Breaking News
Home / කලා / පැහැරගැනිම – සිංහල සිනමාවට නව නිර්මාණයක්! KIDNAP New creation for Sinhala cinema!

පැහැරගැනිම – සිංහල සිනමාවට නව නිර්මාණයක්! KIDNAP New creation for Sinhala cinema!

181025-Kidnap-1

181025-Kidnap-2

වරුණ මේ මොහොතේ සිටින්නේ විදෙස්ගතවය. දිනෙක තම රාජකාරි නිමවා නවාතැනේ සිටින ඔහුට නොසිතූ කෙනෙකුගෙන් දුරකතන ඇමතුමක් ලැබෙයි. ඒ වරුණගේ පැරැණි පෙම්වතිය වූ නිසංසලාය. ඔහු දුරකතනයට පිළිතුරු දෙන්නේ දෙගිඩියාවෙනි.’වරුණ ඔයා ඉක්මනට ලංකාවට එන්න ඕන. මේක හදිස්සියක්.’නිසංසලා එලෙස පවසන්නීය. ඒත් සමඟම වරුණට අතීතය මතක් වන්නේය. නිසංසලා තමන් හා පෙමින් වෙළී සිටි අන්දම චිත්‍රපටයක මෙන් ඔහු ඉදිරියේ දිග හැරෙන්නේය.

නිසංසලාගේ බහට වරුණ අවනත වෙමින් තකහනියේම ලංකාවට එන්නේ කිසිත් හිතාගන්නට බැරුවය. ඔහු නිසංසලාව හමු වෙයි. ඒ හමුව නිම වන්නේ වරුණගේ හිසට දැඩි වගකීමක් නිසංසලා පවරමිනි. ඇගේ කාරය කිසියම් පුද්ගලයින් පිරිසක් පැහැරගෙන ඇත. ඒ අවස්ථාවේදී නිසංසලාගේ සිඟිති දියණිය එහි සිටියාය.

නිසංසලා වරුණගෙන් ඉල්ලා සිටින්නේ ඇයව සොයා දෙන ලෙසටය. වරුණ එසැනින් ක්‍රියාත්මක වන්නේය. එහෙත් කිසිදු වගකිව යුතු පුද්ගලයකුගෙන් ඔහුට උදවු ලැබෙන්නේ නැත. ඔවුන් මේ සිදුවීම ගැන කියන දේ පරස්පරය. අවසනදී වරුණ මෙම කාර්යයට අත තබන්නේ දැඩි අධිෂ්ඨානයකින් යුතුවය.

එය පහසු නැත. එහෙත් එය කළ යුතුව ඇත.මෙම සිනමා සිතුවම සුරංග ද අල්විස්ගේ අධ්‍යක්ෂණයකි. රජ හොරු, මයි නේම් ඉස් බන්දු, හොරා පොලිස් සුරංග ද අල්විස්ගේ අධ්‍යක්ෂණයෙන් එළි දුටු චිත්‍රපට සමූහයකි.කිඩ්නැප් සංගීතා චිත්‍රපට සහ ඉසුරු ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකි.

කිඩ්නැප් හැඩ කරන නළු නිළි පිරිවර :

අර්ජුන කමලනාත්, මහේන්ද්‍ර පෙරේරා, දුලානි අනුරාධා, බුද්ධික ජයරත්න, අමීශා කාවින්දි, ධනංජය සිරිවර්ධන, ඉසුරු ලොකු හෙට්ටිආරච්චි, රජිත හිරාන්, මාක් සැම්සන්, ශිරෝමිකා ප්‍රනාන්දු, හර්ෂණ බෙත්මගේ, කුමුදු නිශාන්ත, මානෙල් වානගුරු, රොහානි වීරසිංහ, කසුන් දොබගොල්ල, රජිත එදිරිසිංහ, ලාල් කුමාර, ඉන්දික මධුරගේ, සමන්ත මායාදුන්න, ජයරත්න ගලගෙදර, අනුර බණ්ඩාර රාජගුරු, සුගත් ජානක, උදයංග සුරේෂ්, ඉන්දික ප්‍රසන්න, චතු රාජපක්ෂ, සමන් පද්මකුමාර

About SirilakaNews

Check Also

jghgjjg

සිංහල සිනමාවේ ප්‍රතාපවත් රංගන ශිල්පි රෙක්ස් කොඩිප්පිලි! Rex Codipilly, the great actres of the Sinhala cinema

සිංහල සිනමාවේ ‘ආදරණිය  ලෙස කවුරුත් හඳුන්වන, ප්‍රේක්ෂකයාගේ නොමද ආදර ගෞරවයට පාත්‍ර වූ ඔහු අද අසූ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *