Breaking News
Home / කලා / සැණකෙළිය චිත‍්‍රපටයේදී විජය කුමාරතුංගට ගාමිණී ෆොන්සේකා ඇත්තටම ගැහැව්වා; ඇලෙක්ස් කිව්ව සිංහල සිනමාවේ අතීත කතා! Gamini Fonseka really got fired at Vijaya Kumarathunga in ‘Sanekeliya’ movie; Alex talk the history of sinhala cinema

සැණකෙළිය චිත‍්‍රපටයේදී විජය කුමාරතුංගට ගාමිණී ෆොන්සේකා ඇත්තටම ගැහැව්වා; ඇලෙක්ස් කිව්ව සිංහල සිනමාවේ අතීත කතා! Gamini Fonseka really got fired at Vijaya Kumarathunga in ‘Sanekeliya’ movie; Alex talk the history of sinhala cinema

යසපාලිතට ඕනෑ වුණා මාව හීරෝ කරන්නUntitled-1

alex

60-70 දශකවල සිංහල සිනමාව පෙරළිකාර සටන්කාමී චරිතාංග ඇතුළත් චිත‍්‍රපට සියයකට අධික ප‍්‍රමාණයක රඟපාමින් තම අනන්‍යතාවය ප්‍රේක්‍ෂක හදවත් තුළ තැන්පත් කළ නළු රජු ලෙස ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු හඳුන්වා දිය හැකිය. රුහුණු කුමාරි” හාරලක්‍ෂය” සරදියෙල්ගේ පුතා” රජගෙදර පරවියෝ” රක්තා” සූරයන්ගෙත් සූරයා” තුෂාරා ඊට හොඳ සාක්‍ෂිය. මේ ඔහු සමග කළ කතාබහක පෙළගැස්මකි.

මල්ලවපොර ශූරයා සිනමාවට ආවේ කොහොමද?

සිනමාවට එන්න මගේ අදහසක් තිබුණේ නැහැ. මගේ එකම ආසාව තිබුණේ හොඳ ක‍්‍රීඩකයෙක් වෙන්නයි. මම ලංකාවේ මල්ලවපොර ශූරයෙක්. ඒ වගේම 1962 දී පොදුරාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා උළෙලට සහභාගිවෙන්න අවස්ථාව උදාවුණා. ඒ කාලේ ලෙනින් මොරායස් මගේ හොඳ මිත‍්‍රයෙක්. මට ඔහුගෙන් 1963 දී ආරාධනාවක් ලැබුණා වෙන ස්වර්ගයක් කුමටද? චිත‍්‍රපටයේ හෙන්රි ජයසේන සමග සටන් ජවනිකාවක් කරන්න. අන්තිමේ රූගත කිරීම් කළා. සෝමසේකර තමයි මේ චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණය කළේ. අන්තිමේ ඔවුන්ගේ ප‍්‍රශ්නයක් ඇතිවෙලා ඒ සටන් ජවනිකා දර්ශනය ඔවුන් චිත‍්‍රපටයෙන් ඉවත් කළා. මම සිනමාවට සම්බන්ධවුණේ 1963 දී.

alex2

මම ඒ කාලේ තිඹිරිගස්යායේ කාමරයක නැවතිලා හිටියා. ඒ කාලේ රොබින් එතැනට එනවා. එතකොට මම ඔලිම්පික් යන්නත් නිර්දේශවෙලයි හිටියේ. කකුලේ ආබාධයක් ඇවිත් අන්තිමේ ඒ ගමන යන්න බැරිවුණා. 1966 දී ආසියානු ක‍්‍රීඩා උළෙලට පවා සහභාගි වුණා. මම ඒකාලේ කොළඹ නගරසභාවේ ක‍්‍රීඩා උපදේශකවරයෙක් විදිහටත් කටයුතු කළා. ඩබ්ලිව් එස්. තම්පෝ ගේ තාත්තා ගේ චිත‍්‍රපටයක් වන රුහුණු කුමාරි චිත‍්‍රපටයට කතා කරලා තියෙනවා. අන්තිමේ ඔහු මේ චිත‍්‍රපටය එනවාද? කියලා. මම බැහැ කිව්වා. අන්තිමේ ලෙනින් කිව්වා චිත‍්‍රපටය භාරගත්තා.

ගම්පහ මල්වත්තේ තමයි මමයි” නීටා ප‍්‍රනාන්දු සහ රොබින් ප‍්‍රනාන්දුගේ රූගත කිරීම් තිබුණේ. රුහුණු කුමාරි චිත‍්‍රපටයේ රොබින් ප‍්‍රනාන්දු සමග තමයි සටන් ජවනිකාව කළේ. රුහුණු කුමාරි චිත‍්‍රපටයෙන් පසුව චිත‍්‍රපට මට ගලාගෙන ආවා.

මාතරආච්චි චිත‍්‍රපටය ලැබුණ විදිහ කියමු නේද?

බන්දු මුණසිංහ මගේ හොඳ මිත‍්‍රයෙක්. දවසක් ඔහු මට කිව්වා ඇලා මට පොඩි උදව්වක් කරන්න ඕනෑ කියලා. සතිස්චන්ද්‍ර එදිරිසිංහ උඹෙන් උදව්වක් ඉල්ලනවා. මම ඇහැව්වා මොකක්ද කියලා. එයා ගේ මාතරආච්චි චිත‍්‍රපටයේ සටන් ජවනිකාව ජෝ මයිකල් බාගෙට කරලා තියෙන්නේ. ඒ සටන් ජවනිකා සාර්ථක නැති හින්දා උඹ මේ වැඬේ කරලාදීපං කියලා මට කිව්වා. අන්තිමේ මම ඒ වැඬේ භාරගත්තා. දැන් සටන් ජවනිකා අවසන් වෙලා අපි හවස පුංචි සාදයක් දැම්මා. එතැනදී සතිස් මට කතා කරලා කිව්වා ඇලා මම ඔයා ගේ සටන් අධ්‍යක්‍ෂණය බලාගෙන හිටියා. ඇයි ඔයාව කවුරුත් හරියට අධ්‍යක්‍ෂණය නොකළේ. මම ඔයාව කොහොම හරි ඉදිරියට ගේනවා කියලා මට පොරොන්දු වුණා. ඔහු ඒ දවස්වල රජගෙදර පරවියෝ චිත‍්‍රපටය කරනවා. එහිදී මට අවස්ථාවක් ලබාදුන්නා. ඔය අතරේ ඔහු තවත් චිත‍්‍රපට කරනවා.

alex3

ශ‍්‍රී මධාරා චිත‍්‍රපටය දැකලා යසපාලිතට ඕනෑ වුණා ඔබව වෙනස් මගකට යොමු කරන්න?

ශ‍්‍රී මධාරා චිත‍්‍රපටය දැකලා යසපාලිත නානායක්කාරටත් ඕනෑවෙලා තිබුණා මාව හීරෝ කරන්න. මොකද තුෂාරා බලනකොට ගොඩක් දෙනෙක් විජයට වැඩිය මාව අගය කළා. විජයගේ මුහුණ ලස්සනයි. නමුත් සාමාන්‍යයෙන් කඩවසම් පෙනුම තිබුණේ මට. එයා කළේ සහයට ඩැනී චිත‍්‍රපටය. ඒකෙත් මම හීරෝ. ඒකේ මගේ පෙම්වතිය සෝනියා දිසා. ශ‍්‍රී මධාරා මුලින් කළත් ඒක විලීස් වෙන්න ප‍්‍රමාදවුණා නිසා මම හීරෝ විදිහට මිනිස්සු දැක්කේ ඉස්සෙල්ලාම සහයට ඩැනී චිත‍්‍රපටයෙන්. ඊට පස්සේ යසපාලිත ගේ ඇගේ ආදර කතාව චිත‍්‍රපටයට මාව ගත්තා. ඒකෙත් හිටියේ මමයි සෝනියා දිසායි.

සැණකෙළිය ගැනක් කතා නොකරම බැහැනේ ?

සැණකෙළිය චිත‍්‍රපටයේ දී විජය කුමාරතුංගට ඇත්තටම ගාමිණී ෆොන්සේකා ගැහැව්වා. මම ඒ චිත‍්‍රපටයේ සටන් අධ්‍යක්‍ෂවරයා. මාලනී ෆොන්සේකාත් ඔය සිද්ධිය වෙන වෙලාවේ ළඟ හිටියා. ඇය මට කිව්වා ඇලෙක්ස් ඕක නවත්වන්න කියලා. පස්සේ විජය මා ළගට ඇවිත් කිව්වා දැන් මම ඌට ගහනවා කියලා පරුෂ වචනයෙන් බැන්නා. අන්තිමේ දෙන්නව සමතයකට පත්කරලා එක්කගෙන ගියා. මට ඔය සිද්ධිය ගැන පුංචි අසතුටක් තිබුණා.

ඔබත් එක්ක කතා කරනකොට සරදියෙල්ගේ පුතාගේ චරිතය මග හරින්නේ කොහොමද?

නීල්ගේ තාත්තා එහෙමත් මාව හොඳට අඳුරනවා. නීල්ගෙ චිත‍්‍රපටිත් හොඳට දිව්වා. ඒවයි සිංදු” ෆයිට් එහෙම බලන්න තමයි මිනිස්සු ආවේ ඔය අතරේ සරදියෙල්ගෙ චරිතය චිත‍්‍රපටයකට කරන්න ගොඩක්දෙනෙක් උත්සාහ කළා. ඔසී අබේගුණසේකරගෙ තාත්තා මේක එක සැරයක් කරන්න හැදුවා. ඒ වෙලාවේ සරසවිය පත්තරේ එක එක සතිවල ජනප‍්‍රිය නළුවන්ගේ පින්තූර මුල් පිටුවල පළවුණා.

එක සතියක විජය කුමාරතුංග” අනෙක් සතියේ රවීන්ද්‍ර රන්දෙණිය” ඊටත් පස්සේ ගාමිණී වගේ ප‍්‍රධාන නළුවන්ගේ පින්තූර පළවුණා. හැමෝම වගේ උත්සාහ කරන්නේ සරදියෙල් ගේ චරිතය ගන්න. ටයිටස් අයියත් කරන්න හැදුවා. ඒත් ඒවා මගදී අතඇරුණා. දවසක් නීල් රූපසිංහ” ඇන්ටන් ග්‍රෙගරි” කීරගලආරච්චි කියන කට්ටිය හැන්දෑවක සෙට්වෙලා ඉන්න අතරේ මේ සරදියෙල් මාතෘකාව ඇදිලා ආවා.

එතැනදී යෝජනා වුණා අලූත්ම වැඩක් විදිහට සරදියෙල්ගෙ පුතා කියලා චිත‍්‍රපටයක් කරමු කියලා. ඒ ගැන ආගියුමන්ට්ස් එහෙමත් ආවා. කීරගලආරච්චිට මේ කතාව ලියන වැඬේ පැවරුවා. දැන් මේකෙ ප‍්‍රධාන චරිතය කරන්නේ කවුද කියලා කතාවෙද්දී මගේ නම යෝජනා වුණා ඒකෙ මට ප‍්‍රධාන චරිතය ආපු එකට ඒ කාලේ වීරයා ගේ චරිතය කරපු ප‍්‍රධාන නළුවෝ මට යටින් ඇටෑක් කෙරුවා.

ඒ වගේ වැඩ එදා ඉඳලා තිබුණා. එකේ ප‍්‍රධාන නිළිය විදිහට තෝරාගත්තේ මාලනී ෆොන්සේකා. ටෝනි රණසිංහ” ඇන්තනී සී. පෙරේරා එහෙමත් රඟපෑවා. දුෂ්ටයා විදිහට හැමදාම ෆයිට් කර කර ඉන්නකොට තමයි මේකෙ වීරයා ගේ චරිතය කරන්න හම්බවුණේ. ඒ චිත‍්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තැබුවා.

alex4

හාරලක්‍ෂය චිත‍්‍රපටය දෙසට හැරුණොත්?

ඔය කාලේ වෙනකොට ජෝ අබේවික‍්‍රම මගේ මිත‍්‍රයා. ජෝ අයියා තමයි ටයිටස් තොටවත්තට කියලා තියෙන්නේ ටයි” හොඳ කොල්ලෙක් ඉන්නවා” හාර ලක්‍ෂය ෆිල්ම් එකේ ෆයිට්වලට ගන්න පුළුවන් කියලා. මම ගත්තෙ රොබින් ප‍්‍රනාන්දු එක්ක ෆයිට් සීන් එකට. මම සීන් එක කරන හැටි බලාගෙන ඉඳපු ටයි අයියා මගේ ඇක්ටින්වලට සතුටු වුණා. පස්සේ ටයි අයියා කිව්වා මල්ලි ෆයිට් එකට විතරක් නෙවෙයි” ඔයාට හොඳ චරිතයක් දෙන්නම් කියලා. මට ඒකේ ප‍්‍රධානම චරිතයක් දුන්නා. ඒකෙන් තමයි මට ෆීල්ඞ් එකේ හොඳ තැනක් ලැබුණේ. ඒ ෆිල්ම් එකේ මගේ වැඩ ගැන ගොඩක් අය කතා කළා. එතැන ඉඳලා තමයි මාව චිත‍්‍රපටිවලට අවශ්‍යම නළුවෙක් වුණේ. පස්සේ සරසවි පත්තරේ හොඳම නළුවාට කූපන් යවන වැඩසටහනේදී මට හොඳට කූපන් එවලා තිබුණා. මම ඉතිං කියලාදීලා ගුටිකන එකානේ. මම ඒ කාලේ නළුවන් දහදෙනා අතුරින් හත්වැනි තැන හිටියා.

සටන් කරද්දී අනතුරු වුණ අවස්ථා එහෙමත් ඇතිනේ ?

රක්තා චිත‍්‍රපටයේ රෙක්ස් කොඩිප්පිලි එක්ක සටන් ජවනිකාවක් කරනවා. රෙක්ස්ට මාව උස්සලා බිමට දාන්න තිබුණේ. එයා ඒක හරියට සමබරව කළේ නැහැ. අන්තිමේ මගේ අත කැඩුණා. තවම ඒ අමාරු තියෙනවා. ඒත් එක්කම තවත් චිත‍්‍රපටයක් කරන්න ගිිහිං කකුල කැඩුණා. චිත‍්‍රපටය නම් මතක නැහැ. කොච්චර වැදුණත් මට ගාණන් නැහැ. මොකද අපි ව්‍යායාම් කරලා හොඳ ෆිට් එකේ හිටියේ.

සිනමාවේදී වැඩිපුර පෙම් කළ නිළිය?

මම ගොඩක් රගපෑවේ සෝනියා දිසා එක්කනේ. ඒ කාලේ ගොඩක් දෙනෙක් කතා වුණානේ අපි අතර ආදර සම්බන්ධයක් පවා තියෙනවා කියලා. චිත‍්‍රපටවල චරිතවලට එයා මාව සහතික කරනවා. මාත් එයාව සහතික කරනවා.

දිනේෂ් විතාන සැකසු අන්තර්ජාලයේදි හමුවු සාකච්ජාවක් ඇසුරෙනි.

About SirilakaNews

Check Also

181025-Kidnap-1

පැහැරගැනිම – සිංහල සිනමාවට නව නිර්මාණයක්! KIDNAP New creation for Sinhala cinema!

වරුණ මේ මොහොතේ සිටින්නේ විදෙස්ගතවය. දිනෙක තම රාජකාරි නිමවා නවාතැනේ සිටින ඔහුට නොසිතූ කෙනෙකුගෙන් දුරකතන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *