Breaking News
Home / පුවත් / නැත්ත වෙනුවට ඇත්ත JVPලේකම් ටිල්වින්ට වන්දි ගෙවයි! Falsehood Instead true JVP Secretary Tilwin brings compensation

නැත්ත වෙනුවට ඇත්ත JVPලේකම් ටිල්වින්ට වන්දි ගෙවයි! Falsehood Instead true JVP Secretary Tilwin brings compensation

1547197246-tilvin-silva-wimal-weerawansa-compensation

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ ලියකියවිලි පදනම් කරගෙන විමල් වීරවංශ විසින් ප‍්‍රකාශයට පත්කරන ලද ‘නැත්ත වෙනුවට ඇත්ත’ කෘතියට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ගොනු කළ නඩුවෙහි තීන්දුව සිකුරාදා (ජනවාරි 11) කොළඹ වාණිජ මහාධිකරණයේදී ප‍්‍රකාශයට පත් කෙරිණි.

ටිල්වින් සිල්වා විසින් එම නඩුව ගොනු කරනු ලැබුවේ, 2008 වර්ෂයේ ජූලි මස 24 වන දාය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා විත්තිකරුට නියෝග කළේ, පැමිණිලිකරු ඉල්ලා සිටි සියලු සහන ලබා දීමට අධිකරණය තීන්දු කරන බවය.

ඒ අනුව, කෘතිය සඳහා පදනම් කරගත් ලිපි ලේඛන බුද්ධිමය දේපළ පනත යටතේ පැමිණිලිකරුට අයත් බවට අධිකරණය ප්‍රකාශ කළේය.

විමල් විරවංශ බුද්ධිමය දේපළ පනත උල්ලංඝණය කර ඇති බැවින්, රුපියල් මිලියන 10 ක වන්දියක් පැමිණිලිකරු වූ ටිල්වින් සිල්වාට ගෙවන ලෙසට අධිකරණය විත්තිකරුට නියම කළේය.

කෘතිය මුද්‍රණය කර අලෙවි කිරීමෙන් උපයන ලද මුදල ගණනය කර ව්‍යවස්ථාපිත අලාභ මුදලක් ගෙවන ලෙසත්, මුද්‍රණය කර ඇති සියලු ම කෘති විනාශ කරන ලෙසත්, නඩු ගාස්තු ගෙවන ලෙසත්, විත්තිකාර විමල් වීරවංශට අධිකරණය විසින් නියෝග කළේය.

මෙම නඩුවේදී ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම්වරයා වෙනුවෙන් නීතිඥ පෝල් රත්නායක ඇතුළු නීතීඥයින් කණ්ඩායමක් පෙනී සිටියහ.

About SirilakaNews

Check Also

Untitled-1

මානව කොමිෂමට කල පැමිණිල්ල හරහා ඉන්ජිනේරු පිඨයට ගිය ශිෂ්‍යයෙකුගේ කතාව! The story of a student who went to the Faculty of Engineering through the complaint made to the Human Rights Commission.

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වවුනියාව දිස්ත‍්‍රික් කාර්යාලය මැදිහත් වී මන්නාරමේ සිසුවෙකුට විශ්ව විද්‍යාලයේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *