Breaking News
Home / ක්‍රීඩා / ක්‍රිකට් ලෝක ශූරයන් වුවහොත් රුපියල් කෝටි 50 ක්! Cricket World Champions Of Rs 50 million

ක්‍රිකට් ලෝක ශූරයන් වුවහොත් රුපියල් කෝටි 50 ක්! Cricket World Champions Of Rs 50 million

Untitled-1knb,k

මැයි මස 30 වැනිදා එංගලන්තයේදී ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ශූරයන් බවට පත්වුහොත් එම කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 35 කට (ලක්‍ෂ 3500) අධික මුදලක් ප්‍රදානය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

“මෙම මුදල ගෙවන ආකාරය පිළිබඳව අපි මේ වන විට ක්‍රමවේදයක් සකස් කරමින් ඉන්නවා. අපේ කණ්ඩායම ලෝක ශූරයන් වුවහොත් ක්‍රීඩකයකුට විශාල මුදලක් ලැබෙන ආකාරයට අපි මෙය සකස් කරනවා” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරියා පැවසීය.

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයන් 15 දෙනකු ඇතුළත් වන අතර මෙම මුදල බෙදීමේදී නිලධාරීන්ට ද යම් ප්‍රතිශතයක් හිමිවේ. ලෝක කුසලාන තරගාවලියට නිලධාරීන්  10 ක් පමණ එකතු වීමට නියමිතය.

මේ අනුව ශ්‍රී ලංකාව ලෝක ශූරයන් වුවහොත් ක්‍රීඩකයකුට ලක්‍ෂ 200 කට අධික මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් හිමිවේ. ඊට අමතරව ලෝක කුසලාන තරගාවලියට සභාගිවීම වෙනුවෙන් ද අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විශාල මුදලක් හිමිවේ.

ලෝක කුසලාන ශූරයන් වුවහොත් රුපියල් කෝටි 50 කට අධික ත්‍යාග මුදලක් ද හිමිවේ.

About SirilakaNews

Check Also

5c62ba7e25d98_chandikahathurusingha

මාධ්‍ය වාර්තාවලයි අපේ කණඩායමේ ගැටළු ඇති බව පවසන්නේ,පුහුණුකරු චන්දිම හතුරුසිංහ media reports Said that our group has problems, Chandima Haturusinghe ,Coach

පසුගිය සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තිබූ බව පැවසෙන ගැටලු තිබුණේ මාධ්‍යවල මිස කණ්ඩායම තුළ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *