Breaking News
Home / Hotnews / ජාත්‍යන්තර මාධ්‍ය ශ්‍රීලංකාවේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව දුර්වල බව කියයි! Sri lankan President and government are weak International media say.s

ජාත්‍යන්තර මාධ්‍ය ශ්‍රීලංකාවේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව දුර්වල බව කියයි! Sri lankan President and government are weak International media say.s

 INTERNATIONAL MIDIA

 

ජාත්‍යන්තර මාධ්‍යට ශ්‍රී ලංකාවේ වර්ථමාන ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ලබාදුන්  සාකච්ජාවකදි   කල ප්‍රකාශවලට සාපේක්ෂව ඔහු තම වගකීම පිළිබද නොසලකා හරිමින් රටේ ආරක්ෂාව යන විෂය පාඨයේදි සිය කාර්ය භාරය හිතාමතා පැහැර හැර ඇතැයි ශ්‍රී ලංකාවට එල්ල වු අයි එස් ත්‍රස්ත ප්‍රහාරය පිළිබද BBC,CNN,US TODAY,THE GUARDIAN,INDIAN EXPRESS ප්‍රමුඛ ජගත් මාධ්‍ය වාර්තා රෑසක් හෙළිකර සිටී.

එකී මාධ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාටත් අග්‍රාමත්‍යවරයා ප්‍රමුඛ රජයටත් අදල ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා රෑසක් ගොණුකරයි.

ඉකුත් පාස්කු ඉරිදා දිවයිනේ කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් රෑසක් ඉලක්ක කරමින් අන්තවාදී මුස්ලිම් සංවිධානයක් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් සහ විදේශීය සංචාරකයින් ඇතුළු ආරක්ෂක නිළධාරින් තුන්සිය පනහකට වැඩි ප්‍රමාණයක් මියගියහ.

ගෝලීය මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධනයක් වු ISIS සටන්කරුවන් විසින් මෙම ප්‍රහාරයේ වගකිම භාරගන්නා බව මේවන විටත් ප්‍රකාශකර ඇත.

ඉකුත් පාස්කු ඉරුදින ශ්‍රීලංකාවට මාරන්තික ප්‍රහාරයක් එල්ල කරන බව ISIS සංවිධානය ආශ්‍රිත තොරතුරු හරහා දිවයිනේ බුද්ධි අංශයට වාර්තාවි තිබු අතර ඒ පිළිබද නොසලකාහැරිමෙන් මෙම බරපතල ව්‍යසනය සිදුවි ඇතැයි වාර්තා කරන ජගත් මාධ්‍ය ඊට ශ්‍රිලංකාවේ වර්ථමාන පාළකයින් එක හෙළා වගකිව යුතු බවට චෝදනා එල්ල කරයි.

ශ්‍රී ලංකාව තුල වර්ථමානයවන විට පවතින අභ්‍යන්තර දේශපාලන ගැටළු හරහා පාළකයින් රටේ පාළනය තම හිතුමතේ හසුරුවමින් සිටින බව පෙන්වාදෙන ඔහුවු ජනාධිපතිවරයා විසින් වගකිම් දරණ ආරක්ෂක සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ ව්‍යවස්ථාදායකය සමග සම්බන්ධිකරණය නොවිමෙන් බුද්ධි අංශ වාර්තා අදාල වගකිවයුතු අංශ වෙත වාර්තා වි නැති බවද පෙන්වාදෙයි.

මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ලවන අවස්ථවේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටි අතර ඔහු වෙනුවෙන් අමාත්‍යංශයේ වගකිම දැරීම සදහා වැඩබළන ඇමතිවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා පත්කිරිමට ක්‍රියා නොකර තිබිම හරහා ජනාධිපතිවරයා යළිත්වරක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථව නොසළකාහැර ඇතැයි කරුණු ගොණුකරන ජගත් මාධ්‍ය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජයද ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යංශ පිළිබද වගකිමෙන් බැහැරව ක්‍රියා කිරිම නිසා ජනතාව මත පාළකයින්ගේ ප්‍රධාන දේශපාළන වගකිම වු රටේ ආරක්ෂාව පැහැර හැරි ඇතිබව එහි ලා සදහන් කරයි.

අනුබද්ධිත තොරතුරු අන්තර්ජාලයෙනි.

About SirilakaNews

Check Also

download (2)

ජනාධිපති මරණ දඩුවමට අත්සන් තබයි! ජාත්‍යන්තර කෂමා සංවිධානය ඊට විරෝධය පායි! President signs death sentence! International Kashmir protests against this!

මත්ද්‍රව්‍ය වැරදිවලට වරදකරුවන් වූ පුද්ගලයන් හතරදෙනකුට මරණ දණ්ඩනය දීම අනුමත කරන ලියැවිලිවලට අත්සන් තැබූ බව ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *