Breaking News
Home / පුවත් / බ්‍රිතාන්‍යයේ හමුදා සේවයට එරට නොවන පුරවැසියන්ටත් වරම්! The opportunity for foreigners to join the British Army.

බ්‍රිතාන්‍යයේ හමුදා සේවයට එරට නොවන පුරවැසියන්ටත් වරම්! The opportunity for foreigners to join the British Army.

images

gettyimages-482226713

 

බ්‍රිතාන්‍ය ආරක්ෂක හමුදාවල පවතින මානව ශක්තිය වැඩි කිරිමේ අරමුණින් එරට ආරක්ෂක අමාත්‍යංශය විසින් 2019 වසරේ සිට බ්‍රිතාන්‍ය පුරවැසියන් නොවන වෙනත් ජාතීන්ටත් සිය හමුදාවල සේවය කිරිමට අවස්ථාව උදාකර තිබේ.

මේ වන විට බ්‍රිතාන්‍ය හමුදාවල පවතින 8200 ක් තරම් වු නිළධාරීන්ගේ සහ සෙබළුන්ගේ හිගය මගහරවා ගැනීම සදහා එරට රජය මෙම තීරණය ගෙන තිබෙන බව ඩේලිග්‍රාෆ්ට් පුවත්පත නිවේදනය කරයි.

මෙතෙක් බ්‍රිතාන්‍ය හමුදා සේවය සදහා එරට පුරවැසියන්ට අමතරව බදාවාගනු ලැබුවේ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලට අයත් වසර පහක් බ්‍රිතාන්‍ය තුල පදිංචිය තාහවුරු කල අයවළුන් පමණකි.

එහෙත් එරට රජයේ නව තීරණයට අනුව පොදුරාජ්‍ය මණඩළයට අයත් රටවල පුරවැසියන්ට සෘජුවම අදාල බදවා ගැනිම් සුදුසුකම් සපුරාළිමෙන් බ්‍රිතාන්‍ය හමුදා සේවයට ඇතුළුවිය හැකි බව වාර්තා කරන ඩෙලිග්‍රාෆ් පුවත්පත අයර්ලන්ත සහ නේපාලයේ ගුර්කා වැසියන්ට මේ සදහා අයදුම කල නොහැකි බව විශේෂයෙන් සදහන් කරයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට පමණක් දකුණු ආසියා රටවලින් අවස්ථාව හිමිවී තිබීමද විශේෂත්වයකි.

දැනට බ්‍රිතාන්‍ය ගුවන් සහ නාවික හමුදාවල පවතින මානව හිගය සදහා ඉක්මන් බදවාගැනීම් සිදු කිරිමටත්

ඉන්පසු යුද හමුදා සදහා පිරිස් බදවා ගැනිමටත් කටයුතු කෙරෙනබව එරට ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කල බව ඩෙලිග්‍රාෆ්ට් පුවත් වාර්තා වැඩිදුරටත් සදහන් කර ඇත.

About SirilakaNews

Check Also

1519017862_629131_hirunews_ad

පාර්ලිමේන්තුව තුල කැමරා පටිගතවීම් බැලිමට පොලිසිය අධිකරණයෙන් අවසර ඉල්ලයි! Police seek permission from court to view camera shots in parliament

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ දී මන්ත්‍රිවරුන්ට පහර දීම හා මරණිය තර්ජනය කිරිම සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *