Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති / Will be removed from the British European Union on March 19 යුරෝපා සංගමයෙන් මාර්තු 19 දා බ්‍රිතාන්‍ය ඉවත්කරයි?

Will be removed from the British European Union on March 19 යුරෝපා සංගමයෙන් මාර්තු 19 දා බ්‍රිතාන්‍ය ඉවත්කරයි?

Untitled-1

බ්‍රිතාන්‍ය පුරවැසියන්ගේ ජනමතයට අනුව එරට යුරෝපා සංගමයේ සාමජිකත්වයෙන් ඉවත්යාම සදහා බ්‍රසල්ස් යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන ලද ඉල්ලීම ඉවත් කරගන්නේද නැද්ද යන්න පිළිබද බ්‍රිතාන්‍ය විසින් නැවත දැණුම් දිමක් නොකර ඇති හෙයින් ලබන මාර්තු මස 19 වෙනිදායින් පසු සිය සංගමයෙන් බ්‍රිතාන්‍ය සාමාජිකත්වය ඉවත්වනු ඇතැයි යුරෝපා සංගමය පවසයි.

හිටපු අගමැති ඩෙවිඩ් කැමරන් මහතා විසින් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්ව නොයායුතු යැයි වු තම මතය සනාථ කර ගැනීම සදහා එරට ජනතාවගේ මතය විමසිමක් කල අතර එහිදි බ්‍රිතාන්‍යයන්ගේ මතය වුයේ බ්‍රිතාන්‍ය තව දුරටත් යුරෝපා සංගමය හා එක්ව කටයුතු නොකල යුතු බවය.
ඒ අනුව ඩෙවිඩ් කැමරන් අගමැතිවරයා සිය මතයට විරුද්ධ වු ජනතා මතයට ඉඩ දෙමින් අගමැති ධුරයෙන්ද ඉල්ලා අස්වු අතර

ඔහුගෙන් පසු අගමැති තනතුරට පත් වත්මන් අගමතිනී තෙරේසා මෛ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වයායුතු යැයි යන මතයේ සිට ක්‍රියාකල අතර මැතදි ඇය විසින් පාර්ලිමේන්තුවට ගෙන ආ යුරෝපා සංගමයෙන් ඉවත්විමේ යෝජනාවට එරට පාර්ලිමේන්තුවේ බහුතරයක් විරුද්ධව ජන්දය දීම හරහා අගමැතිනී තෙරේසා මෛටද බරපතල දේශපාලන ගැටළු රෑසකට මුහුණදිමට සිදුවී   ඇතැයි ද ගාඩියන් පුවත්පත පවසයි.

ඒ අනුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව රජය විසින් ගෙන එනු ලබන පනතක් පාර්ලිමේන්තුවේ ප්‍රතික්ෂේප වුවහොත් එරට ආණ්ඩුවේ නායිකයාවු අගමතිවරයා ඉල්ලා අස්විය යුතු අතර

අගමැතිනී තෙරේසාගේ ආණ්ඩුව ගෙන ආ යුරෝපා සංගමයෙන් ඉවත්වයාමේ පනත පාර්ලිමේන්තුවේ පරාජය වුවත් ඊට සමගාමිව විරුද්ධ පක්ෂය ගෙන ආ විශ්වාස භංගය ඇය විශිෂ්ඨ ලෙස ජයග්‍රාහණය කිරිමත් සමග ඇය සිය තනතුරින් නික්ම යාමේ අවශ්‍යතාවයක් එරට පාර්ලිමේන්තුවේ ස්මතු නොවිය.

යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත්වයාමේ වු ඉල්ලීමට සාපේක්ෂව රට අභ්‍යන්තරයේ ඔවුන් කිනම් දේශපාලන ක්‍රියාමාර්ගවල නිරත වුවද 2019 මාර්තු 19 වැනිදා බ්‍රිතාන්‍ය සිය සංගමයේ සාමජිකත්වයෙන් ඉවත්යාමට කල ඉල්ලීම මේ වන විට යුරෝපා සංගමය පිළිගෙන ඇති බැවින් එදින සිට තවදුරටත් බ්‍රිතාන්‍ය තම සංගමයේ සමාජිකයෙක් නොවන බව බ්‍රසල්ස් යුරෝපා සංගමයේ මුලස්ථානය ප්‍රකාශ කර ඇතිබව The Guardian වාර්තා උපුටා දක්වන අන්තර්ජාල පුවත් සේවා වාර්තා කරයි.

මේ අතර ඉකුත් දා ඩුබායි හිදි පැවැති ලෝක රාජ්‍ය නායක සමුළුවට එක්වු යුරෝපීය සංගමයේ නායකයින් බ්‍රිතාන්‍යයේ මේ අනුණ ක්‍රියාව හෙලා දැක ඇති අතර බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විම හරහා යුරොපා රටවලින් එරටට ආණයනය කරණු ලබන සියළුම ආහාර ද්‍රව්‍ය භාණ්ඩ වැනි සියළුදේට ඔවුන්ට අති විශාල බද්ධක් ගෙවිමට සිදුවන බව ඔවුහු එහිදි පෙන්වා දි තිබේ.

ඊට අමතරව එම රාජ්‍ය නායක සමුළුවට සහභාගි වු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාඩ් මහත්මිය බ්‍රිතාන්‍ය යුරොපා සංගමයෙන් ඉවත්වයාම තුල අනාගතයේදි එරටට ආර්ථික ගැටළු සහ ආගමන විගමන ගටළු රෑසකට මුහුණදිමට සිදුවනු ඇතැයි අනතුරු අගවා ඇත.

About SirilakaNews

Check Also

NAVE

ගල්ෆ් කලාපීය මුහුදේදී ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකකට එල්ල කළ ප්‍රහාරයට සෞදි අරාබිය,ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට චෝදනා කරයි. Saudi Arabia and the United States accuse Iran of assault on two oil ships at Gulf Coast.

ඕමාන් ගල්ෆ් කලාපීය මුහුදේදී ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකකට පසුගිය දා එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් සෞදි ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *