Breaking News
Home / ප්‍රධාන පුවත් / රජයේ වක්‍ර සහයෝගය මත රාජ්‍ය නොවන සංවිධාන නඩ මාධ්‍ය ආයථන වටලති! With the government indirect support NGOs surround the media institutions

රජයේ වක්‍ර සහයෝගය මත රාජ්‍ය නොවන සංවිධාන නඩ මාධ්‍ය ආයථන වටලති! With the government indirect support NGOs surround the media institutions

Untitled-3

විදේශ මුල්‍ය ආධාර පදනමින් වක්‍ර රාජ්‍ය අනුග්‍රාහය යටතේ රට අභ්‍යන්තරයේ පිහිටුවාගෙන ඇති රාජ්‍ය නොවන සංවිධාන කීපයක් මේ දිනවල මාධ්‍ය ආයථනවලට බලහත් කාරයෙන් ඇතුළුවී එම ආයථනවල කටයුතු අඩපන කිරිමේ ව්‍යාමයක නිරතව සිටින බව වාර්තා වෙයි.

මෙම මාධ්‍ය මර්ධනයට ලක්වී ඇති ආයථන රාශියක් පවතින රජයේ රටට ජනතාවට අහිතකර තින්දු තීරණ දැඩි දෝෂ දර්ශණයට ලක්කරමින් රට ජනතාව දැණුවත් කිරිමේ මාධ්‍ය මෙහෙවරක නිරත්වීම හේතුවෙන් මෙම තත්වයට මුහුණදී ඇති බව සිරිලක දේශපාල ආරංචි මාර්ග සදහන් කරයි.

ප්‍රධාන කොට ඉදිරියේදි රජය විසින් නිර්මාණය කිරිමට යොජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ඇතිවිමට නියමිත පෙඩරල් පාළන ක්‍රමයට අනුග්‍රාහය දැක්විමක් වශයෙන් බටහිර රටවල් විසින් රට අභ්‍යන්තරයේ පොකුරු පිටින් ඇතිකරමින් තිබෙන රාජ්‍ය නොවන ව්‍යුහයේ සංවිධාන රෑසක් මෙසේ මාධ්‍ය ආයථන ඉදිරියට පැමිණ ව්‍යාජ උද්ඝෝෂණ සිදුකරමින් එම ආයථනවල දෛනික කටයුතුවලට බාධා සිදුකරමින් සිටින බව ඉහත වාර්තා පෙන්වාදෙයි.

විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ විවිධ දේශපාළන සංවිධානවල ක්‍රියාකාරි සාමාජිකයින් මෙම රාජ්‍ය නොවන සංවිධානවල විධායිකයින් සහ සංවිධායිකයින් බව හෙළිවි තිබේ.

මේ පිරිස අතර විමල් කැටිපෙආරච්චි, විමුක්ති ජයසුන්දර, විදර්ශන කන්නන්ගර, ලංකා බණ්ඩාරනායක, සමනලී ෆොන්සේකා, ශ්‍රී නාත් චතුරංග, අමා විජේසේකර, ගීතිකා ධර්මසිංහ, සමාජවාදී තරුණ පෙරමුණේ ක්‍රියාකාරියකු වන එස්. ධනුෂ්ක (ධනුෂ්ක, ජවිපෙ බිමල් රත්නායක සමඟ සිටින වේදිකා කථිකයෙක්ද විය), චාන්දනී සෙනෙවිරත්න, කෞශල්‍යා ප්‍රනාන්දු සිටියහ.

‘ශ්‍රී ලංකාවේ කාන්තාවෝ, අලුත් පියාපත්, අලුත් පරපුර, මාරුතයේ හඬ, දිදුලන හදවත, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සමනල්ලු, වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය, සාධු ජනරාව, නැඟී සිටිමු ශ්‍රී ලංකා, චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංගමය, අතුරුදන් වූවන්ගේ පවුල් එකතුව, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥයන් ආදී  ලෙස ඉහත සදහාන් පුද්ගලයින් මෙකි රාජ්‍ය නොවන සංවිධාන රජයේ වක්‍ර අනුග්‍රාහය යටතේ පිහිටුවාගෙන තිබේ.

 

About SirilakaNews

Check Also

Untitled-1

මියගිය කොටි දහසකට වැඩි පිරිසක් කැනඩාවේ ටොරොන්ටෝ නුවරින් හමුවේ. Thousands of dead LTTE cadres Rediscovers in Canada

මියගිය කොටි දහසකට වැඩි පිරිසක් කැනඩාවේ ටොරොන්ටෝ  නුවර ජිවත්වන බව හෙළිවි ඇතැයි එරට  නිව් ටොරෙන්ටෝ පුවත්පත ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *