Breaking News
Home / දේශපාලන / ව්‍යවස්ථා සභාව හරහා පලවන අදහස්! Comments made through the Constitutional Council.

ව්‍යවස්ථා සභාව හරහා පලවන අදහස්! Comments made through the Constitutional Council.

 Outside-lead-1-Constitutional-Council-first-meeting

 මේ රජය බළයට පත්විමෙන් පසු පත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩළයට තවමත් ව්‍යවස්ථාව කෙටුම්පත්කර ගැනීමට නොහැකිවිම මත නව ආණ්ඩුක්‍රමයක් ගැන බලාපොරොත්තු තැබිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මංත්‍රි අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩළයෙදි පවසා තිබේ.

අගමැතිවරයා විසින් මේ සදහා දැක්වු ඇල්මැරුණු සොභාවය මීට ප්‍රධාන හේතුව බවද එහිදි අවධාරණය කර සිටි දිසානායක මහතා තව දුරටත් ඒ සදහා කාලයගත කිරිම හෝ මහජන මුදල් යෙදවිම අනාර්ථයක් බවද පෙන්වාදි තිබේ.

මෙරටට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බවට ව්‍යවස්ථාදායක සභාව තීරණය කළහොත් එම කටයුතු ඉදිරියට ගෙන යෑමටත්, ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවට ව්‍යවස්ථාදායක සභාව තීරණය කළහොත් එම කටයුත්ත නවතා දැමීමටත් පියවර ගන්නා බව මේ සම්බන්ධයෙන් රජයේ මතය වී ඇතැයි අමාත්‍යවරයෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටි.

ජාතින් වශයෙන රටේ ජනතාව බෙදා වෙන් කරන කිසිම ව්‍යවස්ථාවකට තම සහයෝගය ලබා නොදෙන බව විවිධ භික්ෂු සංවිධාන සහ සිවිල් සංවිධාන දැනටමත් අනතුරු අගවා ඇතැයි මාධ්‍ය මගින් අනාවරණයවිමත් සමග අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තම ස්ථාවරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩළය වෙත පවරා දෙමින් නව ව්‍යවස්ථාව සම්පාදනය කිරිමේ සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමේ පුර්ණ බළය ඔවුන් වෙත ලබාදී ඇති බවද වාර්තාවිය.

මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශකොට ඇත්තේ ජාතීන් වශයෙන  භූමීය වශයෙන් නොබෙදෙන එකිනෙකගේ සංස්කෘතීන්වලට ගරු කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට තම සම්පුර්ණ සහයෝගය හිමිවන බවයි.

About SirilakaNews

Check Also

7dff099a65b026895942a872c251a542_XL-1200x550

දේශපාලනය තුළ විවිධ මතිමතාන්තර පැවැතීම ස්වාභාවිකය. එහෙත් ඒවා කෝන්තර බවට පත් කරගත යුතු නැත. It is natural that politics are different. But they do not have to be scandalous

දේශපාලනය තුළ විවිධ මතිමතාන්තර පැවැතීම ස්වාභාවිකය. එහෙත් ඒවා කෝන්තර බවට පත් කරගත යුතු නැත. තම ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *