Breaking News
Home / දේශපාලන / ජනාධිපතිවරයාගේ නොසන්සුන්තාවය රටට අහිතකරයි! ජනතා විමුක්ති පෙරමුණ The President’s unrest is not good for the country,JVP

ජනාධිපතිවරයාගේ නොසන්සුන්තාවය රටට අහිතකරයි! ජනතා විමුක්ති පෙරමුණ The President’s unrest is not good for the country,JVP

lal-kantha-2

රට අභ්‍යන්තරයේ පවතින ව‍ය්‍යාකුල අස්ථාවර දේශපාලන තත්වය ඇති කිරිම සම්බන්ධයෙන් ස්වයං පාපොච්චාරණයක් සිදු කොට මෛත්‍රිපාල සිරිසේන මහතා වහා ජනාධිපති ධුරයෙන් ඉවත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එසේ නොවුණහොත් ඔහුව පාර්ලිමේන්තුවට ගෙන එනු ලබන දෝෂාභියෝගයකින් අපකිර්තිමත් ලෙස නෙරපා හැරිමට සිදුවන බව ජවිපේ දේශපාළන මණ්ඩළ සභික කේ.ඩි ලාල් කාන්ත මහතා මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් කියා සිටී.

අත්තොනෝමතික ලෙස පාර්ලිමේන්තුව විසිරුවා හැරිම නිසා මෙරට ආර්ථික සමජීය සහ අනාගතය මත සිදුවු ඉරිතැලිම ඉතාම භයානක ලෙස මෙරට හෙට දවසට අනතුරු අගවමින් සිටින බව පෙන්වා දෙන ලාල් කාන්ත මහතා ඒ හරහ රටේ කොටස් වෙළදපළ,ආයෝජන,විදෙස් ආධාර සහමුලින්ම ඇනහිටි ඇතිබව අවධාරණය කරයි.

රටක නායකයෙක් හැගිම වලට වහල්වී ක්ෂණිකව තම සිතට එන ද්වේෂයන්ට අනුව ක්‍රියා කල යුතු දැයි තමා මේරට උගත් බුද්ධිමත් ජනතාවගෙන ප්‍රශ්නකරන බව පැවසු ලාල් කාන්ත මහතා එවැනි ක්‍රියාවක හේතුවෙන් දේශපාළන භේදයෙන් තොරව අද රටට අත්වි ඇති තත්වය නිර්මාණය වු බව ඒ මහතා පවසයි.

ජනාධිපතිවරයාගේ හැසිරිම නිරන්තරයෙන්ම නොසන්සුන් බවද හෙතෙම පෙන්වාදෙයි.

රටේ නායකයා මානසික ඒකාග්‍රතවයකින් ඉවසිමෙන් මෙන්ම දුර දක්නා නුවණින් යුතුව ක්‍රියාත්මක විය යුතු වුවත් මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් රටේ ජනතාව මෙතෙක් ඒ කිසිවක් නොදුටු බව පවසන ඔහු රට වෙනුවෙන් පාර්ලිමේන්තුව වහාම ජනාධිපතිවරයා ගැන තිරණයක් ගත යුතු බව අවධාරණය කරමින් ඒ පිළිබද ජනතා විමුක්ති පෙරමුණ මුලිකත්වය ගැනීමට සුදානම් බවද පැවසීය.

About SirilakaNews

Check Also

7dff099a65b026895942a872c251a542_XL-1200x550

දේශපාලනය තුළ විවිධ මතිමතාන්තර පැවැතීම ස්වාභාවිකය. එහෙත් ඒවා කෝන්තර බවට පත් කරගත යුතු නැත. It is natural that politics are different. But they do not have to be scandalous

දේශපාලනය තුළ විවිධ මතිමතාන්තර පැවැතීම ස්වාභාවිකය. එහෙත් ඒවා කෝන්තර බවට පත් කරගත යුතු නැත. තම ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *