Breaking News
Home / ප්‍රධාන පුවත් / හමුදා කදවුරු ඉවත් නොකරන්න!උතුරේ වැසියන් කියති.Do not remove military camps! People in the North say.

හමුදා කදවුරු ඉවත් නොකරන්න!උතුරේ වැසියන් කියති.Do not remove military camps! People in the North say.

ASAS

තිරුක්කෝවිල් ප‍්‍රදේශයේ පිහිටා ඇති හමුදා කඳවුර එයින් ඉවත් නොකරන ලෙස ඉල්ලා ප‍්‍රදේශවාසීහු  ඉකුත් 25 දා විරෝධතාවක නිරත වූහ. මෙම විරෝධතාව තිරුක්කෝවිල් හමුදා කඳවුර ඉදිරිපිට පැවති අතර විශාල පිරිසක් මෙයට සහභාගි වී සිටියහ.

මෙම හමුදා කඳවුර ඉවත් කිරීමෙන් මත්ද්‍රව්‍ය උවදුර වැඩි වීමටත් හා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගෙන් තර්ජන ඇති වීමටත් ඉඩ ඇති බව උද්ඝෝෂකයෝ කියා සිටියහ.

එමෙන්ම හදිසි ආපදා තත්ත්වයන්හිදී හමුදාව විසින් ප්‍රදේශයේ ජනතාව මුදාගෙන ඇති බවත් හමුදාව ප්‍රදේශයෙන් ඉවත් කළහොත් තමන්ට ආරක්‌ෂාවක්‌ නොමැති බවත් දන්aවා කෝමාරි 242 බලඇණියේ බ්‍රිගේඩියර් එච්. ජී. ඩී. රණසිංහ මහතා වෙත විරෝධතාකරුවන් විසින් සංදේශයක්‌ ද භාරදී ඇත.

මෙම හමුදා කඳවුර ඉවත් කර එහි ක්‍රීඩා පිට්‌ටනියක්‌ ඉදිකිරීමට දිගාමඩුල්ල දිස්‌ත්‍රික්‌ ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. කෝඩීස්‌වරන් මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කර තිබිණි.

ඒ අනුව දෙසැම්බර්  26 වැනිදා එම කඳවුර ඉවත් කිරීමට කටයුතු යොදා තිබිණි.

මෙවන් තත්ත්වයක ප්‍රදේශවාසීන් පැවැත්වූ විරෝධතාවය හේතුවෙන් එහි පැමිණි තිරුක්‌කෝවිල් පොලිසිය ඔවුන්ගෙන් මෙම කඳවුර ඉවත් නොකරන ලෙස පවසන ලිපියක්‌ ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියහ.

About SirilakaNews

Check Also

image_b978232bec

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර ගැටළු හරහා හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් එන ලකුණු ! Emergency parliamentary elections are a result of the problems between the President and the government.

ජනාධිපතිවරයා සමග තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යාමට නොහැකි දේශපාලන නෛතික තත්වයක් උදාවි පවතින හෙයින් නියමිත කාලයට පෙර කඩිනම් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *