Breaking News
Home / Uncategorized / මහා බ්‍රිතාන්‍යට යුරෝපා සංගමයෙන් ඉවත්විමට නොහැකි ජාත්‍යන්තර දේශපාලන ගැටළු රෑසක්! International political issues in the UK can not be resolved by the European Union!

මහා බ්‍රිතාන්‍යට යුරෝපා සංගමයෙන් ඉවත්විමට නොහැකි ජාත්‍යන්තර දේශපාලන ගැටළු රෑසක්! International political issues in the UK can not be resolved by the European Union!

 Untitled-1

යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා බ්‍රිතාන්‍යයට මැයි 22 දින දක්වා කල් ලබාදීමට යුරෝපා සංගමය එකඟත්වය පළ කිරීමට ඉඩ තිබෙන බව යුරෝපා කවුන්සිලයේ කෙටුම්පතක දැක්වේ.

එම කෙටුම්පතට අනුව යුරෝපා කවුන්සිලය එසේ කල් ලබාදීමට ඉඩ තිබෙන්නේ අගමැතිනි තෙරේසා මේ ඉදිරිපත් කළ බ්‍රෙක්සිට් යෝජනාවට වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුව අනුමැතිය පළ කරන්නේ නම් පමණය.

කෙසේ වුවත් යුරෝපා මැතිවරණවලින් ඔබ්බට ඒ සඳහා කාලය ලබාදිය නොහැකි බව ද එහි දැක්වේ.

දැනට ප්‍රකාශයට පත් වී තිබෙන්නේ කෙටුම්පත පමණක් බව පවසන මාධ්‍ය වාර්තා

අගමැතිනි තෙරේසා මේ බ්‍රසල්ස් නුවර බලා පිටත්වූයේ බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් ඉවත්වීමේ දිනය ජුනි 30 දක්වා ඉදිරියට දමා ගැනීම සඳහා ඉල්ලීමක් කිරීමේ අරමුණ ඇතිවය.

එම ගමන පිටත් වීමට පෙර ඇය ලන්ඩන් නුවර ඩවුනිං ස්ට්‍රීට්හි පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ සිට ජනතාව ඇමතුවාය

බ්‍රෙක්සිට් ගිවිසුම ප්‍රමාද වීම සම්බන්ධයෙන් සෘජුව ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට චෝදනා කරමින් එහිදී ඇය කියා සිටියේ තමන් ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවය.

“අභ්‍යන්තර ගැටුම් සහ දේශපාලනික උපක්‍රම නිසා ජනතාව වෙහෙසට පත් වෙලා ඉන්නේ, මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැන තීරණයක් ගන්න කාලය ඇවිත්.” ඇය පැවසුවාය.

බ්‍රෙක්සිට් ගිවිසුම දෙවරක් ම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පරාජය වීමත්, ගිවිසුමක් නොමැතිව යුරෝපා සංගමයෙන් ඉවත් වීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි නොවීමත් නිසා, යුරෝපා කවුන්සිලයෙන් කල් ඉල්ලා සිටීමට තෙරේසා මේට සිදු විය.

ඇය පැවසුවේ, බ්‍රෙක්සිට් ගිවිසුමේ ප්‍රමාදය “පෞද්ගලිකව විශාල කනගාටුවට කරුණක්” බවය. කෙසේ වෙතත්, ජූනි 30 වන දාට පසු තවදුරටත් කල් ඉල්ලා සිටීමට තමන් සූදානම් නැතැයි ඇය අවධාරණය කළාය.

පසුගිය දින කිහිපය තුළ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ බ්‍රෙක්සිට් සම්බන්ධ ඡන්ද විමසීම් මාලාවක් සිදු කෙරිණි.

මීට සතියකට පමණ පෙර තෙරේසා මේ සඳහන් කළේ, බ්‍රෙක්සිට් ගිවිසුම පමා කරනවා ද, තවත් ජනමතවිචාරණයකට යනවාද එසේ නැතහොත් “බ්‍රෙක්සිට් ගිවිසුම හැර වෙනත් ගිවිසුමක් අනුව යුරෝපා සංගමයෙන් ඉවත් වනවා ද” යන්න පිළිබඳව මන්ත්‍රීවරුන් තීරණයක් ගත යුතු බවය.

එක්සත් රාජධානිය මුහුණ දෙමින් සිටින තෝරා ගැනීම් “අපේක්ෂා නොකළ” බව ඇය පැවසීය. කෙසේ වෙතත්, සිය ගිවිසුම ප්‍රතික්ෂේප වීමත් සමග “මේ තෝරා ගැනීම්වලට මුහුණ දීමට සිදුව ඇතැයි” තෙරේසා මේ සඳහන් කළාය.

බ්‍රෙක්සිට් යනු කුමක්ද?

බ්‍රිටිෂ් එක්සිට් (British exit) යන්න කෙටි කර බ්‍රෙක්සිට් (Brexit) යන වචනය යොදාගනු ලබන්නේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමේ තීන්දුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහාය.

යුරෝපා සංගමය යනු රටවල් විසි අටකින් සැදුම්ලත් දේශපාලනික සහ ආර්ථික එකමුතුවකි.

ඒ හරහා සාමාජික රටවල් අතර වෙළඳාම් මෙන්ම පුරවැසියන්ට ඒ ඒ රටවල් අතර පහසුවෙන් ගමන් කිරීමට සහ රැකියා කිරීමට අවස්ථාව හිමි වේ.

එවක යුරෝපා ආර්ථික ප්‍රජාව (European Economic Community)යනුවෙන් හඳුන්වන ලද යුරෝපා සංගමයට බ්‍රිතාන්‍ය එක් වූයේ 1973 වසරේදීය.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වන්නේ ඇයි?

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබඳ ජනමත විචාරණය 2016 වසරේ ජුනි 23 වෙනිදා පැවැත්විණි. එහිදී බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුද? නොඑසේ නම් යුරෝපා සංගමයේ තවදුරටත් රැඳී සිටිය යුතුද? යන්න ඡන්දදායකයන්ගෙන් විමසනු ලැබීය.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බව පවසමින් 52% ක් (මිලියන 17.4) ඡන්දය ප්‍රකාශ කර තිබු අතර යුරෝපා සංගමයේ තවදුරටත් රැඳී සිටිය යුතු බව පවසමින් ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය 48% (මිලියන 16.1) කි.

බ්‍රිතාන්‍ය වාසීන්ගේ මතය ප්‍රකාශයට පත් වූ නමුත් එය ඒ මොහොතේදීම ක්‍රියාත්මක නොවිණි. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් නිල වශයෙන් ඉවත්වීමට නියමිතව තිබුණේ 2019 මාර්තු 29 වෙනිදාය.

මේ දක්වා ගමන

2016 ජනමත විචාරණය ආරම්භය පමණි. එතැන් පටන් එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමයේ සාමාජික රටවල් අතර සාකච්ඡා පැවැත්විණි.

ප්‍රධාන වශයෙන් සාකච්ඡා පැවැත්වුනේ “දික්කසාද ගිවිසුම” සම්බන්ධයෙනි.

එක්සත් රාජධානිය ඉවත් වන්නේ කෙසේද?, ඒ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත් පසුව කුමක් සිදු වේද? යන්න එහිදී සාකච්ඡාවට ගැනිණි.

ගිවිසුමේ ඇති කරුණු මොනවාද?

ඉවත්වීමේ ගිවිසුමේ ප්‍රධාන කරුණු කීපයක් පහත දැක්වේ.

01, සාමාජිකත්වයෙන් ඉවත් වීම සඳහා එක්සත් රාජධානිය යුරෝපා සංගමය වෙත කොපමණ මුදලක් ගෙවිය යුතුද? – එය ස්ටර්ලින් පවුම් බිලියන 39 ආසන්න මුදලකි.

02, යුරෝපා සංගමයේ සෙසු සාමාජික රටවල වෙසෙන එක්සත් රාජධානියේ පුරවැසියන්ට කුමක් සිදුවේද? එසේම එක්සත් රාජධානිය තුළ වෙසෙන යුරෝපා සංගමයේ සෙසු සාමාජික රටවල පුරවැසියන්ට කුමක් සිදුවේද?

03, යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍යය අතර උතුරු අයර්ලන්තය සහ අයර්ලන්ත ජනරජය අතර භෞතික දේශ සීමාවක් ස්ථාපනය කිරීමෙන් වැළකී සිටිය හැක්කේ කෙසේද?

04, සංක්‍රාන්ති කාලය වශයෙන් හඳුන්වනු ලබන කාල සීමාව තුළ එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය අතර වෙළඳ ගිවිසුම් සැකසීම සඳහාත් ව්‍යාපාරවලට අනාගතය සඳහා හැඩගැසීමට අවශ්‍ය කාලය ලබා දීමටත් එකඟ විය.

05, දීර්ඝ කාලීනව එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය අතර සබඳතා දළ වශයෙන් දැක්වෙන තවත් ලියවිල්ලක් සකසනු ලැබිණි. එම දේශපාලන ප්‍රකාශනය තුළ අනාගත සාකච්ඡා සඳහා වන ඉලක්ක ඇතුළත් වේ.

ඉවත්වීමේ ගිවිසුම සහ දේශපාලන ප්‍රකාශනය සඳහා යුරෝපා සංගමයේ සෙසු සාමාජික රටවල් විසි හතේ නායකයන් අත්සන් තබා ඇත. අග්‍රාමාත්‍යවරිය තෙරේසා මේ, ඒ සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගත යුතුය.

විශේෂිත කරුණු:-
එක්සත් රාජධානියට අන්තර්ගත අන්තර් ස්වාධීන පාළනයක් සහිත ස්කොට්ලන්තය සහ අයර්ලන්තය මේ වන විටත් යුරෝපා සංගමයෙන් ඉවත්යාමට දෑඩි විරෝධය පා සිටින බෑවින් යම් හෙයකින් වෙල්සය සහ එංගලන්තය එකී තීරණයට අපක්ෂපාතිව යුරෝපා සංගමයෙන් ඉවත්යාමට වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුව තුල සම්මුතියකට පෑමිණියහොත් ස්කොට්ලන්තය සහ අයර්ලන්තය ඔවුන් වෙනවෙනම යුරෝපා සංගමයේ සාමජිකත්වය සදහා යොමුවන බව එකී පළත්වල පාළත් ආණ්ඩු මේවන විට ප්‍රකාශකර සිටී.

එකි දේශපාලන අසම්මත වාදය එක්සත් රාජධානිය තුල සිව් අධිරාජ්‍ය බිද වැටිමේ මුළික අඩිතාලමක් ලෙස ජගත් දේශපාලන විශ්ලේෂකයින් විසින් මහ බ්‍රිතාන්‍ය සංකල්පයට අනතුරු අගවා ඇතිබව අන්තර්ජාතික මාධ්‍ය පෙන්වාදෙයි.

මූලාශ්‍ර අන්තර්ජාලයෙනි.

.

About SirilakaNews

Check Also

SKIIL

මානව මුතුන්මිත්තන් පිළිබද පවතින මතවාදය අභියෝගයට ලක්වන මිනිස් හිස් කබළක් ඉතියෝපියාවෙන් හමුවෙයි! Ethiopia meets human skull to challenge existing ideology of human ancestors.

වසර මිලියන 3.8ක් ඉපැරණි වානර ලක්ෂණ සහිත ආදි කාලීන මානව හිස් කබලක් ඉතියෝපියාවෙන් සොයා ගැනීමට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *