to the whole country.

නිසි සංවර්ධන සැලසුම් හා ක‍්‍රියාමාර්ග තුළ පවතින රාජ්‍ය මූල්‍ය ඌනතාවය ආශිර්වාදයක් කර ගැනීමට නම් ඒ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *