Breaking News
Home / Uncategorized / ප්‍රධාන පක්ෂ අභ්‍යන්තරයේ ජනාධිපති අපේක්ෂක ගැටුම් උග්‍රවේ! In the main parties Presidential candidate Conflicts intensified

ප්‍රධාන පක්ෂ අභ්‍යන්තරයේ ජනාධිපති අපේක්ෂක ගැටුම් උග්‍රවේ! In the main parties Presidential candidate Conflicts intensified

NEXT PRASIDANT

ඉදිරි වසරේදි පැවැත්විමට නියමිත ජනාධිපතිවරණය සදහා සිරිලක ප්‍රධාන දේශපාලන පක්ෂ රෑසකින් අපේක්ෂකයින් කිප දෙනෙකු ඉදිරිපත් වීමට නියමිත අතර මේවන විටත් ප්‍රධාන පෙළේ පුද්ගලයින් රෑසකගේ නම් මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් තිබේයි.

එහෙත් රටේ කිසිම පක්ෂයක් හෝ සංවිධානයක් විසින් මේ වනතෙක් නිළ වශයෙන් තම පක්ෂයේ සංවිධානයේ අපේක්ෂකයා කවුරුන්ද යන්න මෙතෙක් රටට හෙළි කොට නොමැත.

එක්සත් ජාතික පක්ෂය මේවරද පොදු සන්ධනයක් යටතේ තම අපේක්ෂකයා නම් කල යුතු බව ප්‍රකාශ කෙරෙන අතර එම පක්ෂ අභ්‍යන්තරයේද කොටස් කීපයක් විසින් විවිධ මත හෙළි දැක්විම නිසා එජපය හා සම්බන්ධ වෙනත් පක්ෂ පොදු අපේක්ෂක මතය ඉදිරියට ගෙන යමින් චම්පික රණවක මහතා ඊට සුදුසුම අපේක්ෂකයා ලෙස හුවා දක්වන්නප පටන්ගෙන ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.

එහෙත් පොදු අපේක්ෂක මතයෙන් බැහැරව සිටින එක්සත් ජාතික පක්ෂ නවක සහ තරුණ මංත්‍රිවරු සංවිධායකවරු රෑසක් මෙවර ජනාධිපතිවරණය සදහා එජාපයෙන්ම අපේක්ෂකයෙකු ඉදිරිපත්කල යුතු යැයි තරයේ ප්‍රකාශකිරිම සහ ඊට සජිත් ප්‍රේමදාස මහතා නම්කිරිමත් සමග රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රනිල් වාදීන් අතර සහ පොදු අපේක්ෂකයා කණ්ඩායම් අතර  අභ්‍යන්තර ගැටුම් ඇවිළි ඇතැයි තතු පලවෙයි.

ඒ හා සමානව එක්සත් ජාතික පෙරමුණ නමින් වු සන්ධානය යටතේ නයකත්ව මණ්ඩළයක් පිහිටුවා ඉන් සුදුස්සෙකු තොරාගැනීම වඩාත් යෝග්‍ය බව රජිත සේනාරත්න මනෝ ගනේෂන් වැනි දේශපාලන නායකයින්ද අදහස්පල කොට තිබේ.

මේ අතර  මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේ තම පාර්ෂවයේ නිසැක අපේක්ෂකයාවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි

ව්‍යවස්ථා සංශෝධනයක් හරහා අග්‍රාමත්‍යවරයාට බළය පැවැරෙන්නේ නම් මහින්ද රාජපක්ෂ මහතාගේ සහයද ඊට හිමිවන බව ශ්‍රී ලනීප පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වදෙයි.

ශ්‍රීලනිප ප්‍රබළයින් කීප දෙනෙකු පොදු ජන පෙරමුණ හා එක්ව පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත්කල යුතු බව තරයේ ප්‍රකාශකර සිටින අතර ඉන් වැඩි පිරිසක් ගෝථාභය රාජපක්ෂ මහතා ඊට සුදුස්සා ලෙස හදුන්වයි.

කෙසේ නමුත් පොදුජන පෙරමුණ තුලද ජනාධිපති අපේක්ෂකයා පිළිබද මෙතෙක් ස්ථාවර නිගමනයක් නොමැති අතර 19 වන ව්‍යවස්ථා ප්‍රකාරව මහින්ද රාජපක්ෂ මහතාට යළි ජනාධිපති අපේක්ෂකත්වය හිමි නොවන්නේ නම් එම පක්ෂයේ වැඩි පිරිසකගේ මතය පවතින්නේ ඊට සුදුසුම පුද්ගලයා ගෝඨාභය රජපක්ෂ මහතා බව පක්ෂ ආරංචි මාර්ග පෙන්වාදෙයි.

මේ අතර පිරිසක් බැසිල් රාජපක්ෂ මහතාගේ නමද යෝජනා කිරිම විශේෂත්වයක් වන අතර බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට දිවයින පුරා ප්‍රාදේශීය සභා බළ ප්‍රදේශ මට්ටමින් පොදුජන පෙරමුණේ සංවිධන කටයුතු සංවිධානය කරමින් සිටි.

 සමස්ථ බෞද්ධ භික්ෂු සමාජය තුල ඉහළ මට්ටමේ භික්ෂුන් වහන්සේලා ගෝඨාභය රජපක්ෂ මහතාට එකහෙලා සිය පක්ෂපාතිත්වය දක්වා සිටිම හරහා රටේ සිංහල ජන්ද පදනම මේවන විටත් ගෝඨාභය රජපක්ෂ මහතා දිනාගෙන ඇතිබව දේශපාලන දහාරවතුල පිළිගැනිම වන හෙයින් සුළු ජාතින්ගේ ජන්ද ආකර්ෂණය කර ගැනිමට පොදු ජන පෙරමුණේ සංවිධානාතමක වැඩපිළිවෙලක් මේ දිනවල උතුරු නැගෙනහිර පලාත්වල ක්‍රියාත්මක කරමින් සිටින බව එම පක්ෂය හා නුදුරේදි උතුරු නායකත්වයට පත්විමට නියමිත ප්‍රබළ ද්‍රවිඩ දේශපාලන පක්ෂයක නායකයෙකු ප්‍රසිද්ධ විද්‍යුත් මාධ්‍ය සාකච්ජාවකට එක් වෙමින් කියා සිටී.

ජනතා විමුක්ති පෙරමුණ මෙතෙක් ඉගියකින් හෝ 2020 ජනාධිපතිවරණයේදි තම දායකත්වය ප්‍රකාශ කොට නොමැති අතර එම පක්ෂයේ මේ වන විට උද්ගතව ඇති පක්ෂ අභ්‍යන්තර මතවාද පක්ෂය යලිත් දෙකට වන තත්වයක් දක්වා වර්ධනය වීමට ආසන්න බව පෙන්වා දෙන ආරංචි මාර්ග අනුර කුමාර දිසානායක සහ විජිත හේරත්ගේ එක්සත් ජාතික පක්ෂ සහයෝගීතව දැඩි විවේචනයට ලක්වෙමින් පවතින බව අවධාරණය කරයි.

මෙම විරෝධතාවයට කේ.ඩි ලාල් කාන්ත සහ සමන්ත විද්‍යාරත්න ටිල්වින් සිල්වා මුල්වී සිටින බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වාදෙයි.

 

 

About SirilakaNews

Check Also

මුස්ලිම නායකයින් පොදුවේ තම තනතුරු වලින් ඉවත්වයාම! The Muslim leaders in general abandon their positions.

ඉකුත් අප්‍රේල් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයත් සමග මෙරට ඉහළ පෙළේ මුස්ලිම් නායක්යින්ට විවිධ ආකාරයෙන් එල්ල ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *