Breaking News
Home / Hotnews / පාර්ලිමේන්තුව තුල කැමරා පටිගතවීම් බැලිමට පොලිසිය අධිකරණයෙන් අවසර ඉල්ලයි! Police seek permission from court to view camera shots in parliament

පාර්ලිමේන්තුව තුල කැමරා පටිගතවීම් බැලිමට පොලිසිය අධිකරණයෙන් අවසර ඉල්ලයි! Police seek permission from court to view camera shots in parliament

sri-lanka-parliament

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ දී මන්ත්‍රිවරුන්ට පහර දීම හා මරණිය තර්ජනය කිරිම සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය වෙත ලැබි ඇති පැමිණිලිවලට අනුව පාර්ලිමේන්තුවේ කැමරා දර්ශනවලට අදාළ සාක්කි සටහන් කිරිම ආරම්භ කරමින් පුර්ණ විමර්ශනයක් පවත්වන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් පි.ඩී.පෙරේරා මහතා  වැලිකඩ පොලිසිය වෙත නියම කළේය.

වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් අධිකරණයට කරුණු වාර්තා කරමින් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දික අනුරුද්ධ ප්‍රනාන්දු මහතාට මරණිය තර්ජනය කිරිම , පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතාට පාර්ලිමේන්තු සභා ගර්භය තුළ දී පහර දිම ,පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කිරිම ඇතුළත්ව පැමිණිලි සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ප්‍රකාශ සටහන් කිරිමට අවශ්‍ය බවත් ඊට අමතරව පාර්ලිමේන්තුවේ කැමරා දර්ශන නරඹා විමර්ශන ආරම්භ කළ යුතු බැවින් කතානායකවරයාගේන් හා පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් අවසර ඉල්ලා බස්නාහිර පළාත් ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඉල්ලිමක් කර ඇති බවට අධිකරණයට දැනුම් දී තිබිණ.

විමර්ශන ආරම්භ කිරිම සදහා නිරික්ෂණ සටහන් කිරිමට පාර්ලිමේන්තු සභා ගර්භයේ කැමරා දර්ශන නරඹමින් සාක්කි සටහන් කිරිමට අවශ්‍යව ඇති බවත් අවශ්‍ය වු විට මාධ්‍ය හරහා සංස්කරණය නොකළ දර්ශන ද ලබා ගැනිමට ක්‍රියා කරන බවට පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තා කළේය.

2018/11/16 වන දින පස්වරු 1.30 ට පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කළ බවත් කතානායක පුටුවේ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රිවරයා වාඩි වි සිටි බවත් එම අසුන වට කර පාර්ලිමේන්තු මන්ත්‍රිවරු සිටි බව පවසන් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා කථානායකට බාධා කළ පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණවිර මහතා කෝප්පයක්පුරවා දියරයක් ඇස්වලට විසි කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි යන අය පොතකින් තමන්ගේ නලලට පහර දුන් බවත් පද්ම උදය ශාන්න යන අය මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කළ බවත් සාක්කි ලෙස ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ළඟ සිටි බවට පැමිණිල්ලේ සදහන්ය.

මෙම වරද ලංකා දන්ඩ නීති සංග්‍රහයේ 314,316 වගන්ති ප්‍රකාර වැරදි බවට අධිකරණයට කරුණු වාර්තා කරන පොලිසිය ඉදිරි විමර්ශන සදහා පියවර ගෙන ඇති බවට මහෙස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කළේය.

About SirilakaNews

Check Also

tna_b1

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය නිසා පාර්ලිමේන්තුවේ තනතුරු අහිමි වනු ඇත. Tamil National Alliance ‘s parliment members will loose their post in the parliment if dual citizen

දෙමළ ජාතික සන්ධානයේ දැනට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ද්විත්ව පුරවැසිභාවය හිමිකර ගෙන සිටින මන්ත්‍රීවරුන් හතර දෙනෙකුට සිය ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *