Breaking News
Home / Uncategorized / ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර ගැටළු හරහා හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් එන ලකුණු ! Emergency parliamentary elections are a result of the problems between the President and the government.

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර ගැටළු හරහා හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් එන ලකුණු ! Emergency parliamentary elections are a result of the problems between the President and the government.

image_b978232bec

ජනාධිපතිවරයා සමග තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යාමට නොහැකි දේශපාලන නෛතික තත්වයක් උදාවි පවතින හෙයින් නියමිත කාලයට පෙර කඩිනම් මහ මැතිවරණයකට යෑම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට එ.ජා.ප. රජයේ ජ්‍යෙෂ්ඨයන් තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  පවතින දේශපාලන වතාවරණය පිළිබද එජාප ජේෂ්ඨයින් රෑසක් සමග කීප විටකදිම  සාකච්ජා කර ඇති අතර පවතින රජයේ සියළුම ව්‍යප්ති සහ දේශපාලන වැඩසටහන්වලට ජනාධිපතිවරයා සෘජුවම අත පෙවිම මෙන්ම ඒවාට ගටළු ඇතිකිරිම මීට හේතුව ලෙස ඔහු එහිදී එජාප ජේෂ්ඨයන්ට පෙන්වා දී ඇතිබවද වාර්තා වෙයි.

අමාත්‍ය තනතුරු නොළද මංත්‍රීවරුන්ගෙන් තමාට එල්ලවන චෝදනා සහ ඔවුන්ට ඇමතිකම් ලබාදිමට ජනාධිපතිවරයාගෙන් ඇතිවි ඇති බලපැම් හරහා ඉක්මන් මැතිවරණයකට යාම සුදුසුම පියවර ලෙස රනිල් වික්‍රමසිංහමහතාගේ අදහස වී ඇත.

වික්‍රමසිංහ  මහතා මේ ගැන මෙයට පෙර වාර ගණනාවක්ම අදහස් දක්වා තිබිණි. පසුගියදා පැවති ගෝල්ෆේස් රැලියේදීත් ඔහු සඳහන් කළේ මහ මැතිවරණ පැවැත්විය යුතු කාලය ගැන සෑම පක්ෂයකම මතය විමසා ඉක්මන් තීන්දුවක් ගන්නා බවය.

මෙම කරුණු ගැන අදහස් දක්වා ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතාද කඩිනම් මහ මැතිවරණයක අවශ්‍යතාව පෙන්වා දී තිබේ.

පවත්නා ව්‍යවස්ථාව අනුව වසර 4 ½ කට පෙර මහ ඡන්දයකට යන්නට නම් මැතිසබයේ 2/3ක මන්ත්‍රී සංඛ්‍යාවක් ඒ ගැන යෝජනා සම්මත කොට ඡන්දයක් පවත්වන ලෙස ඉල්ලා සිටිය යුතුය.

About SirilakaNews

Check Also

Untitled-3

රජයේ වක්‍ර සහයෝගය මත රාජ්‍ය නොවන සංවිධාන නඩ මාධ්‍ය ආයථන වටලති! With the government indirect support NGOs surround the media institutions

විදේශ මුල්‍ය ආධාර පදනමින් වක්‍ර රාජ්‍ය අනුග්‍රාහය යටතේ රට අභ්‍යන්තරයේ පිහිටුවාගෙන ඇති රාජ්‍ය නොවන සංවිධාන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *