Breaking News
Home / ක්‍රීඩා / The cracks in the cricket game , Minister of Sports Harin Fernando says. ක්‍රිකට් ක්‍රිඩාව තුල ඉරි තැලීම්, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියයි.

The cracks in the cricket game , Minister of Sports Harin Fernando says. ක්‍රිකට් ක්‍රිඩාව තුල ඉරි තැලීම්, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියයි.

1520933126-harin-fernando-mobile-app-5

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩාවතුල ඉරිතැලීම් රෑසක් පවතින බව නව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අදහසයි.

තමන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන නිලධාරීන් හමුවූ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියයි.

ප්‍රනාන්දු මහතා විසින් අද  නිකුත් කරන ලද ට්විටර් පණිවුඩයකින් ඒ බව කියැවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පෙබරවාරි මස 9 වැනිදාට පෙර පවත්වන ලෙස අන්තර්ජාතික ක්‍රිකට් සභාව නියෝග කර තිබේ.

එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති දූෂිත තත්ත්වය අවසන් කර නිලවරණය පවත්වන බවත් එතෙක් ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කරන බවත් ක්‍රීඩා ඇමතිවරයා සිය පළමු පුවත් පත් සාකච්ඡාවේදීම පැවසීය.

“මම ලබන 26 හෝ 27 අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිලධාරීන් මුණගැසෙන්න බලාපොරොත්තු වෙනවා.

හිටපු අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතා නිලවරණය පැවැත්වීමට පෙබරවාරි 9 දක්වා කාලය ලබාගෙන තිබුණා. ක්‍රිකට් දූෂණයෙන් තොර තැනක් කරන්න තව ටික කාලයක් ලබාගන්න ඕනේ” යයිද ක්‍රීඩා ඇමතිවරයා සිය පුවත් පත් සාකච්ඡාවේදී වැඩි දුරටත් කීවේය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ විරෝධී ඒකකයේ කළමනාකරු ඇලෙක්ස් මාෂල් මහතා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර සාකච්ඡාවක් අද දහවල් ඩුබායිහිදී පවත්වා තිබේ.

ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එල්ලවී තිබෙන චෝදනාත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණවල ප්‍රගතිය ගැනත් දෙදෙනා සාකච්ඡා කර තිබේ.

“මම ඔවුන් සමග කළ සාකච්ඡා ඉතාමත් සාර්ථකයි. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරියෙක් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ඉඳන් අපිත් එක්ක කටයුතු කරාවි.

මෙතෙක් ඔවුන්ගේ පැත්තෙන් කෙරී ඇති දේවල් ගැන මට වාර්තාවක් දුන්නා” යයි ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇති ක්‍රීඩා ඇමතිවරයා ඉදිරියේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපතිවරයා හමුවීමේ බලාපොරොත්තුවෙන් සිටින බවද සටහන් කර තිබිණ.

About SirilakaNews

Check Also

5c62ba7e25d98_chandikahathurusingha

මාධ්‍ය වාර්තාවලයි අපේ කණඩායමේ ගැටළු ඇති බව පවසන්නේ,පුහුණුකරු චන්දිම හතුරුසිංහ media reports Said that our group has problems, Chandima Haturusinghe ,Coach

පසුගිය සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තිබූ බව පැවසෙන ගැටලු තිබුණේ මාධ්‍යවල මිස කණ්ඩායම තුළ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *