Breaking News
Home / ප්‍රධාන පුවත් / රනිල් වික්‍රමසිංහගේ දුෂණ සෙවීමට ජනාධිපති කොමිෂමක්! Presidential Commission to investigate corruption charges of Ranil Wickremesinghe

රනිල් වික්‍රමසිංහගේ දුෂණ සෙවීමට ජනාධිපති කොමිෂමක්! Presidential Commission to investigate corruption charges of Ranil Wickremesinghe

pmd-new

හිටපු අගමැති එකසත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දැරූ 2015 සිට 2018 දක්වා ඔහු විසින් සිදුකරණු ලැබු වංචා දුෂණ් සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති කොමිෂමක් පිහිටුවිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පියවරගෙන තිබේ.

ඉකුත් දා ජනාධිපති කාර්යාලයේදි ජාත්‍යන්තර මාධ්‍යවේදීන් සදහා පැවැති වත්මන් දේශපාලන තත්වය පිළිබදව සහ ඉදිරි  ක්‍රියාදාමයන් පිළිබද විදෙස් මාධ්‍ය දැණුවත් කිරිම සදහා වු  හමුවකදී ජනාධිපතිවරයා මේ පිළිබද අනාවරණය කලේය.

2015 දි රනිල් වික්‍රමසිංහ මහතා පත්වී හරියටම මාස තුනක කාළයකදි මහා බැංකුවේ මුල්‍ය අපරාධය සිදුකල බවත් ඊට ඔහු සෘජුවම මුලිකව කටයුතුකල බව විමර්ශන සහ බුද්ධි වාර්තා හරහා නිරාවර්ණය වී ඇතැයි එහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා

තමාට ජනධිපතිවරයා ලෙස ඇති බළතල ඔහු බලහත්කාරයෙන් ලබාගනිමින් මෙරට ජනතා දෙපළ රෑසක් විජාතිකයිට විකුණා දමා ඇති බවත් හම්බන්තොට වරාය චීනයට විකුණා ගත් මුදල්වලට වු දෙයක් නැතිබවත් ඉන් එහා නොනැවති ජනාධිපතිවරයා ඝාතනයට සැලසුම් කිරිමේ මුලික චුදිතයා ලෙස බුද්ධි සේවා වාර්තාවලින් ලබාගත් තොරතුරු හරහා අනාවරණය වී ඇතිබව මෛත්‍රිපාල සිරිසේන මහතා විදේස් මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

ඔහුව තනතුරින් ඉවත් කිරිම හමුවේ පවතින්නේ හුදෙක් පෞද්ගලික කොන්තරයක් නොවන බවත් රට සහ රටේ අනාගතය පිළිබද දිර්ඝ ලෙස සිතා බලා රටේ උගත් වියත් පිරිස සමග සාකච්ජා කොට ගත් තීරණයක් බවත් ජනාධිපතිවරයා ජගත් මාධ්‍ය වෙත කරුණු ගෙනහැර පාමින් පැවසු අතර

පසුගිය වසර තුනක කාළය රනිල් සමග කල ආණ්ඩුව ඉතාම දුෂිත බව කරුණු සහිතව පෙන්වාදුන් ජනාධිපතිවරයා

ජනාධිපති ලෙස පත්කර ගැනීමට  තමාව  නාමිකව පාවිච්චි කොට ඊට මුවා වි රට විනාශ කර දැමීමට සහ ඒ හරහා කිසි දවසක රටේ නායකත්වයට ජන්දයකින් පත්විය නොහැකි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමට තමාව ඉතා සුක්ෂම ලෙස සැලසුම් කොට ඝාතනය කිරිමට  පියවර ගෙන ඇති ආකාරය  ඉතා නොබෝ දිනකින් රට හමුවේ හෙළි කරන බවද ජාත්‍යන්තර මාධ්‍වේදීන් හමුවේ පවසා සිටියේය.

About SirilakaNews

Check Also

maithri-02

ජනාධිපතිවරයා මානසික රෝගියෙක් දැයි පරික්ෂා කරන ලෙස අධිකරණයට පෙත්සමක්! Petition to Court to investigate Presidents mental illness

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා නඩු කටයුත්තක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයාට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *