Breaking News
Home / පුවත් / දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය නිසා පාර්ලිමේන්තුවේ තනතුරු අහිමි වනු ඇත. Tamil National Alliance ‘s parliment members will loose their post in the parliment if dual citizen

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය නිසා පාර්ලිමේන්තුවේ තනතුරු අහිමි වනු ඇත. Tamil National Alliance ‘s parliment members will loose their post in the parliment if dual citizen

tna_b1

දෙමළ ජාතික සන්ධානයේ දැනට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ද්විත්ව පුරවැසිභාවය හිමිකර ගෙන සිටින මන්ත්‍රීවරුන් හතර දෙනෙකුට සිය බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිකම නිසා පාර්ලිමේන්තු මංත්‍රීධුරය අහිමිවිමේ අවදානමක් ඇතිවී තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මංත්‍රි එස් සුමන්තිරන් බ්‍රිතාන්‍ය පුරවැසිකම සහ ශ්‍රි ලංකා පුරවැසිකම හිමි පුද්ගලයෙකි
ඔහු දරණ පාර්ලිමේන්තු මංත්‍රි ධුරය අභියෝගයට ලක්කරමින් උතුරු ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් විසින් තව නොබෝ දිනයකදි අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරිමට නියමිත අතර ද්විතව පුරවැසිකම හිමි තවත් දමිළ සන්ධාන මංත්‍රිවරු තිදෙනෙකුගේ පාර්ලිමේන්තු මංත්‍රිධුර මෙසේ අභියෝගයකට ලක්වන බව මාධ්‍ය වාර්තා පවසයි.

ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධුරය ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව පැවති නඩු තීන්දුවකින් අහෝසි වීමත් සමගම දෙමළ ජාතික සන්ධානයේ මංත්‍රිවරුන්ගේ මංත්‍රිධුරද අහිමිවිමේ අවදානම ඇතිවු අතර ඊට  කිසිවෙකු නීතිමය ක්‍රියාමාර්ගයකට අවතිර්ණය නොවීම නිසා සහ අදාල මංත්‍රිවරු පාර්ලිමේන්තුවට ඔවුන්ගේ ද්විත්ව පුරවැසිකම හෙළිනොකිරිම මෙතෙක් ඔවුන්ගේ මංත්‍රිධුර අහිමි නොවිමට හේතුවි ඇති බව තවදුරටත් වාර්තා විය.

About SirilakaNews

Check Also

1547197246-tilvin-silva-wimal-weerawansa-compensation

නැත්ත වෙනුවට ඇත්ත JVPලේකම් ටිල්වින්ට වන්දි ගෙවයි! Falsehood Instead true JVP Secretary Tilwin brings compensation

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ ලියකියවිලි පදනම් කරගෙන විමල් වීරවංශ විසින් ප‍්‍රකාශයට පත්කරන ලද ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *