Breaking News
Home / Hotnews / මිෂෙල් බැචලෙට් ගේ මානව හිමිකම් චෝදනාවලට විදේගත ශ්‍රී ලාංකිකයෝ විරෝධය පාති! Sri Lankans protest against Michelle Bitchlet’s accusation of human rights violations

මිෂෙල් බැචලෙට් ගේ මානව හිමිකම් චෝදනාවලට විදේගත ශ්‍රී ලාංකිකයෝ විරෝධය පාති! Sri Lankans protest against Michelle Bitchlet’s accusation of human rights violations

globalsl

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාවට විරෝධය පලකරමින් දේශප්‍රේමී ලාංකික සංසදය  ජීනීවා මානව හිමිකම් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණි.

පසුගිය සිකුරාදා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු වාර්තාව හරහා මෙරට සිදූවී ඇතැයි පැවසෙන අපරාධ සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලය චෝදනා රැසක් ඉදිරිපත් කර තිබුණි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම්වල වත්මන් තත්ත්වය සහ වගවීමේ ක්‍රියාවලිය පිළිබඳ ජගත් මානව හිමිකම් කොමිසම සකස් කළ වාර්තාවක් පසුගිය සිකුරාදා ජිනීවා හි මානව හිමිකම් කොමිසමේ 40 වන සැසිවාරයට ඉදිරිපත් කෙරුණි.

මෙම වාර්තාව ඉදිරිපත් කරනු ලැබුවේ ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් මහත්මිය විසිනි.

ගතවූ කාලය තුළ ශ්‍රී ලංකාවේ සිදුවී ඇති අපරාධ පිළිබඳ වගවීමේ යාන්ත්‍රණය ඉතාම මන්දගාමී ලෙස ක්‍රියාත්මක වී ඇති අතර විශේෂ අධිකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා වන සැලැස්මක් සම්බන්ධයෙන් වත් රජයේ අවධානය යොමු වී නොමැති බව අදාළ වාර්තාවේ දක්වා තිබේ.

ශ්‍රී ලංකාවේ සිදුවී ඇතැයි චෝදනා එල්ල වී ඇති අන්දමේ බරපතළ සහ මහා පරිමාණයේ අපරාධ සම්බන්ධයෙන් මෙරට සාමාන්‍ය අධිකරණ ක්‍රියාවලියට අනුව කටයුතු කිරීමට හැකියාව නොමැති බව තහවුරු වී තිබියදීත් විදේශිය විනිසුරුවරුන් අධිකරණ ක්‍රියාදාමයට සහභාගී කරවාගැනීම ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කර ඇති බවද එහි සඳහන්ය.

එමෙන්ම ආරක්ෂක හමුදාවලට සම්බන්ධවූවන් සහ එහි ඉහළ නිලයන් දැරූවන් අපරාධවලට සම්බන්ධ වී ඇති අවස්ථාවලදී ඔවුන් සම්බන්ධයෙන් නීතීය ක්‍රියාත්මක කිරීමට රජයට ඇති හැකියාව ගැටළු සහගත බවද වාර්තාවේ දැක්වෙයි.

මහ කොමසාරිස්වරිය වැඩිදුරටත් සිය වාර්තාවේ දක්වා ඇත්තේ එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුවන විමර්ශන දේශපාලන බලපෑම් මත දුෂ්කර මට්ටමක පැවතීම හෝ ආපසු හැරී ඇති බවට පෙනී වන බවයි.

ශ්‍රී ලංකාවේ පැවති දේශපාලන අර්බුදය අතරතුරදී 2018 නොවැම්බර් 18 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිෂාන්ත සිල්වා ,පොලිස්පති නියෝග මත ස්ථාන මාරු කර තිබූ බවද ජගත් මානව හිමිකම් කොමිසමේ වාර්තාවේ සඳහන් කර තිබේ

මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය ,ප්‍රගීත් එකැනැලිගොඩ ,කීත් නොයාර් යන මාධ්‍යෙව්දීන් අතුරුදන් කිරීම, 2011දී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ,තාජුඩීන් ඝාතනය ආදී චෝදනා වල විමර්ශන මෙහෙයවූ ඔහුට ස්ථාන මාරුවක් ලබාදීම විමර්ශන ඉදිරියට යාම වළක්වාගැනීමට ගත් උත්සහයක් ලෙස පෙනි යන බවයි.

ඒ අනුව මෙරට සිදුවී ඇතැයි කියන ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝණය කිරීමේ චෝදනා විභාග කිරීම සඳහා විදේශිය විනිසුරුවරුන්ද රැගත් දෙමුහුන් අධිකරණයක් ස්ථාපිත කළ යුතු බවට ඇය  නැවතත් යෝජනා කර තිබේ.

මෙරට ආරක්ෂක හමුදා නීතිවිරෝධි ලෙස සිදුකළ අත්ඩංගුවට ගෙන රදවා ගැනීම්, වදහිංසා පැමිණවීම්, ලිංගික වදහිංසන පිළිබඳ මානව හිමිකම් කොමිසමට 2016 සිට 2018 දක්වා තොරතුරු රැසක් ලැබී ඇති බවත් ඒවා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෙතෙක් විමර්ශනයක් ආරම්භ කර අති බවට ජගත් මානව හිමිකම් කොමිසම දැනුවත් වී නොමැති බවද  වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

එමෙන්ම 2018 ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ සිදුවූ දේශපාලන ඝට්ටනය නව ව්‍යවස්ථාවක් සඳහා වන  ක්‍රියාවලිය අවහිර කර ඇති බවද මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවේ දැක්වෙයි.

එමෙන්ම එම වාර්තාව හරහා මානව හිමිකම් කොමිසම වැඩිදුරටත් පවසා තිබෙන්නේ  ශ්‍රී ලංකාව මරණ දඩුවම ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රතිපත්තියද දිගටම පවත්වාගත යුතු බවයි.

එසේම මෙරට මානව හිමිකම් තත්ත්වය පිළීබඳ නිරන්තර අධීක්ෂණය සඳහා ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්ගේ දේශිය කාර්යාලයක් ස්ථාපිත කළ යුතු බවද ඇය යෝජනා කර තිබුණි.

කෙසේවෙතත් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ මෙම වාර්තාවට විරෝධය පලකරමින් සහ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන ලෙසට ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලමින් ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය ඊයේ ජීනිවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණි.

About SirilakaNews

Check Also

mik

දියර කිරි ප්‍රචලිත කිරිමේ ව්‍යාප්තිය වංචාවක්! the promotion of liquid milk is a fraud.

කිරි නිෂ්පාදනයෙන් රට ස්වයංපෝෂිත කිරීම සහ කිරිපිටි ආනයනය අඩු කිරීම සඳහා 2010 සිට 2017 දක්වා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *