Breaking News
Home / දේශපාලන / මහින්ද තරහ කරගෙන උතුරට දේශපාලන විසදුමක් ගන්න බැ ටෙලෝ මංත්‍රි ශ්‍රි කාන්ත් කියයි. Telo MP Sri Kanth says that cant get a political solution to the north withut Mahinda.

මහින්ද තරහ කරගෙන උතුරට දේශපාලන විසදුමක් ගන්න බැ ටෙලෝ මංත්‍රි ශ්‍රි කාන්ත් කියයි. Telo MP Sri Kanth says that cant get a political solution to the north withut Mahinda.

Untitled-1

පවතින දේශපාලන අර්බුදය නිසා දෙමළ ජාතික සන්ධානය හා ජවිපෙද සිටින්නේ දැඩි කලබලයෙනි. ඔවුන්ද පාර්ලිමේන්තුවේ සහ ඉන් පිට මහින්ද පාර්ශ්වයට දැඩි වාග් ප්‍රහාර එල්ල කරමින් සිටී.

තත්ත්වය එසේ තිබියදී දෙමළ ජාතික සන්ධානයද පසුගියදා හමුවී වත්මන් දේශපාලන අර්බුදය ගැන සාකච්ඡාවක් පැවැත්වූහ. මෙම හමුවේදී ටෙලෝ සංවිධානයේ සාමාජිකයන්ට තිබුණේ තරමක් වෙනස් මතයක් නිසා අවුල් සහගත තත්ත්වයක් හටගත්තේය.

ටෙලෝ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්වම් අඩෙක්කලනාදන්, විනෝනරාද සහ හිටපු මන්ත්‍රි එච්.ජී. සිවාජිලිංගම්, එන්. ශ්‍රී කාන්තා සහ කේ. කරුණාකරන් එක්ව සිටියහ.

හැමදාම අපිව දකුණේ නායකයන් රැවැට්ටුවා. ඒක තමයි දිගින් දිගටම වුණේ. අදටත් සිදුවෙමින් තියෙන්නේ ඒකම තමයි. අපිට හැමදාම රැවටෙන්න බෑ. මේ පාර එක්සත් ජාතික පෙරමුණට සහාය දෙනවා නම් ලිඛිතව කොන්දේසිවලට ගිවිසුමක් ඇති කරන්න ඕනේ.

එහෙම නැත්නම් අපි ඔවුන්ට සහාය දෙන්නෙ නෑ. ටෙලෝ නියෝජිතයෝ දීර්ඝ ලෙස අදහස් දක්වන්නට වූහ.

උතුරු නැඟෙනහිර ඉඩම් නිදහස් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, උතුරු නැඟෙනහිර යළිත් ඒකාබද්ධ කිරීම, පොලිස් බලතල ලබාදීම වැනි කරුණු එක්ක ගිවිසුමක් ඇති කරගත යුතු බව ටෙලෝ නියෝජිතයන්ගේ අදහස විය.

මේ සඳහා ලිඛිත ගිවිසුමක් ඇතිකර ගන්නේ නම් එක්කෝ ජාතික පෙරමුණට සහාය දීමට ටෙලෝ තීරණය කර අත.

අපට මේ අවස්ථාවේ එක පාරටම ලිඛිත ගිවිසුමක් ඇතිකරගන්න බැරි වෙයි. කමක් නෑ. අපි මුලින් ඒ අයට සහාය දෙමු පසුව බලමු මොකක්ද කියන්නෙ කියලා. සම්පන්දන් කීවේ අපූරු කතාවකි.

දේශපාලන විසඳුමක් අපට ගන්න එක ලේසි නෑ. ඒකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් ඕනෑ. තුනෙන් දෙකක් ගන්න නම් මහින්දගේ බලයත් ඕන වෙනවා. ඒ නිසා මහින්දව ඕනවට වඩා තරහා කරගන්න එක හොඳ නෑ. අපි එයාවත් ෂේප් එකේ තියාගන්න ඕනේ. ශ්‍රී කාන්තා කීවේය.

මේ අවස්ථාවේ සම්පන්දන් ඇතුළු සෙසු නියෝජිතයන් කිසිවක් නොකීමට වගබලා ගැනීමද විශේෂත්වයකි.

About SirilakaNews

Check Also

Untitled-1

කතානායකවරයා දේශපාලනිකයි! කෘෂිකර්ම අමාත්‍යවරයා කියයි. Speaker is political. The Minister of Agriculture says.

කථානායක ධූරය අද තරම් හැල්ලුවුණු යුගයක් ඉතිහාසයේදී දැක නොමැති බවද වත්මන් කතානයකයා සෘජුවම පක්ෂග්‍රාහි බවද පාර්ලිමේන්තුව ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *