Breaking News
Home / නවකතාව / වසන්ත ගීතයයි ඔබ දුර ඇත ගිම්හානයේ 88

වසන්ත ගීතයයි ඔබ දුර ඇත ගිම්හානයේ 88

Untitled-1දින කීපයකට පසු සිය ව්‍යාපර ස්ථානය පැමිණි මාලිංගට තමන්ගෙන් ව්‍යාපාර කටයුතුවල බෝහෝ කළක් මග හැරී තිබු බවක් හැගෙන්නට විය.

ඔහු සිය කාර්යාලයේ වඩිවිය. මේසය මත වු ෆයිල් කවර කීපයක් උවමනාවෙන් තොරව පෙරලා බැළුවේ සිය චින්තනය තුල වු ඒකාග්‍රතාවය නොමැතිවය

.ඔහුගේ ලේකම්වරිය කීප වතාවක්ම ඔහු ඇමතුවත් ඊට ප්‍රතිචාර දැක්වීමේ වුවමනාවක් නොමැති බවක් පෙන්වමින් හෙතේම සිය අසුනීන් නැගිට්ටේය.

මේ ෆයිල් සේරම නිම්සරා මැඩම්ට බලන්න කියන්න මොනවා හරි වෙනත් ප්‍රශ්න තියෙනවා නම් මැඩම් ආවම කියන්න! මාලිංග සිය සේවිකාව දෙස නොබලාම අලස අයුරින් පවසමින් කාර්යාලයෙන් පිටවයන්නට විය.

ඔහුට සිය දියණියගෙන් මොහොතක් හෝ වෙන්වී සිටින්නට ඔහුගේ හිතට හිත් නොදුන්නේය.

මාලිංග සිය දුරකථය ගෙන සමදරාට කතාකලේය.

දියණී ඔයා ඉක්මනට ගෙදර එන්න! පුතේ මම ගෙදර ඉන්නේ! යැයි පවසමින් සිය රථයේ දොර විවර කලේය.
ඒ සැනීන් තමා ඉදිරියේ සිටින නිම්සරාත් අරවින්දත් ඔහුගේ නෙත ගැටුනේය.

**************************

 ජිවිතයේ තමන්ට තව අහිමිවිය යුත්තේ කුමක්දැයි සෙව්වන්දි තම දෙනෙත බොදවු කදුළු අතරින් සිය යහන ඉදිරියේ බිත්තියේ එල්ලා ඇති වසන්තගේ ජායාරුපය දෙස බලමින් සිතන්නට විය.

ඔහු මානසික රෝගියෙකුවීමද අයාලයේ මියයාමටද තමන් හේතුවක් වු බව හෙතෙම කල්පනා කලේය.
ඇයට ඉකිගසා හැඩුම් ආවේය. මට සමාවෙන්න වසන්ත ඇය එසේ කියමින් හිතේ දුක නිවෙන තුරු කදුළු ගංගාවක් තරමින් හඩා වැටුනේය.

ඇයට මේ සන්තාපයන්වලින් දැවෙන තම සිත සනසාගන්නට තම සිතට ලබැදි කිසිවෙකු සමග කතා කිරිමේ උවමනාවක් ඇතිවිය සෙව්වන්දි දෙසිතක් නොසිතා අරවින්දට දුරකථන ඇමතුමක් ගත්තේය.

එහෙත්… තම අස්වැසුම මානයේ වු අරවින්දගේ දුරකථනය දෙතුවතාවක් නාද වි.. එය විසංදි වු බව ඇගේ සිතට මහා බරක් ලෙස දැනුණේය.

***********************

තම සන්තකයේ තිබු මහා වස්තුවක් මාලිංග සොරාගෙන ගියා සේ ඔහුකෙරේ අනුකම්පා විරහිත සිත් තැවුලකින් කල්පනී පසුවිය
ඔහු සිය යෞවනයම දුක් කන්දකට යටකර එදා තමාට කල දේ තම දියණිය හරහා යළිත් තමාට උරුමකරමින් සිටින බව ඇයට සිත්විය
වෙනදා දවසක දෙතුන් වතාවක තමව අමතන දියණිය පසුගිය දින කීපය පුරාම ඇයව ආමන්ත්‍රණය නොකිරිම සහ ඊට මාලිංග හේතු කාරණා වන බව ඇය ක්ෂණිකව උපන් දැඩි කෝපයෙන් යුතුව කල්පනා කලාය.
දෙවතාවක් නොසිතා කල්පනී නිම්සරාගේ දරකථනය ඇමතුමක් ගත්තේය.

මැණික් ඉඩම් වෙන්දෙසියේදි තමාට අත්වු ව්‍යාපර වාසිය පිළිබද මාලිංග නිම්සරා සහ අරවින්ද සමග සතුටින් කතාකලේය. හෙතේම එම කටයුත්තේදි නීතිමය පැත්තෙන් සිය බිරිදට සහයෝගය දැක්වීම පිළිබද සිය ව්‍යාපාර නිතිඥයා වු අරවින්දට ඉතා කුළුපගව කෘතඥතව පල කලේය.

මේ කතාව අතර තුර නිම්සරාගේ දුරකථනය නාදවිය
ඇය එකි ඇමතුමට ආමන්ත්‍රණය කරන්නට වුයේ දුරකථන තිරයේ දිස්වන අමතන්නාගේ නමද නොබළමින්ය.

මේ නිම්සරා මැඩම්ද?
අමතන්නාගේ ඇමතුම් සොභාවය නුහුරු නුපුරුදු වුවද මොහොතක් නිහඩව සිටි නිම්සරා බිදුණු හඩින් ඔව්! මේ කවුද?  ඇසුවේය.
මැඩම් මම කල්පනී!
ආ……….. කියන්න කල්පනී මම නිම්සරා තමයි!
මැඩම්…..මට ටිකක් කතා කරන්න ඕනේ…කල්පනී බිදුණු හඩින් පවසමින් ඉකි බිදින්නට පටන් ගත්තේය.

කුමක් හෝ සිදුවි ඇති බව වටහගත් නිම්සරා මාලිංග සහ අරවින්ද අතරින් නික්මි ඔවුන්ගේ මානයෙන් දුරස් වන්නට වුයේ කල්පනී සමග නිදහසේ කතා කිරිමේ අරමුණින් යුතුවය.
කියන්න කල්පනී මොකද්ද ප්‍රශ්නේ නිම්සරා තුල වු කුතුහළය මිශ්‍ර මාලිංගගේ පැරණි පෙම්වතිය හා හාපුරා පෞද්ගලිකව දොඩමළුවීමේ විමතියෙන් යුතුවු හැගිමෙන් විමසන්නට විය.
කිසිවක් පවසනු වෙනුවට කල්පනී ඉකිගසමින් හඩණ බව නිම්සරාට දැණුනේය
කල්පනී කියන්න මොනව හරි ප්‍රශ්නයක්ද?
එහෙත් කිසිවක් නොපවසා හඩමින් සිටි ඇය ද්‍රකථනය විසංධි කරණු කල්පනීට දැණුනේය
සිය ද්‍රකථනයේ තිරය දෙස විමතියෙන් බලා සිටි නිම්සරා ඒය විසංධි කොට සිය අත බැගයට දමාගනිමින්ම මලිංග සිටින දෙසට යන්නට විය
අරවින්ද සමග කුමක් හෝ කතාකරමින් සිටි මාලිංග තමන් දෙසට එන නිම්සරා දෙස විමතිය මුසු කුතුහළයෙන් බලා සිටිනු නිම්සරාගේ ඇස ගැටුණේය.
කවුද නිම්සරා කොල් කලේ මාලිංග ඇයගෙන් ප්‍රශ්න කරන්නට තැන්කරනවිටම යාළුවෙක් යනුවෙන් පිළිතුරු දී මාලිංගට මුහුණලා අරවින්ද අසුන්ගෙන සිටි අසුන අසළ අසුනේ හිදගත්තේය.

****************************

නිම්සරා සමග මාලිංගගේ මේ හැසිරිම පැවසිය යුතුය යන ආකල්පනය කලද ඇයට මේ බැව් පැවැසිමෙන් තවත් ප්‍රශ්නයක් ඇතිවේදෝ යන හැගීම කල්පනීට දැනෙන්නට වුයේ නිම්සරා ඇමතිමෙන් පසුවය ක්ෂණිකව ඇතිවු සිතිවිල්ලක් නිසා ඇය නිම්සරාට කිසිත් නොකියා දුරකථනය විසංදි කළාය

මේ ප්‍රශ්නය සිය දියණිය සහ මාලිංග සමග පවසා එය විසාදාගත යුතුයයි ඇ පසුව අධිඨන් කර ගත්තාය.

මීලග කොටසට …………………..

 

 

 

About SirilakaNews

Check Also

Untitled-1

වසන්ත ගිතයයි ඔබ දුර ඈත ගිම්හානයේ – 84

  අදාල මැණික් ඉඩම සම්බන්ධ රජය සමග නඩු කීමට යාම එතරම් නුවණක්කාර ක්‍රියාවක් නොවන බව ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *