Breaking News
Home / දේශපාලන / දේශපාලනය තුළ විවිධ මතිමතාන්තර පැවැතීම ස්වාභාවිකය. එහෙත් ඒවා කෝන්තර බවට පත් කරගත යුතු නැත. It is natural that politics are different. But they do not have to be scandalous

දේශපාලනය තුළ විවිධ මතිමතාන්තර පැවැතීම ස්වාභාවිකය. එහෙත් ඒවා කෝන්තර බවට පත් කරගත යුතු නැත. It is natural that politics are different. But they do not have to be scandalous

7dff099a65b026895942a872c251a542_XL-1200x550

දේශපාලනය තුළ විවිධ මතිමතාන්තර පැවැතීම ස්වාභාවිකය. එහෙත් ඒවා කෝන්තර බවට පත් කරගත යුතු නැත.

තම තමන්ගේ මතිමතාන්තර එකිනෙක පාර්ශ්වයේ කෝන්තර පිරිමැසීම් බවට පෙරළෙන විට අවසානයේ එයින් බැටකන්නේ රටේ ජනතාවය. හානි වෙන්නේ රටේ ආර්ථිකයටය. මොන දේශපාලනයක් කරන්නත් රටක් පැවැතිය යුතු බව සෑම දේශපාලන නායකයකු විසින්ම දැන සිටිය යුතුය.

නායකයන් පමණක් නොව ඔවුන්ගේ අනුගාමිකයන්ද ඒ ගැන හොඳින් දැනුවත් වීම අවශ්‍යය. නායකයන් අතර තිබෙන මතගැටුම් පාරට ගෙන යන්නේ අනුගාමිකයන් බැවිනි.

රටක දේශපාලන හැලහැප්පීම් සිදුවන විට මතගැටුම්, උණුසුම් වාද විවාද, එකිනෙකාට එරෙහි චෝදනා සහ විවේචන එල්ලවීම් පමණක් නොව මඩගැසීම් ද සිදුවෙයි.

එය තේරුම්ගැනීම අපහසු නැතත් දැන් මේ තත්ත්වය අපේ රටේ දේශපාලනය තුළට දැඩි ලෙස කිඳාබැස තිබෙන ආකාරයක් පෙනී යයි. මේ බව කාලයක් තිස්සේම ජනතාව දැකගනිමින් සිටිති. මතගැටුම් වෙනස් කිරීම අපහසු වුවද ඕනෑම ගැටුමක් දේශපාලනයේ සදාචාර සීමා ඉක්මවා ගෙන යාම සුදුසු නැත. ශීලාචාර නැත.

බොක්සිං ක්‍රීඩාවකදී වුවද සියලු‍ ප්‍රහාර එල්ල කළ යුතු වන්නේ වළල්ල ඇතුළේ නීති පද්ධතියකට යටත්වය. මිට මොළවා මුහුණට පහර එල්ල කළ හැකි වුවද පය ඔසොවා යටි බඩට ගැසීමට බොක්සිං වළල්ල තුළ නීතියෙන් ඉඩක් නැත.

දේශපාලනයේදී ද එළිපිට, මුහුණට විවේචන, චෝදනා එල්ල කළත් ඒවා බඩට පයින් ගහන මට්ටමට ගෙන යාමෙන් වැළකී සිටීම පරිණත දේශපාලනඥයන්ගේත් ඔවුන්ගේ අනුගාමිකයන්ගේත් වගකීමකි.

පසුගිය දිනවල අපේ රටේ සිදුවූ දේශපාලන අලකලංචියේදී දෙපාර්ශ්වය විසින්ම මහජනතාව හමුවේ මාධ්‍ය සාකච්ඡා පවත්වන විට දක්වන ලද අදහස් ඇතැම් විට සදාචාරාත්මක සීමා ඉක්මවා ගොස් තිබිණි.

ඒ බව රටේ ජනතාවටද අසන්නට සහ දකින්නට හැකියාවක් තිබිණි. ඕනෑම ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් ඇතිවීම සිදුවන්නේ රසායන විද්‍යාවේදී පමණක් නොවේ. දේශපාලන වේදිකාවේ ද එය සිදුවෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයේ පිහිටුවීමෙන් පසුව සිදුකළ කතාවේද එවැනි “ප්‍රතික්‍රියා” කිහිපයක් හඳුනාගත හැකිවිය. ජනාධිපතිවරයා ඒ බව කෙළින්ම ප්‍රකාශ කර තිබෙන බව ඔහුගේ ප්‍රකාශය කියවීමේදී තේරුම් ගැනීමට අපහසු නැත.

ජනාධිපතිවරයාගේ කතාවේදී ඔහු සඳහන් කළ කාරණා අතර පසුගිය කාලය තුළ ඇතැම් කථිකයන් තමන් ගඩාෆි වගේ ඇදගෙන ගිහින් මරනවා යනුවෙන් කළ ප්‍රකාශයක් ගැන සඳහන් කළේය.

එසේම මහගමසේකර මාවතේ පිහිටි තමන්ගේ ගේ ගිනිතබා, කුඩුකර තමා සහ දරුවන් මරාදමන බවට ඇතැම් මන්ත්‍රීවරුන් සහ ඔවුන් සමඟ මාධ්‍ය සාකච්ඡා පැවැත්වූ එන්.ජී.ඕ.කාරයන් කියූ බව ද සඳහන් කර තිබිණි.

රටේ නායකයාට එරෙහිව තබා වෙනත් නායකයකුට එරෙහිව හෝ එවැනි කතා පැවැසීම දේශපාලන සදාචාරයට ඉඳුරාම පටහැනිය.

එවැනි අශීලාචාර ප්‍රකාශ හේතුවෙන් රටේ අර්බුදය තවදුරටත් වර්ධනය වී පාලනයක් නැති තැනකට රටම පත් කිරීමට වුවද අවස්ථාවක් තිබිණි. එම ප්‍රකාශ සිදුකළ අය ද තමන් තුළ තිබෙන කෝපය පිටකර ගැනීමට එවැනි ප්‍රකාශ සිදුකළා විය හැකිය.

එහෙත් සදාචාරසම්පන්න දේශපාලනය තුළ එවැනි ප්‍රකාශවලට ඉඩක් නැත. දේශපාලන වේදිකාවේ තබා වෙනත් ස්ථානයකදී හෝ කවරකුට එරෙහිව හෝ එවැනි කතා සිදුනොකළ යුතු බව රටේ පිළිගැනීමය.

ජනාධිපතිවරයාගේ කතාවෙන් පසුව රජය වෙනුවෙන් අදහස් දැක්වූ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට හෝ ඔහුට එරෙහිව කටයුතු කිරීමට හෝ එජාපය ඇතුළු තමන්ගේ කණ්ඩායම සූදානම් නොමැති බවය.

රජයේ කටයුතු ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් සාර්ථකව පවත්වාගෙන යාම තමන්ගේ අපේක්ෂාව බව ද ප්‍රේමදාස මහතා කියා තිබිණි. එය ඇවි​ෙළන්නට ගිය ගින්නකට වතුර දැමීමක් බඳු පිළිතුරක් බව අපගේ වැටහීමය.

සැබැවින්ම රජය ක්‍රියා කළ යුතු වන්නේ ද ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් කටයුතු කරන එවන් ප්‍රතිපත්තියකට අනුගත වෙමිනි. පරිණත දේශපාලනඥයන් තීන්දු, තීරණ ගත යුත්තේ ඒ ආකාරයටය.

රට තුළ මෙතෙක් පැවැති අර්බුදයේ කම්පනය තවදුරටත් පවතින බවක් ද මේ කතා, පිළිතුරු කතාවලින් පැහැදිලි වෙයි.

රටේ ජනතාව බලා සිටින්නේ තමන්ගේ දැවෙන ප්‍රශ්නවලට සහනයක් ලැබෙන්නේ කවදාද කියාය. දෙපාර්ශ්වයම ආවේගශීලී අදහස් දැක්වීම්වලින් සහ ගැටුම් ඇතිකර ගැනීම්වලින් වැළකී කටයුතු කිරීම මේ මොහොතේ රට ඉදිරියේ තිබෙන අභියෝග ජයගැනීමට තිබෙන එකම මාර්ගය බව පෙන්වාදීමට කැමැත්තෙමු.

අන්තර්ජාලය ඇසුරෙනි!

About SirilakaNews

Check Also

Untitled-1

කතානායකවරයා දේශපාලනිකයි! කෘෂිකර්ම අමාත්‍යවරයා කියයි. Speaker is political. The Minister of Agriculture says.

කථානායක ධූරය අද තරම් හැල්ලුවුණු යුගයක් ඉතිහාසයේදී දැක නොමැති බවද වත්මන් කතානයකයා සෘජුවම පක්ෂග්‍රාහි බවද පාර්ලිමේන්තුව ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *