Breaking News
Home / පුවත් / මන්නරමේ ඇට සැකිළි පෘතුගීසි සමයට අයත්වුවක්! Manna bones belong to Portuguese period.

මන්නරමේ ඇට සැකිළි පෘතුගීසි සමයට අයත්වුවක්! Manna bones belong to Portuguese period.

_105925830_manna-5

මන්නාරම සමුහ මිනීවළේ අස්ථි කොටස් හා සම්බන්ධ කාබන් පරීක්ෂණ වාර්තාව  2019 මාර්තු 07 අධිකරණය විසින් මහජන ලියවිල්ලක් ලෙස ප්‍රසිද්ධ කරනු ලැබුවේය.

අදාළ කාබන් පරීක්ෂණය කරනු ලැබුවේ ෆ්ලෝරිඩා කාබන් පරීක්ෂණ රසායනාගාරය (Beta Analytic Radiocarbon Dating Laboratory) මගිනි.

ලැබී ඇත්තේ විද්‍යාත්මක දත්ත සහිත වාර්තාවක් වන අතර මෙහි සරළ පැහැදිලි කිරීමක් සහිත වාර්තාවක් ඉදිරිපත්කරන ලෙස ද අදාළ සමාගමට දැනුම් දී තිබේ.

මෙම දත්ත පිරික්සීමේදී පරීක්ෂණයට ලක් කළ අස්ථි කොටස් පෘතුගීසි සමයට අයත් විය හැකි බවට අනුමාන කළ හැකි යැයි මහාචාර්ය රාජ් සෝමදේව  පැවසීය.

විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි සමින්ද රාජපක්ෂ පැවසුවේ අදාළ කාබන් පරීක්ෂණ දත්ත පිළිබද සරළ වාර්තාව තමන් වෙත හා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ලිඛිතව යොමු කරන ලෙසට ෆ්ලෝරිඩා රසායනාගාරය දැනුවත්කර ඇති බවය.

මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැණිම් කටයුතු සිදුකරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සමින්ද රාජපක්ෂ, අදාළ කාබන් පරීක්ෂණ වාර්තාව නිල වශයෙන් අධිකරණයට ලැබී ඇති බව බදාදා (මාර්තු 06) හෙළි කළේය.

සමූහ මිනිවළ තුළින් ලබාගත් මිනිස් සිරුරු හයක අස්ථි කොටස් කාබන් පරීක්ෂණය සඳහා ජනවාරි 23වනදා අදාළ සමාගම වෙත භාරදෙන ලදි.

වාර්තාවේ පවතින කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සරල පැහැදිලි කිරීමක් සහිත වාර්තාව ලැබීමෙන් අනතුරුව සිදුකරන ලෙසට අධිකරණය මගින් උපදෙස් ලැබී ඇති බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි සමින්ද රාජපක්ෂ පැවසුවේය.

මන්නාරම සමූහ මිනිවළේ

දත්ත වාර්තා අනුව අදාළ සාම්පල ප්‍රස්තාරවල කාලය ක්‍රි. ව. 1450-1650 අතර සීමාවක පෙන්නුම් කරන බවට අනාවරණය වන නමුත් කාලසීමාව නිශ්චිතව ප්‍රකාශ කිරීම ඒ තුළින් සිදු කළ නොහැකි බව විශේෂඥ මතයයි.

සමූහ මිනීවළ ආශ්‍රිතව සිදු කෙරෙමින් පවතින පරීක්ෂණ දින 155ක් තිස්සේ තවමත් පැවැත්වෙමින් තිබේ. මේ වනවිට එතුළින් මිනිස් සිරුරු 325 කට අයත් අස්ථි කොටස් ‍මතුකර ගැනීමට හැකිවි ඇත.

ඉන් සිරුරු 318 කට අයත් අස්ථි කොටස් මේ වන විට ගොඩගෙන ඇති අතර ඒ අතර ළමුන් 29දෙනෙකුට අයත් අස්ථි කොටස්ද පවතින බව කැණීම් කටයුතු සිදුකරන විශේෂඥ කණ්ඩායම පැවසීය.

මන්නාරම නව මහේස්ත්‍රාත් ටී සරවනරාජාගේ නියෝග යටතේ පුරාවිද්‍යාව පිළිබඳ විශේෂඥ මහාචාර්ය රාජ් සෝමදේව, විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්‍ර රාජපක්ෂ මහතා, මන්නාරම පොලීසියේ නිළධාරීන්, මන්නාරම අධිකරණ නිළධාරීන් සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිළධාරීන්ගේ සහයෝගය යටතේ අදාළ ස්ථානයේ පරීක්ෂණ සිදුකෙරේ.

About SirilakaNews

Check Also

mbhgchcggj

හිටපු අමාත්‍යවරු 19 දෙනකුට ඔවුන්ගේ ධුර කාලය සඳහා ලබා දී තිබූ නිල නිවාස මෙතෙක් ලබා දී නෑ! 19 former ministers have not yet been given official quarters for their tenure

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් කීප වරක් දැනුම් දුන්නද හිටපු අමාත්‍යවරු 19 දෙනකුට ඔවුන්ගේ ධුර කාලය සඳහා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *