Breaking News
Home / පුවත් / ශ්‍රී ලාංකික පාර්ලිමේන්තුව උතුම් ආයතනයකට ගැලපෙන්නේ නැහැ! බ්‍රිතාන්‍ය කියයි. Srilankan Parliament is not suitable for a noble institution! British says

ශ්‍රී ලාංකික පාර්ලිමේන්තුව උතුම් ආයතනයකට ගැලපෙන්නේ නැහැ! බ්‍රිතාන්‍ය කියයි. Srilankan Parliament is not suitable for a noble institution! British says

Flag_-_Union_Flag

ශ්‍රී ලාංකිකයන්  ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නින්දිත හැසිරීම නැවත වරක් දුටු බව කොළඹ බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් මහතා සඳහන් කර ඇත.

පාර්ලිමේන්තුවේ  ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්වරයා එම කරුණු සඳහන් කර තිබේ.

බ්‍රිතාන්‍යය මහ කොමසාරිස්වරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ ද දැක්වේ.

“ශ්‍රී ලංකාව පුරා සිටින ඡන්ද දායකයන් පාර්ලිමේන්තුවට සාමාජිකයන් පත් කරනු ලැබුවේ වැදගත් රාජකාරියක් වෙනුවෙන්. එහෙත් ශ්‍රී ලාංකිකයන් අද නැවත වරක් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නින්දිත හැසිරීම දුටුවා. එය ඔවුන්ට කිසිසේත් සුදුසු නැහැ. එමෙන්ම පාර්ලිමේන්තුව උතුම් ආයතනයකට ගැලපෙන්නේ නැහැ.

පාර්ලිමේන්තුවක සාමාජිකයන් විසින්ම එහි කටයුතුවලට බාධා කරන විට කිසිදු පාර්ලිමේන්තුවකට එහි කාර්යභාරය ඉටු කරන්න බැහැ”යනුවෙනි.

මේ අතර ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපද, ජපන්, ඉන්දීය සහ ඕස්ට්‍රේලියාව යන රටවල නියෝජිතයන් සිංගප්පූරුවේදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බවත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට අනුව ප්‍රශ්න විසඳා ගැනීමට ශ්‍රී ලංකාව දිරිමත් කරන බවත් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

About SirilakaNews

Check Also

1547197246-tilvin-silva-wimal-weerawansa-compensation

නැත්ත වෙනුවට ඇත්ත JVPලේකම් ටිල්වින්ට වන්දි ගෙවයි! Falsehood Instead true JVP Secretary Tilwin brings compensation

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ ලියකියවිලි පදනම් කරගෙන විමල් වීරවංශ විසින් ප‍්‍රකාශයට පත්කරන ලද ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *