Breaking News
Home / Hotnews / කොත්මලේ රයිෆල් බළකා මූලස්ථාන කඳවුර ඉවත් කිරීමට ජනතා විරෝධය! People oppose removal of Kothmale Rifles Block base.

කොත්මලේ රයිෆල් බළකා මූලස්ථාන කඳවුර ඉවත් කිරීමට ජනතා විරෝධය! People oppose removal of Kothmale Rifles Block base.

බඩජබ

කොත්මලේ, වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ ඇතුළු ජලාශ හා විදුලි බලාගාරවල ආරක්ෂාව වෙනුවෙන් ස්ථාපිත කොට තිබූ කොත්මලේ අටබාගේ දෙවන රයිෆල් බළකා මූලස්ථාන කඳවුර එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබීම මධ්‍යම පළාතේ ආර්ථික මර්මස්ථාන දැඩි අනතුරකට හෙළිමක් බව මහජනතාව පවසති.

යුද්ධය පැවැති සමයේදී මෙම කඳවුර පිහිට වූ අතර එහි නිලධාරීන් සමග භට පිරිස් 600 ක් ස්ථාපිත කොට තිබිණි.

මෙම කඳවුර ආසන්නයේ පිහිටා ඇති කොත්මලේ භූගත විදුලි බලාගාරය විදුලි ගබඩාවක් ලෙස භාවිත කරන අතර මේ ස්ථානය වෙත රන්ටැඹේ, රන්දෙණිගල, පොල්ගොල්ල, උකුවෙල, ලක්ෂපාන, කැනියොන්, විමලසුරේන්ද්‍ර, ඉහළ කොත්මලේ ආදී ස්ථානවලින් ලැබෙන විදුලිය බියගම හා අනුරාධපුර බෙදා හැරීම් ස්ථානවලින් මුළු රටටම විදුලිය සැපයේ.

එසේම මේ ආසන්නයේ ඇති කොත්මලේ ජලාශය මෙරට ඇති ජලාශ අතුරින් ඉහළින්ම ඇති විශාලතම ජලාශය වන අතර එහි ආපදාවක් සිදු වුවහොත් අනෙකුත් ජලාශ ඉබේම අනතුරට ලක් වේ.

යුද සමයේදී කොත්මලේ ජලාශයට ඉහළින් ඇති ගම්මානයක සිට කොටි බුද්ධි අංශ මේජර්වරයකු ඇතුළු කොටි කි‍්‍රයාකාරීන් කීප දෙනකුම මෙම කඳවුරේ මෙහෙය වීම මත අත්අඩංගුවට ගත් අතර පසු කාලයේ මෙමගින් පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයන් අධීක්ෂණයට ද ලක් වී තිබේ.

එසේම මෙම කඳවුර මගින් ප‍්‍රදේශයේ සිදු වූ ආපදා කටයුතුවලට මැදිහත් වීම මෙන්ම රාජ්‍ය ආයතන ඇතුළු සහන කණ්ඩායම්වලට සහාය දීම ද සිදු කළ අතර පසුගිය වසරවල කඳුකර ප‍්‍රදේශවල වූ දරුණු නායයෑම්වලදී මෙන්ම ගිනි ගැනීම්වලදී මෙහි භට පිරිස් අතින් විශාල සේවයක් ද සැලසුනි.

About SirilakaNews

Check Also

four-sneaky-phone-scams-you-should-be-aware-of-to-stay-safe-136399066930102601-170413112051

චීන ජාතිකයෙකු සතු නීතිවිරෝධී ජාත්‍යන්තර දුරකතන පණිවුඩ හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ මීගමුවේදි අත් අඩංගුවට! Chinese national arrested for illegal telephone exchange in Negombo.

විදුලි සංදේශ නියාමන පනත උල්ලංඝනය කර රජයට ලැබිය යුතු රුපි යල් කෝටි ගණනක මුදලක්‌ අහිමි ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *