Breaking News
Home / නිදහස් පන්හිද / අෆ්‍රිකාවෙන් නික්ම ලෝකය සොයා ගිය අපේ මුතුන් මිත්තෝ! Our ancestors who searched for the world except for Africa

අෆ්‍රිකාවෙන් නික්ම ලෝකය සොයා ගිය අපේ මුතුන් මිත්තෝ! Our ancestors who searched for the world except for Africa

2941A8DA00000578-3106061-image-a-8_1433176594697 Untitled-1

ආදි මානවයන් ප්‍රථම වරට අප්‍රිකා මහාද්වීපයෙන් බැහැර වීම, විද්‍යාඥයන් කලකට පෙර නිගමනය කරගෙන සිටි තරමට, එම මානවයන්ට දුෂ්කර කාර්යයක් වී නැති බව දැන් විද්‍යාඥයන්ට දැනගත හැකිවී තිබේ.

අප්‍රිකා මහාද්වීපයෙන් බැහැරව අරාබි අර්ධද්වීපය කරා යෑමට ඔවුනට සිදුවී ඇත්තේ ජන ව්‍යාප්තියේ ප්‍රතිඵලයක් වශයෙන් බවද දැන් අනාවරණය වී ඇත.

කලක් කිසිවකු පය නොගැසූ කලාපවල පදිංචියට ආදි මානවයන් හුරු වීමට දැරූ උත්සාහයක් වශයෙන් මෙම සංක්‍රමණය සිදුවී ඇතැයි පෙර පර්යේෂණවල ප්‍රතිඵල අනුව නිගමනය වී තිබුණත් නවතම පර්යේෂණවලින් සනාථ වී ඇත්තේ ව්‍යාප්ත වීම සඳහා නව බිම් සොයා යෑමට ආදි මානවයන් තුළ ඇති වූ අවශ්‍යතාව මේ මහා පරිමාණ සංක්‍රමණයට හේතු වී ඇති බවය.

අවුරුදු පන් ලක්ෂයකට (5,00,000) ඉහත අරාබි අර්ධද්වීපයෙහි තණ බිම් හා වෘක්ෂලතාදිය බහුලව තිබීමද මීට හේතු වී ඇතැයි සැලකේ.

එපමණක් නොව කලින් අදහස් කෙරුණාට වඩා වසර ලක්ෂයකට පෙර මෙම මුල් මානව සංක්‍රමණය සිදුවී ඇතැයි දැන් නිශ්චිතවම නිගමනය වී තිබේ.

ආදි මානව මුතුන්මිත්තන් විශාල රංචු වශයෙන් අප්‍රිකා මහාද්වීපයෙන් නික්ම වර්තමාන ඊජිප්තුව හා මැද පෙරදිග ඔස්සේ අරාබි අර්ධ ද්වීපයට පැමිණ ඇති අතර ඒ කාලය වනවිට හෝමෝසේපියන් මානවයාද පූර්වජ මානවයන්ගෙන් විශේෂයෙන් කැපී පෙනෙන තත්ත්වයකට පත්ව සිටින්නට ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.

මේ තීරණාත්මක යුගය පිළිබඳ සුපැහැදිලි සාධක සපයා ගැනීම දුෂ්කර වී ඇත්තේ එම මානවයන් විසූ භූමි ප්‍රදේශවල රළු හා මුඩු ස්වභාවය නිසා යැයිද විද්‍යාඥයෝ සඳහන් කරති.

මානව ඉතිහාසය පිළිබඳ මැක්ස් ප්ලෑන්ක් විද්‍යායතනයේ පර්යේෂකයන් ටීස්-අල්-ගඩාස් නම් ප්‍රදේශයෙන් ගල් මෙවලම් හා කැපුම් සලකුණු සහිත සත්ත්ව පොසිලද සොයාගෙන ඇති අතර ආදි මානවයන් සෞදි අරාබියට පැමිණ ඇත්තේ කලින් අදහස් කෙරුණට වඩා අවුරුදු ලක්ෂයකට පෙර බව සනාථ කරන නිශ්චිත සාධක මෙයින් ලැබෙන බවද පර්යේෂකයෝ ප්‍රකාශ කරති.

මෙම පර්යේෂණවල සම සහායක, ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් විශ්ව විද්‍යාලයේ මැතිව් ස්ටිවර්ට් ප්‍රකාශ කරන පරිදි, ටිස්-අල්-ගඩා යනු අරාබි අර්ධද්වීපයේ ඉතා වැදගත් පුරා ජීවවිද්‍යාත්මක භූමි ප්‍රදේශයකි. මධ්‍ය කාලීන මහා හිම යුගයට අයත් සත්ත්ව පොසිල මෙහිදී දැනුදු හමුවෙයි.

අවුරුදු 90,000ක් පැරැණි ඇඟිලි ඇටයක් හා අවුරුදු 2,10,000ක් පැරැණි ගල් මෙවලම්ද මෙම පර්යේෂකයන් විසින් අධ්‍යයනය කරන ලද්දේය. ශාක භක්ෂක සතුන්ගේ අස්ථි කොටස්ද මෙම කලාපයේ වැව් පත්ලකින් හමුවී ඇති අතර, විද්‍යාත්මක කාල ගණනය අනුව එම අස්ථි කොටස් අවුරුදු 500,000ත් 300,000ත් අතර කාලයක් පැරැණි බව තහවුරු වී තිබේ.

කාබන් කාල නිර්ණය හා එහි උපයෝගිතාව

“කාබන් කාල නිර්ණය”  “විකිරණශීලී කාබන් කාල නිර්ණය” යනුවෙන් හෝ “කාබරන් 14 – කාල නිර්ණය  යනුවෙන් හෝ හැඳින්වෙන අතර එය යම් ද්‍රව්‍යයක ආයු කාලය නිගමනය කරනු පිණිස භාවිත වන ක්‍රමයකි. එහෙත් එය භාවිත කළ හැක්කේ ඓන්ද්‍රිය ද්‍රව්‍ය – කලක් සජීවීව තිබීම නිසා ඇති වන කාබන් අඩංගු දේ විෂයෙහි පමණකි.

අප්‍රිකා මහාද්වීපයෙන් පිටමංව අරාබි අර්ධද්වීපය හා මැද පෙරදිගට සංක්‍රමණය වූ එම ආදි කාලීන් සතුව නොයෙක් සංස්කෘතික චාරිත විධිද තිබිය හැකි බවත් ඔවුන්ගේ සංක්‍රමණයට හේතු වී ඇත්තේ කටුක පරිසරයක් සහිත බිම් පෙදෙස්වල වාසයට හුරුවීමට ඔවුන් තුළ තිබුණු කැමැත්තක් විය නොහැකි යැයි මෙම අධ්‍යයන වාර්තාවල ප්‍රධාන කර්තෘ ආචාර්ය පැටි්‍රක් රොබර්ට්ස් ප්‍රකාශ කරයි.

සමස්ථානික සාධකවලින් පැහැදිලි වන පරිදි ජන සංඛ්‍යා ව්‍යාප්තිය මීට හේතු වී ඇති බව වෙනත් ක්‍ෂීරපායි සතුන්ද අප්‍රිකාවේ සිට යුරේෂියා ප්‍රදේශවලට සංක්‍රමණය වී ඇති ආකාරයෙන් තහවුරු වෙතැයිද ඔහු ප්‍රකාශ කරයි. මේ සංක්‍රමණිකයන් අතින් නිර්මාණය වී තිබී හමුවුණු නොයෙක් දේවල ආයු කාලය ගණනය කරනු පිණිස පර්යේෂකයෝ කාබන් – 14 කාල නිර්ණ ක්‍රමයත් ඔක්සිජන් – 18 ක්‍රමයත් උපයෝගී කර ගත්හ.

මුලාශ්‍ර අන්ත්‍රජාලයෙනි

About SirilakaNews

Check Also

big-noses-on-interenet

මම ස්ත්‍රියක සමග සරණබන්ධනය වු විට! When I get married to a woman

ස්ත්‍රී ලිංග, පුරුෂ ලිංගික වෙනස කියන්නේ මේ ‍ලෝකෙ පවතින සියලු ජීවී පදාර්ථයන්ට පොදු වූ එක් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *