Breaking News
Home / පුවත් / මානව කොමිෂමට කල පැමිණිල්ල හරහා ඉන්ජිනේරු පිඨයට ගිය ශිෂ්‍යයෙකුගේ කතාව! The story of a student who went to the Faculty of Engineering through the complaint made to the Human Rights Commission.

මානව කොමිෂමට කල පැමිණිල්ල හරහා ඉන්ජිනේරු පිඨයට ගිය ශිෂ්‍යයෙකුගේ කතාව! The story of a student who went to the Faculty of Engineering through the complaint made to the Human Rights Commission.

Untitled-1

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වවුනියාව දිස්ත‍්‍රික් කාර්යාලය මැදිහත් වී මන්නාරමේ සිසුවෙකුට විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් වීම සඳහා අවස්ථාව උදා කොට දී තිබේ.

මේ ශිෂ්‍යයා අපොස උසස් පෙළ විභාගය ඉතා ඉහළින් සමත්ව ඇතත් ඔහු ඔන්ලයින් ක‍්‍රමය ඔස්සේ ඔහුගේ අයදුම්පත විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම වෙත යවන ලද අවස්ථාවේදී අගය පිළිබදව ප‍්‍රමාද දෝෂයක් සිදුව තිබේ.

මේ නිසා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙන් ඔහුට විශ්ව විද්‍යාල උපාධියක් හැදෑරීම සඳහා ඉංජිනේරු පාඨමාලාව වෙනුවට වෙනත් පාඨමාලාවක් ලබා දී තිබේ. ඒ සම්බන්ධයෙන් මන්නාරමේ ශිෂ්‍යයා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කරන ලද නමුත් ඊට ප‍්‍රතිචාර ලැබීමට කාලයක් ගත වන නිසා ඔහු ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වවුනියාව ප‍්‍රාදේශීය කාර්යාලයට තමන්ට සිදු වූ අසාධාරණය පිළිබදව පැමිණිලි කොට තිබේ.

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප‍්‍රාදේශීය නිලධාරී රෝහිත ප‍්‍රියදර්ශන මහතා ඇතුළු කාර්ය මණ්ඩලය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් සමග කළ සාකච්ඡුා වල ප‍්‍රතිපලයක් වශයෙන් අසාධාරණයට ලක්ව සිටි මන්නාරමේ ශිෂ්‍යයාට ඉංජිනේරු පීඨයට ඇතුළත් වීම සඳහා අවස්ථාව හිමිව ඇත.

මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙන් ලද අවසර ලිපිය රැුගෙන යාම සඳහා අදාල සිසුවා මන්නාරමේ සිට වවුනියාවේ මානව හිමිකම් කාර්යාලය වෙත පැමිණ සිටියේය.

About SirilakaNews

Check Also

Flag_-_Union_Flag

ශ්‍රී ලාංකික පාර්ලිමේන්තුව උතුම් ආයතනයකට ගැලපෙන්නේ නැහැ! බ්‍රිතාන්‍ය කියයි. Srilankan Parliament is not suitable for a noble institution! British says

ශ්‍රී ලාංකිකයන්  ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නින්දිත හැසිරීම නැවත වරක් දුටු බව කොළඹ බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *